එළැඹෙන 2026 වසර ඔබට කොහොම වෙයිද? ලග්න අනුව පලාපල විස්තරය දිවයින පුවත්පත මගින් පළ කර තිබුනේ මෙසේය.
මේෂ ලග්නය
අය 2 – වැය 7
සුබ වර්ණය කහ පැහැය – ජය අංකය 8
2026 වර්ෂය තුලදී පෙර පින් මතු වෙයි
ජන්ම එරාෂ්ඨකයේ මුල් ආරම්භක අවස්ථාව එය තවත් ඉදිරියට පවතිනු ඇත. රැකියාව වෙළඳ ව්‍යාපාර කටයුතු ධනය උපයන මාර්ග පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. අධික වියදම් වන කටයුතුවලට අත නොතැබිය යුතුයි. නිස්කරණයේ වන වියදම් පිළිබඳ ව සැලකිලිමත් වන්න. පවුලේ අඹු දුදරු පිළිබඳ වෙනදාට වඩා වැඩි නැබුරු තාවයක් දක්වන්න. ජනවාරි මාසයේ ඔබට දරුවන්ගේ විශේෂ කටයුත්තක් වෙනුවෙන් කාලය, ශ්‍රමය, ධනය වැය කිරීමට සිදු වේ. නිවසේ අලුත් වැඩියා කටයුතු වලට වැඩි කාලයක් වැය කිරීමට සිදු වන බැව් පෙනේ.
පෙබරවාරි මාසය තුල දුර බැහැර ගමන් බිමන් යෙදේ. නොසිතු ලෙස අන්‍යන්ගෙන් අපහස විදීමට සිදුවේ. හිතවත් අයගෙ දෝෂා රෝපණයට ලක්වේ. මාර්තු මාසය තුල විදේශීය සම්බන්ධතා වර්ධනය කරයි. විදේශ රැකියාවන්, අධ්‍යාපන කටයුතු වෙනුවෙන් හිමිකම් කියයි. මාර්තු මාසයේ බලාපොරොත්තු නොවූ වාසි රැසක් උදාවේ. අප්‍රේල් මාසය තුල විනෝද ගමන් නිසා නිකරුනේ වියදම් කිරීමට සිදුවේ. සතුට සමාදානය බුක්ති විදීමට හැකියාව ලැබේ. සිතට මානසික සුවයක් උදාකර ගත හැක. මැයි මාසයේ තරඟ ජයග්‍රහණය වලින් උද්දමයට පත්විය හැකියි. පවුලේ ළඟම හිතවතෙකු අහිමි වීමට ඉඩ තිබේ. දුර බැහැර ගමන් බිමන් වලින් වාසි සැලසේ. විවාහ, ප්‍රියාසම්භාශන වලට ඇරයුම් ලැබේ. ජුනි මාසයේ දී මෙතෙක් අහිමිව තිබු යමක් ලැබීමට ඉඩකඩ තිබේ. ගෙදොර ඉඩකඩම් වල පැවති අවුල්,නිරවුල් කරගැනීමේ හැකියාව පවති. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා වැඩි කාලයක් ගත කිරීමට ජුලී මාසයේ සිදුවේ. අධ්‍යාපනය කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සි වී කටයුතු කළයුතු කඩඉම් කාලයකි. කායික මානසික සුවය වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. ශරීර සෞඛ්‍ය නිරෝගීතාවය පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. අගෝස්තු මාසයේ පවුලට අලුත් සාමාජිකයන් එකතු වන කාලයකි. මානසික පීඩන, ආර්ථික ගැටළු මතුවන කාලයක් සැප්තැම්බර් මාසයේදී උදාවේ. මහන්සියේ තරමට ප්‍රතිඵල නොලබෙන කරදර බාධක රැසකට මුහුණ පෑමට සිදුවන කාලයක් ඔක්තෝම්බර් මාසයේදී උදාවේ. දුරබැහැර ගමන් අවාසි සහගත වේ. හිතවත් අය නොසිතු ලෙස අත්හැර යයි. පුණ්‍ය කටයුතු වල වෙනදාට වඩා වැඩියෙන් නිරත වීමට අවස්ථාව උදාවන කාලයක් නොවැම්බර් මාසයේදී උදාවන අතර මේෂ ලග්නයෙන් උපන් ඔබට දෙසැම්බර් මාසයේදී අනතුරු ඇතිවීම, සතුට සමාදානයට ඇතිවන බාදක මැඩගෙන කාලය ගතකල යුතු බවත් පෙන්වා දිය හැක. විශේෂයෙන් තමන්ගේ ශාස්තෘන් වහන්සේලා කෙරෙහි නැඹුරුව කටයුතු කලයුතු අතර දාන, ශිල, භාවනා කෙරෙහිත්, දස කුසලයේ නිරත වීමත් ඉතා වාදගත් වේ. විශේෂයෙන් ජය පිරිත, මෝර පිරිත, අභිසම්බිදාන පිරිත භාවිතා කොට ඔබගේ සියළුම කටයුතු ආරම්භ කරන්න.
