ජනප්‍රිය රංගන ශිල්පිනී දේශානි නෙහාරා (24) සහ ජනප්‍රිය නළු ඉසුරු ලොකුහෙට්ටිආරච්චි (42) අතර පෙම් සබඳතාවක් පවතින බවට ඔවුන් විසින්ම පසුගිය සුමති සම්මාන රාත්‍රියෙදී හෙළිදරව්වක් කළ පසු ඒ ගැන ආන්දෝලනයක් ඇතිකර තිබුණ අතර ඉසුරු හා ඔහු කලින් සබඳතා පැවැත්වූ තරින්දි අතර 'තරගයට ආදර හටනක්' ප්‍රකට විය. තරින්දි ව්‍යාජ විවාහ උත්සවයක්ද පැවැත්වූ අතර ඉසුරු ඒ ගැන විවේචනයක්ද කර තිබුණි.
කෙසේ වෙතත් මුලසිටම මෙම ආදර කතා තවත් රංගනයක කොටසක් ලෙස ඉස්මතුවූ අතර මෑත කාලීනව සමාජ මාධ්‍ය තුළ හාස්‍යය හා කණගාටුව එකවර ජනිත කරමින් දේශානි 'නහය තුවාල' කරගත් ඡායාරූපයක් සමග සබඳතාව බිඳ වැටුණ බව පවසා තිබුණි.
මේ දෙන්නා අතර ඇති වූ බව කියන ගැටුම හුදෙක් පෙම්වතුන් යුවළක් අතර ඇති වූ සාමාන්‍ය මත ගැටුමකට එහා ගිය බරපතල සිදුවීමක් බවත් පහරදීම් සහ ශාරීරික හිංසනයන් පිළිබඳ තොරතුරුත් කරළියට පැමිණීමත් සමඟ සමාජ මාධ්‍ය යළි ඒ ගැන කථා විය. පසුගිය දින කිහිපය පුරාවටම ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකාවන්හි ප්‍රධාන මාතෘකාව බවට පත් වූ මෙම සිදුවීම ආරම්භ වන්නේ දේශානි නෙහාරා විසින් සිය නිල සමාජ මාධ්‍ය ගිණුම් හරහා තබන ලද සංවේදී සටහනක් සහ ඇයගේ මුහුණට සිදුවී තිබූ තුවාල සහිත ඡායාරූප ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ වන අතර ඉසුරු විසින් දේශානිට පහර දී ඇයගේ මුහුණට බරපතල තුවාල සිදු කර ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම සිදුවීමත් සමඟ ඔවුන් දෙදෙනා අතර කාලයක් තිස්සේ පැවති ප්‍රේම සම්බන්ධතාවය නිල වශයෙන් අවසන් වී ඇති බව දේශානි විසින්ම සනාථ කර තිබීම විශේෂත්වයක් වන අතර ඇය සිය ෆේස්බුක් ගිණුමේ තබන ලද දීර්ඝ සටහන මගින් තමන් මුහුණ දුන් කටුක අත්දැකීම සහ තමා ආදරය කළ පුද්ගලයාගේ සැබෑ ස්වභාවය පිළිබඳව සමාජය දැනුවත් කිරීමට පියවර ගෙන තිබිණි.
