වෙන්නප්පුව, ලුනුවිල ප්‍රදේශයේදී අනතුරට ලක්වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයේ සුන්බුන් මේ වන විට එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ. මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා නිලධාරීන් ඇතුළු සාමාජිකයින් නව දෙනෙකුගෙන් සමන්විත විශේෂ පරීක්ෂණ කමිටුවක් පත් කිරීමට ද පියවර ගෙන ඇත.
දිවයින පුරා බලපැවැත්වෙන ගංවතුර සහ නායයෑම් තත්ත්වයන් හමුවේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ගිනි නිවන ඒකක සහ සහන සේවා කණ්ඩායම් එක්ව සිදුකරන පුළුල් මානුෂීය මෙහෙයුම් සඳහා ගුවන් හමුදාව ද සක්‍රීයව දායකත්වය ලබා දෙමින් සිටියේය. ලුනුවිල පාලම ආසන්නයේ සිටින පීඩාවට පත් ජනතාව වෙත ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීමේ නිරතව සිටියදී මෙම හෙලිකොප්ටර් යානය ඊයේ දිනයේදී ගිං ඔය වෙත කඩා වැටී තිබුණි.
යානය කාර්මික දෝෂයකට ලක්වූ අවස්ථාවේදී නියමුවන් විසින් එය ආරක්ෂිතව ගොඩබෑමට දැඩි පරිශ්‍රමයක් දැරුවද, එම උත්සාහය ව්‍යර්ථ වී යානය ජලයට පතනය වී ඇත.
අනතුර සිදුවූ වහාම ප්‍රදේශවාසීන් සහ සහන කණ්ඩායම් එක්ව වහා ක්‍රියාත්මක වී යානයේ සිටි නිලධාරීන් බේරාගෙන මාරවිල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් නමුත්, එහිදී 41 හැවිරිදි නියමු, විංග් කමාන්ඩර් නිර්මල් සියඹලාපිටිය මහතා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්විය.
දක්ෂ හා පළපුරුදු ගුවන් නියමුවෙකු වූ විංග් කමාන්ඩර් සියඹලාපිටිය මහතා මෑතකදී කොළඹ විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කර සිටි අයෙකි. ඉතා සංවේදී කරුණක් වන්නේ, ඔහු මෙම අනතුර සිදුවූ දිනට පසුදින පැවැත්වීමට නියමිතව තිබූ සිය උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීමට ද සූදානමින් සිටීමයි.
හෙලිකොප්ටරය ඉවත් කළ හැටි video click here


Comments
Post a Comment
Your comment will be visible after approval