වෘෂභ ලග්නය
අය 8- වැය 6 යි.
සුබ වර්ණය විචිත්‍ර වර්ණ – ජය අංකය 3
ගෙදොර, ඉඩකඩම්, යානවාහන මිලදී ගැනීම් සඳහා සුදුසු කාලයකි
වෘෂභ ලග්නයෙන් උපන් අයට වර්ෂය ආරම්භයේදී ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වියයුතු අතර හදිසි අනතුරු, ජලයෙන්, ගින්නෙන් විදුලියෙන් ඇතිවන අනතුරු අවම කරගැනීමට උත්සහ වන්ත වීම අනිවාර්යයි. ශ්වසන ආබාද ඇතිවිය හැක. හතිය මහන්සිය ඇති අය ප්‍රවේසම් වන්න. උගුරේ ආසාදන තත්ව අදික වීම නිසා අපහසුතා ගොඩනැගේ ශෛල්‍ය කර්ම වලට මුහුණ දීමට සිටින අයට මේ වර්ෂය තුල අභියෝග ජයගන්න මානසික සුවය වැඩිදියුණු කරගන්න. විශේෂයෙන් ආර්ථික, කායික, මානසික ශාරීරික සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වෙන්න. වෙනදාට වඩා වැඩි වියදමක් දැරීමට සීදුවේ. පෙබරවාරි මාර්තු වෙද්දී මේ තත්වය පහවේ. සිකුරු, ගුරු, සඳු යන මහාදශා ගෙවන අයට ගැටළුවක් නොමැති අතර විවාහ ජීවිතය පවුලේ සමගිය, අඹුදරු සම්බන්දතා වර්ධනය කරගත යුතුයි. පවුලේ සමගිය වෙනුවෙන් කැපවී කටයුතු කලයුතුමය.
අප්‍රේල් මාසය තුල සිතට සහනය දුරබැහැර ගමන් බිමන් යෙදේ. විදේශ ගමන් විදේශ සම්බන්දතා වර්ධනය කරගත හැක. දුවාදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකි අතර තරඟ විභාහ, ක්‍රීඩා ජයග්‍රහණය අත්කර ගැනීමේ හැකියාව පවතී. මැයි මාසය සතුට සමාදානය ඇතිකරයි. පවුලේ අය වෙනුවෙන් වෙහෙස මහන්සි වි කටයුතු සිදුකරයි. ජුනි මාසයේ අළුත් නෑ සම්බන්ධතා ඇති වේ. ජුලි මාසයෙහි ගෙදොර, ඉඩකඩම්, යානවාහන ආදී මිලදී ගැනීම් සඳහා සුදුසු කාලයකි. අගෝස්තු, සැප්තැම්බරයෙදී සහ ඔක්තෝම්බර් මාස වලදී ධනයෝග, භූමිලාභ, කෘෂිකාර්මික ආදී ලාබ උපයාගත හැකි කාලයක් උදා වේ. නිවාස අළුත් වැඩියා කටයුතු සහ නව නිවසක් තනාගැනීමට හැකියාව පවති.