දේශානි නෙහාරා විසින් සමාජගත කරන ලද අදහස් වලට අනුව සමහර මිනිසුන් අපගේ ජීවිත වලට පැමිණෙන්නේ වෙස් වලාගෙන බවත් සැබෑ ස්වභාවය සඟවාගෙන ආදරය කරන බව පවසමින් අවංක හදවත් සමඟ සෙල්ලම් කරන බවත් ඇය දැඩි වේදනාවකින් යුතුව ප්‍රකාශ කර ඇති අතර ඇයගේ ජීවිතයේ එක් කාල සීමාවකදී එවැනි ආත්මයක් ඇයට මුණගැසුණු බව ඇය සඳහන් කරයි. තමා එම පුද්ගලයාට නොසෑහෙන්න ආදරය කළ බවත් ඔහු කෙරෙහි අසීමිත විශ්වාසයක් තැබූ බවත් පවසන ඇය ඒ වෙනුවෙන් තමාගේ ජීවිතයේ වටිනාම දේවල් පවා කැප කිරීමට පසුබට නොවූ බවත් සිහිපත් කරන්නේ දැඩි කම්පනයකිනි. ඇය මෙම සම්බන්ධතාවය පවත්වාගෙන යන අතරතුර බොහෝ දෙනා ඇයට විවිධ දෝෂාරෝපණයන් එල්ල කළ බවත් ඇයව විවේචනය කළ බවත් සඳහන් කරන දේශානි ඒ හේතුවෙන් ඇයගේ දෙමාපියන්ට පවා දොස් අසන්නට සිදු වූ බවත් කෙසේ වෙතත් තමාට හොඳ සහ නරක දෙකම පෙන්වා දෙමින් අවවාද දුන් සියලු දෙනාටම තමා ස්තූතිවන්ත වන බවත් පවසා සිටින්නේ ආදරය නිසා තමා අන්ධ වී සිටි බව පිළිගනිමිනි. මොන යම් හෝ හේතුවක් මත තමාට ඇත්ත පෙන්වා දීමට උත්සාහ කළ නාඳුනන මිනිසුන් පවා සිටි බව ඇය කෘතවේදීව සිහිපත් කරයි.
ඇය සිය සටහන මගින් තවදුරටත් ප්‍රශ්න කර සිටින්නේ කොතරම් වටිනාකමක් ආදරයක් සහ ගෞරවයක් ලබා දුන්නද මනුස්සකමක් ගෑවිලාවත් නැති මිනිසුන් ලෙස ඇතැමුන් හැසිරෙන්නේ මන්ද යන්න ගැටලුවක් බවයි. අවංක ආදරයක් ලැබෙද්දීත් අඩුම තරමින් එම මනුෂ්‍යත්වය වෙනුවෙන්වත් වටිනාකමක් ලබා නොදෙන පුද්ගලයින් තිරිසනුන් මෙන් හැසිරෙන බවත් තමන්ගේ ගැහැනිය තමා ලඟ සිටියදීත් වෙනත් අරමුණු වෙනුවෙන් වෙනත් ගැහැනුන් සොයා යන පිරිමින් සතුව ඇත්තේ ඉතා අඩු මානසිකත්වයක් බව ඇය දැඩිව විවේචනය කරයි. එක් හිතක් මත ජීවත් වීමට නොහැකි වගකීම් සහ බැඳීම් වලට ගරු කිරීමට නොහැකි තරම් පහත් දුර්වල පෞරුෂයක් එවැනි පුද්ගලයින් සතු බව පවසන ඇය කැලේ මාරු වුවද කොටියාගේ පුල්ලි මාරු නොවන බව පවසමින් ඉසුරුගේ හැසිරීම උපමා කර තිබීම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබේ. මෙය තමාගේ පෞද්ගලික කාරණයක් වුවද මුළු රටක්ම දවස් ගණනක් තිස්සේ කතා බහ කළ මාතෘකාවක් නිසා මෙවැනි සටහනක් තැබීමට තීරණය කළ බවත් මින් ඉදිරියට අනවශ්‍ය ප්‍රශ්න ඇසීමෙන් වළකින ලෙසත් ඇය ඉල්ලා සිටියි.
