was-it-too-late-to-open-the-spill-gates-of-the-kotmale-reservoir

 පසු­ගිය දින­වල පැවති අධික වර්ෂා තත්ත්ව­යත් සමඟ කොත්මලේ ජලා­ශය සම්බ­න්ධව රට තුළ පැන­නැ­ඟුණු විවිධ මත සම්බ­න්ධව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා නුව­ර­එ­ළිය දිස්ත්‍රික් සම්බ­න්ධී­ක­රණ කමිටු රැස්වී­මේදී අදාළ නිල­ධා­රී­න්ගෙන් කරුණු විම­සීය.



කොත්මලේ ජලා­ශය සම්බ­න්ධව පසු­ගිය දින­වල පැව­තුණු මත පිළි­බ­ඳව මෙහිදී නිල­ධා­රීන් ප්‍රකාශ කළේ, ඉති­හා­සයේ වැඩිම ජල ප්‍රමා­ණ­යක් පසු­ගිය 27 වැනිදා කොත්මලේ ජලා­ශ­යට ලැබුණු බවත්, එම නිසා කොත්මලේ වේල්ල ආරක්ෂා කර­ගැ­නීමේ අර­මු­ණින් සාම්ප්‍ර­දා­යික ක්‍රම­යට අනුව විද්‍යා­ත්මක ලෙස වාන් දොරටු විවෘත කළ බවයි.

මෙම රැස්වීම ඊයේ (08) නුව­ර­එ­ළිය දිස්ත්‍රික් ලේකම් කාර්යා­ල­යේදී පැවති අතර නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්කය ජල ගැලී­ම්ව­ලින් යට වීමට හේතුව ම


ෙහිදී ජනා­ධි­ප­ති­ව­රයා විසින් සොයා බැලීය.

ග්‍රෙගරි වැව සම්බන්ධ අධී­ක්ෂ­ණය සහ තාක්ෂ­ණික සේවා වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තු­වට පවරා ආර්ථික ක්‍රියා­කා­ර­කම් සඳහා නගර සභාව සමඟ ගිවි­සු­ම­කට එළැ­ඹෙන ලෙස ද ජනා­ධි­ප­ති­ව­රයා අදාළ නිල­ධා­රීන්ට මෙහිදී උප­දෙස් දුන්නේය.

අන­ව­සර ඉදි­කි­රීම්, ඇළ මාර්ග පටු වීම සහ ග්‍රෙගරි වැවේ සොරොව්ව විශාල නොකි­රීම එම තත්ත්ව­යන්ට හේතුවූ බව ද මෙහිදී ජනා­ධි­ප­ති­ව­රයා නිල­ධා­රීන්ට පෙන්වා දුන්නේය.

මෙම සාක­ච්ඡා­වේදී නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්කයේ වාරි­මාර්ග පද්ධ­ති­යට සිදුව ඇති හානිය සහ ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු පිළි­බ­ඳව ජනා­ධි­ප­ති­ව­රයා අව­ධා­නය යොමු කළේය.




නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්කයේ කුඹුරු අක්කර 4,700කට හානි සිදුව තිබෙන බව මෙහිදී පෙන්වා දුන් නිල­ධා­රීහු, අක්කර 500ක් හැර සෙසු කුඹුරු මහ කන්නය වගා කළ හැකි බව ද සඳ­හන් කළහ.