sl-a-9-student-dies-of-drug-overdose

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ (A) 09ක් ලබා උසස් පෙළ හදාරමින් සිටි දීප්තිමත් සිසුවියක්, ඖෂධ පෙති විශාල ප්‍රමාණයක් එකවර පානය කිරීම හේතුවෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මීගොඩ ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි වියේ පසු වූ මෙම සිසුවිය කොළඹට නුදුරු ජාතික පාසලක අධ්‍යාපනය ලබමින් සිටියදී පසුගිය 07 වැනිදා හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත.



සිද්ධිය වූ දිනයේ අදාළ සිසුවිය සිය මව සමග නිවසේ රැඳී සිට ඇති අතර, එක්වරම ඇය යම් රෝගී තත්ත්වයක් සහ අසාත්මිකතාවක් පෙන්නුම් කර තිබේ. ඒ බව මව විසින් වහාම පියාට දැනුම් දීමෙන් අනතුරුව, නිවසට පැමිණි පියා විසින් ත්‍රිරෝද රථයකින් ඇයව ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි. ර


ෝහලේ මූලික ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පැය දෙකකට පමණ පසුව ඇය මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෘත දේහය සම්බන්ධයෙන් හෝමාගම මූලික රෝහලේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ සිසුවිය විසින් ඖෂධ පෙති 65ක් පමණ පානය කර ඇති බව හා එම අධි මාත්‍රාව ශරීරගත වීම මරණයට හේතුව වී ඇති බවයි. අධ්‍යාපනයට මෙන්ම බාහිර ක්‍රියාකාරකම්වලටද එකසේ දස්කම් දැක්වූ මෙම සිසුවිය මෙවැනි තීරණයක් ගැනීමට බලපෑ ආසන්නතම හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මීගොඩ පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.