මිථුන ලග්නය
අය 5 වැය 2
සුබ වර්ණය කොළ පාට – ජය අංකය 5
මානසික සතුට උතුරා ගලා යන කාලයක්
මිථුන ලග්නයෙන් උපන් ඔබගේ 2026 වර්ෂය පලාපල කෙසේද කියා විශේෂයෙන් බුධ මහා දශා, අතුරු දශා ගෙවන අයට 2026 වර්ෂය ඉතා ශුභ ඵල දායකය. සිකුරුගේ, සඳුගේ සහ ගුරුගේ දශා අතුරුදශා ගෙවන අයට මධ්‍ය ඵල වේ. මිථුන ලග්න දුවා දරුවන්ට අධ්‍යාපනය කටයුතු සාර්ථක කරවන ලේඛන කලාව නව නිර්මාණය තුලින් ජයග්‍රහණය අත් කරවන වර්ෂයක් වේ. උසස් අධ්‍යාපනයේ හිමිකම් කියන තරඟ කාරී විභාහග වලින් ජයග්‍රහණය අත් කරවන වර්ෂයකි. කෘෂි කාර්මික, ව්‍යාපාර කටයුතු, නව නිපැයුම් තුලින් ලෝක ප්‍රකට වන මිථුන ලග්න හිමියන් වර්ෂය පුරාවටම හමුවේ. ජනවාරි මාසයේදී විදේශ සංචාර උදා වේ. එතුලින් ලාබ ප්‍රයෝජන සහ ධනය ගලා ඒමට අවස්ථාව උදා කරගත හැක. විරුද්ධ පාක්ෂිකයන්ගේ ආකර්ෂණය ඇති කරගත හැකි කාලයකි. හිතේ පැවතී මානසික සතුට උතුරා ගලා යන කාලයක් ඔබට උදාවේ. වගා කටයුතු වලින් වාසි සහ ලාබ ලැබෙන වර්ෂයකි.
ගෙදොර, ඉඩකඩම් ආදියට පැවති අවුල් නිරවුල් කරගත හැකි යි. නීතිමය ගැටළුවක් නිසා මානසික පිඩා දුරුකරගත හැකි වෙයි. දරුවන්ගේ කටයුතු නිසා සතුටට පත් වන ජුනි මාසයේ ආවාහ විවාහ කටයුතු වෙනුවෙන් කාලය සහ ශ්‍රමය, ධනය වැය කිරීමට සිදුවේ. ජුලි අගෝස්තු මාස පවුලේ අය වෙනුවෙන් කාලය ගතකිරීමට සීදුවේ. සැප්තැම්බර් මාසයේදී දුරබැහැර ගමන් යෙදෙන අතර ඉන් වාසි සැලසේ. ලාබ උපයන අදායම් මාර්ග වලින් මේ කාලය වන විට තරමක බිදවැටීමක් ඔක්තෝම්බර් මාසයේදී සිදුවිය වේ. දේශපාලණික වශයෙන් ඇතිවන ගැටළුවක් නිසා පසුතැවීමටත්, පාඩු සිදුවීමටත් ඉඩ තිබේ. මේ කාලය දෙසැම්බර් දක්වා පවතින අතර නීතිමය ගැටළුවක් නිරාකරණය කරගනීමට සිදු වේ.