මෙම සිදුවීමත් සමඟ කලා ලෝකයේ සහ සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනා දේශානි වෙනුවෙන් පෙනී සිටීමට පටන් ගෙන ඇති අතර ඉසුරුට එරෙහිව දැඩි විරෝධයක් මතුවෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. බොහෝ දෙනා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටින්නේ ඉසුරු යනු කාන්තාවන් රවටන සල්ලාලයෙක් බවත් ඔහුගේ මෙම හැසිරීම පිළිබඳව පුදුම විය යුතු නැති බවත්ය. ඊට කදිම උදාහරණයක් ලෙස මීට වසර තුනකට පමණ ඉහතදී ඉසුරු සමඟ සම්බන්ධතාවයක් පැවැත්වූ තරින්දි නැමැත්තියගේ සිදුවීම සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් නැවතත් මතක් කර දී ඇති අතර තරින්දි ද ඉසුරුගෙන් ගැලවී ඇත්තේ ඉතා අසීරුවෙන් බවත් ඇය ඒ පිළිබඳව එකල ෆේස්බුක් සටහනක් පවා තබා තිබූ බවත් වාර්තා වේ. තරින්දිගේ සිදුවීම සහ දේශානිගේ වර්තමාන සිදුවීම සැසඳීමේදී ඉසුරුගේ හැසිරීම රටාවක් ලෙස පවතින බව බොහෝ දෙනා පෙන්වා දෙති. මනෝහාරි නමැත්තිය ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ යම් සම්බන්ධතාවයකදී අන් අයට ගරුත්වයක් ලබා නොදෙන්නේ නම් එවැනි සම්බන්ධතාවල රැඳී නොසිට ඉවත් විය යුතු බවයි.
කාලයකට පසුව සමාජ මාධ්‍ය කරළියට පැමිණි රංගන ශිල්පිනී මහේෂි මදුශංකා ද මෙම සිදුවීම සම්බන්ධයෙන් සිය හඬ අවදි කර ඇත්තේ සජීවී වීඩියෝවක් හරහා අදහස් දක්වමිනි. ඇය පවසන පරිදි ලංකාවේ පිරිමින් මේ වන විට ගැහැනුන් වැනි තත්ත්වයට පත්ව ඇති බවත් දේශානිගේ මුහුණ තුවාල වූ ඡායාරූප දෙස බැලීමේදී ලංකාවේ පිරිමින් ද එලෙස මුහුණට කොළ කැබලි අලවාගෙන ඡායාරූප පළ කරන තත්ත්වයට පත්ව ඇති බව ඇය උපහාසාත්මකව මෙන්ම කනගාටුවෙන් යුතුව ප්‍රකාශ කරයි. අතීතයේදී තමාට ද මෙවැනි අමිහිරි සිදුවීම් වලට මුහුණ දීමට සිදු වූ බව සිහිපත් කරන මහේෂි මදුශංකා එවැනි අවස්ථාවලදී තමාට සිනාසුණු අයට නුදුරේදීම මෙම අත්දැකීමට මුහුණ දීමට සිදුවනු ඇතැයි අනතුරු අඟවයි. කාන්තාවන්ට අත ඔසවන පිරිමින් දැඩි ලෙස විවේචනය කරන ඇය දේශානිට සිදුවූ අසාධාරණය හෙළා දකිමින් අදහස් පළ කර ඇති අතර ඉසුරුගේ පාර්ශවයෙන් මේ වන තෙක් මෙම චෝදනා සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් හෝ සඳහනක් සිදු කර නොමැති වීම ද විශේෂත්වයකි.