දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ නිවාස සඳහා තට්ටු නිවාස ලබාදීමට රජය සූදානම් බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා ප්‍රකාශ කළේය. මෙම නිවාස ව්‍යාපෘති සඳහා අවශ්‍ය ඉඩම් මේ වනවිට දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා හඳුනාගෙන ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ආපදාවට පත් වූ ජල සම්පාදන කටයුතුවලින් 95%ක් මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බවද ඔහු කීය.නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති විද්‍යානුකූලව ඇගයීම, ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා දීම සහ තිරසාර සංවර්ධනයට ඵලදායී ලෙස උපයෝගී කර ගැනීම සඳහා ස්වේච්ඡා ඉංජිනේරු උපදේශකවරුන් පත් කිරීම ඊයේ (22) දින සිදුවිය. අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පත්වීම් ප්‍රදානය සිදු කෙරිණි. අමාත්‍යාංශය යටතේ විදෙස් ණය හා ආධාර මත ක්‍රියාත්මක වන ව්‍යාපෘති රැසක් පවතින බවද මෙහිදී අවධාරණය විය.
2026 වසර ඉතා කාර්යබහුල වසරක් වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, ඒ සඳහා රුපියල් බිලියන 500ක මුදලක් වෙන් කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. වඩා හොඳ රටක් ගොඩනැගීම වෙනුවෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.