කටක ලග්නය
අය 6 වැය 5
ශුභ වර්ණය ස්වේත – ජය අංකය 1
ණය තුරුස්වලින් නිදහස් වෙයි
කටක ලග්නයෙන් උපන් අයට 2026 වර්ෂය පෙර කරන ලද අකුසල් වලින් පාඩම් ඉගෙනගෙන හොදින් කුසල් අකුසල් පිළිබඳ දැනුවත් ව අනාගතය, සංසාර බිය අටලෝදහමින් කම්පා නොවී ජිවිත අවබෝධයෙන් කටයුතු කිරීමට හොඳම වර්ෂය බව වටහාගත යුතුය. දිව්‍යලෝකයට අවහිරව තිබු මාර්ගය එළිපෙහෙළි කරගන්න හැකියාව ඇති කාලයක් කටක ලග්නයෙන් උපන් ඔබට උදාවි ඇත. ජනවාරි මාසයේදී ආර්ථික ශක්තිය වර්ධනය කර ගත හැකීය. පසුගිය අතපසු වු කටයුතු මැනවින් කළමනාකරණය කරගන්න හැකියාව මේ කාලයේදී පරිපුර්ණ වේ. පෙබරවාරි මාසය තුල අනන්‍යන්ගෙන් උදව් උපකාර ලබා ගැනීමේ හැකියාව ඇත. ඕනෑම කෙනෙකුගෙන් සහයෝගය ලබාගත හැක. මාර්තු මාසයේදී විදේශ ගමන්, මඟ හැරුන විදේශ සම්බන්ධතා වර්දනය කර ගැනීමටත් ආධාර උපකාර ලබාගැනීමටත් හැකියාව ඇති මාසයකි. නව සම්බන්දතා ගොඩ නැගෙන විවාහ කාරක ආදී කටයුතු වෙනුවෙන් යුතුකම් ඉටුකරවන මාසයක් අප්‍රේල් වලින් පසු ඔබට උදාවේ. ණය තුරුස් වලින් මිරිකි සිටි අයට සහන දායි කාල සීමාවක් මැයි මාසයෙන් පසු උදා වේ. ගමන් බිමන් වලින් වාසි සැලසෙන කාලයකි. ජුනි මාසයේදී ටිකක් සැලකිලිමත් විය යුතුයි. යානවහන අදියේ ගමන් කිරීමේදී සැලකිලිමත් වෙන්න.
වැටීම් තැලීම් තුවාල වීම් සිදුවිය හැක. හදිසි අනතුරු තත්වවලින් ප්‍රවේසමෙන් කටයුතු කරන්න. ජුලි වනවිට ඔබගේ ආදායම් මාර්ග ස්ථාවර කරගැනීමට හැකියාව ලැබේ. භූමි ලාබ, කෘෂිකර්ම කටයුතු වලින් ලබාප්‍රයෝජන උදාකරගත හැකි. අගෝස්තු මාසයෙන් පසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කැපවී කටයුතු කලයුතුයි. දරුවන්ගේ ප්‍රශ්න වලට මැදිහත් වී ඔවුන්ට සහයෝගය ලබාදීමට සැප්තැම්බර් මාසයෙන් පසුව හැකියාව උදාවේ. ගේ දොර කටයුතු මැනවින් ඉටුකිරිම නිවාස ලාභ හිමිකම් ඇතිවීම, පවුලේ සමාදානය වෙනුවෙන් වැඩි වෙහෙස මහන්සියක් දැරීමට සිදුවීම හිතවත් අයගෙන් ඈත්ව කටයුතු කිරීමට සිදුවීම ඔක්තෝබර් මාසයේ සිදුවීමට නියමිත අතර ජලයෙන්, ගින්නෙන් විදුලියෙන් විපත් පැමිණීම නොවැම්බර් මාසයේත්, සිවුපා සතුන්ගෙන් හානි විපත් සම හා මුහුණ ආශ්‍රිත ලප කැළැල් නිසා මානසික පීඩනයට පත් වීම දෙසැම්බරයේදී සීදුවේ. දිවි පරදුවට තබා තීන්දු තීරණ
ගැනීමට සිදුවන කාලයක් බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. මෝර පිරිත, ජය පිරිත, අබිසාම්බිදාන පිරිත භාවිතයෙන් ඔබගේ එදිනිදා කටයුතු සඵල කර ගන්න උත්සහ කරන්න.