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සසිඳු සහන් තාරක ද දේශානි නෙහාරාගේ සිදුවීම පාදක කරගනිමින් සමාජයට වැදගත් පණිවිඩයක් නිකුත් කර ඇති අතර ඔහු පවසන්නේ මිනිසෙකු සමඟ සම්බන්ධතාවයක් ගොඩනඟාගෙන අවසානයේ නහය කට තුවාල වන තුරු ගුටි කෑමට සිදුවීම යනු තමන් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත්තේ කෙබඳු පුද්ගලයෙකු සමඟද යන්න නැවත සිතා බැලිය යුතු කරුණක් බවයි. තමාගේ වේදනාව ෆේස්බුක් සටහනක් ලෙස පළ කරමින් අදාළ පුද්ගලයා ටැග් කරන තත්ත්වයට පත්වීම කනගාටුදායක බව පවසන ඔහු මෙවැනි සිදුවීම් ජනප්‍රිය පුද්ගලයින්ට පමණක් නොව සාමාන්‍ය මිතුරන්ට ද සිදුවන බව තමා සියැසින් දැක ඇති බව ප්‍රකාශ කරයි. ගාලු මුවදොර පිටියේදී පවා සිය පෙම්වතිය ඇදගෙන යමින් පහර දුන් පුද්ගලයින් තමා දැක ඇති බවත් එවැනි පුද්ගලයින් සමඟ තම මිතුරන් ද සම්බන්ධතා පැවැත්වූ බවත් සිහිපත් කරන ඔහු පවසන්නේ එවැනි සම්බන්ධතා දැන් අවසන් වී ඇති බවයි. ඔහු සමාජයෙන් ඉල්ලා සිටින්නේ කාගෙන්වත් ගුටි කමින් හෝ බැනුම් අසමින් සිටීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් සම්බන්ධතාවයකට යාමට පෙර හෝ අඩුම තරමේ සම්බන්ධතාවය ඇතුළේ සිටින විටදී හෝ තමන් සිටින්නේ කෙබඳු පුද්ගලයෙකු සමඟද යන්න තේරුම් ගැනීමට උත්සාහ කළ යුතු බවයි. අනතුරක සේයාවක් දුටු වහාම එතැනින් ඉවත් විය යුතු බවත් තව කෙනෙක් තම ආත්ම ගරුත්වය රැක දෙන තුරු බලා නොසිට තමා විසින්ම තම ආත්ම ගරුත්වය රැකගත යුතු බවත් ඔහු දැඩිව අවධාරණය කරයි.
එසේ නොවුණහොත් අවසානයේ කනේරු ඇට සොයන තත්ත්වයට පත් වූ විට දුක දැනෙන්නේ තමාට නොව තම පවුලේ අයට සහ ළඟින් සිටින මිතුරන්ට බව ඔහු අත්දැකීමෙන් පවසයි.
තවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක් වන තිළිණි කේ. විමලවීර ද දේශානි වෙනුවෙන් පෙනී සිටිමින් අදහස් දක්වා ඇති අතර ඇය පවසන්නේ කාන්තාවක් ආදරය වෙනුවෙන් ඕනෑම දෙයක් කැප කිරීමට සූදානම් බවයි. දේශානි ද එලෙසම කටයුතු කළ බවත් ඇය ආදරය වෙනුවෙන් තමාගේ රැකියාව පවා කැප කළ බවත් තිළිණි පෙන්වා දෙයි. කෙසේ වෙතත් වටේ යාම පුරුද්දක් කරගත් පිරිමින්ට එම ආදරයේ හෝ කැපකිරීමේ වටිනාකමක් නොදැනෙන බව ඇය ප්‍රකාශ කරයි. දේශානි මේ වන විටත් දැඩි පීඩනයක සිටින බැවින් විවිධ පේජ් හරහා මඩ ගසමින් ඇයට තවදුරටත් රිදවීම නොකළ යුතු බවත් ආදරයේදී රැවටීමට ලක් වූ විට ඕනෑම කාන්තාවකට මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදුවිය හැකි බවත් ඇය සමාජයට සිහිපත් කර දෙයි. දේශානි විසින් සිය ජීවිතයේ වටිනාම දේවල් අහිමි කරගනිමින් විශ්වාස කළ ආදරය අවසානයේ ඇයට ශාරීරික හා මානසික වේදනාවක් පමණක් ඉතිරි කර ඇති බව මෙම සිදුවීම් පෙළ හරහා පැහැදිලි වන අතර කලා ලෝකයේ මෙන්ම සාමාන්‍ය සමාජයේද කාන්තාවන් මුහුණ දෙන ප්‍රචණ්ඩත්වය සහ රැවටීම පිළිබඳව නැවත වරක් පුළුල් කතාබහක් නිර්මාණය කිරීමට මෙම සිදුවීම හේතු වී තිබේ.