cemetery-landslide-bodies-exposed

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ අධික වර්ෂාවත් සමඟ ගම්පොල, දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටි ඉහළගම සොහොන් පිටිය නාය යාමෙන්, එහි වල දමා තිබූ මළ සිරුරු හා මිනී පෙට්ටි මාර්ගයට පැමිණ මාසයකට ආසන්න කාලයක් ගතවී ඇතත්, ඒවා ඉවත් කිරීමට බලධාරීන් මෙතෙක් මැදිහත්වී නොමැති බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.




මෙම ආපදා තත්ත්වය වාර්තා වූයේ පසුගිය 27 වැනිදාය.

බලධාරීන් මේ පිළිබඳව දැනට මාසයකට ආසන්න කාලයක් තිස්සේ දැනුවත් කර තිබුණද, මේ දක්වා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරීම නිසා ප්‍රදේශයේ ජනතාව දැඩි රෝ බියකින් පෙළෙති. එමෙන්ම, මාර්ගය අවහිරවීම හේතුවෙන් දුනුකේඋල්ල ප්‍රදේශයේ පවුල් දෙදහසක් පමණ කොටුවී සිටින බවද ඔවුහු පවසති.




මේ පිළිබඳව අදහස් දැක්වූ ප්‍රදේශවාසී කාන්තාවක් වන ජයන්ති කුමාරි මහත්මිය මෙසේ පැවසුවාය: "නාය යාමෙන් සොහොන් පිටියේ වල දමා තිබූ මළ සිරුරු සහිත පෙට්ටි හතරක් මතුව මාර්ගයට පැමිණ තිබෙනවා. අදට මාසයකට කිට්ටුයි. අපි උඩපළාත ප්‍රාදේශීය ලේකම්වරියට මේ ගැන දැනුම් දුන්නා. නමුත් කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නෑ. අපි දැන් අසරණ වෙලා. කුණු වී මඩ මුසුව ඇති මේ මළ සිරුරුවලින් භයානක රෝග පැතිරෙන්න පුළුවන්."

cemetery-landslide-bodies-exposed

cemetery-landslide-bodies-exposed