computer-engineer-arrested-for-stabbing-a-young-man-to-death-with-an-orange-cutting-knife

 මුදල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් තැඹිලි කපන පිහියකින් පහර දී තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 54 හැවිරිදි පරිගණක ඉංජිනේරුවරයෙකු පානදුර දකුණ මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පානදුර වලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු එම ප්‍රදේශයේම පෞද්ගලික පරිගණක විශ්වවිද්‍යාලයක් පවත්වාගෙන යන අයෙකු බව පොලිසිය සඳහන් කරයි.



මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මාතර, කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි වෙළඳගොඩ හේවගේ සචිත් තමාල් නමැති තරුණයෙකි. මියගිය තරුණයා සැකකාර ඉංජිනේරුවරයා යටතේ සේවය කළ අයෙකු බවත්, ද


ෙදෙනා අතර ඇති වූ මුදල් සම්බන්ධ ගැටලුවක් මුල්කරගෙන මෙම අපරාධය සිදුව ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරුගේ නිවස ඉදිරිපිට දී මෙම ගැටුම හටගෙන ඇති අතර, එහිදී ඔහු විසින් තැඹිලි කැපීමට භාවිතා කරන පිහියකින් තරුණයාගේ පපුවට සහ උදරයට පස් වතාවක් ඇන බරපතල තුවාල සිදු කර ඔහු ඝාතනය කර තිබේ. අපරාධය සඳහා යොදාගත් පිහිය පොලිස් භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.