opposition-wins-vajira-calls-for-immediate-parliamentary-election

මෙම අවස්තාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමෙන් විපක්ෂයට බලය ලබාගැනීමට වැඩි ඉඩක් පවතින බවත් මේ නිසා රජය පෙරළිමට හැකි මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතු බවත්




හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (20) ප්‍රකාශ කළේය. ඔහුගේ ස්තාවරය වන්නේ වත්මන් තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු මැතිවරණයක් වහාම පැවැත්වීම වඩාත් සුදුසු ක්‍රියාමාර්ගය බවය.

ඔහු මේ බව සඳහන් කළේ, කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.




එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය:

"ඕනෑම ඡන්දයක් මෙම අවස්ථාවේ පැවැත්වුවහොත් ඊට නිවැරදි පිළිතුර ලැබෙනවා. එච්චරයි මට කියන්න තියෙන්නේ. දැන් වඩාත් සුදුසු හොඳම දේ තමයි පරීක්ෂා කර බැලීමට පාර්ලිමේන්තු ඡන්දයක් තියන්න කියන්න. එවිට සැබෑ ජනමතය ගණනය කරගන්න පුළුවන්."