සිංහ ලග්නය
අය 3 වැය 9 යි
ශුභ වර්ණය රතු ජය අංකය 7
විදේශ ගමන් වලට සුබදායක කාලයක්
සිංහ ලග්නයෙන් උපන් ඔබට 2026 වර්ෂය තුලා කැපකිරීම්, සන්සුන් මනසක් ඇති කිරීමට වෙනදාට වඩා වතාවත් වලට යොමු වීම් කායික, මානසික, ආර්ථික ගැටළු හමුවේ ධෛර්යමත් වීම අනිවාර්යෙන් සිදුක යුතුයි. ශාරීරික දුබලතා ඇතිවිය හැකි බැවින් නිසි ඖෂධ ගැනීම, වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීම ආහාර පාලනය, ගෘහ දිවිය පිළිබඳ සැලකිලිමත් වීම 2026 වර්ෂයේදී ඔබට සීදුවේ. අධ්‍යාපන කටයුතු කෙරෙහි දැඩි නැබුරුතාවයකින් කටයුතු කිරීම, විභාග, තරඟ කාරී ක්‍රීඩා කටයුතු වෙනුවෙන් කැපකිරීම් කිරීමේදී අනෙක් පෞද්ගලික කටයුතු අතපසු වීම සිදුවන බැවින් ඔබගේ සියළුම අවශ්‍යතා පිළිබඳ වගකීමෙන් කැපවීමෙන් මනා කළමනාකරිත්වයකින් සිදුකිරීම ඔබගේ බොහෝමයක් ගැටළුවලට නිසි පිළිතුර වේ.
ගේ දොර පිළිවෙලකට තබාගැනීම පවුලේ සමගිය වෙනුවෙන් කැපවී කටයුතු කිරීම දුරබැහැර ගමන් නිසා පාඩු සිදුවීම, තනීමතයට වැඩ කිරීමට ගොස් පාඩු විදීමට සිදුවන බැවින් හොඳ සිහි කල්පනාවෙන් කටයුතු සිදුකල යුතුයි. නිධන් ගතව තිබු අසනීප තත්වයක් නැවත උත්සන්න වීම, උගුරේ ආශාදන නිසා අපහසුතා වලට ගොදුරු වීම පෙබරවාරි මාර්තු වල සිදුවන අතර අතහැර දැමූ සම්බන්දතා නැවත අළුත් කරගැනීමේ හැකියාව අප්‍රේල් වලදී සිදුවේ.
ණය තුරුස් වලින් මිරිකි සිටීමට සිදුවන නිසා ණය ගැනීමේදී ප්‍රවේසමෙන් කටයුතු කරන්න. අන්‍යන්ගේ අප්‍රසාදයට පත්විය හැක. නිවැරදි තීන්දු තීරණ ගැනීම අනිවාර්යයි. හිතුමනාපෙට වැඩකිරීමට කාලය මෙය නොවේ. හිතා මතා නිවැරදි පියවර ගැනීමෙන් අනාගත අභිවෘධිය සලසා ගතහැකි මැයි මාසයක් වේ. ජුනි මාසයේදී විවාහ මංගල කටයුතු වෙනුවෙන් කැපවීම අතපසු වු යෝජනා නැවත පණගසා ස්ථිර කරගැනීමට හැකිවීම වැරදි චෝදනා වලින් යම්තාක් දුරට නිරවුල් කරගැනීමට හැකි වීම ඇතුළු සහන දායි කාලයක් ජුලි මාසය තුලදී ක්‍රියාත්මක වේ. අළුත් සම්බන්දතා ගොඩනැගිමත් ඒවා නිසා මානසික පීඩනයට පත්වීමත් නිසා ප්‍රවේසමෙන්, නීතිමය
ගැටළුවක් නිසා ප්‍රතිපල වෙනත් අතකට හැරෙනු ඇත. සිංහ ලග්න ඔබගෙන් ලබාගන්නා ලද ණය මුදල් නැවත නොලැබෙන නිසා ණයට දීමත්, ණය ගැනීමත් අගෝස්තු මාසයේදී අවදානම් වේ. හෘදයාබාධ, පෙනහළු ගත රෝග හතිය, මහන්සිය සැප්තැම්බර් ඔක්තෝම්බර් මාසවලදී ඇතිවිය හැක. වෙනදාට වඩා තම ශාස්තෘන් කෙරෙහි වැඩි නැබුරු තාවයක් නොවැම්බර් මාසයේදී සිදුවන අතර දෙසැම්බර් මාසයේදී දුරබැහැර ගමන් වලින් ප්‍රවේසමෙන්. විදේශ ගමන් වලට සුබදායක වන අතර 2026 වර්ෂය සිංහ ලග්න ඔබට කල්පනාවෙන් කටයුතු කල යුතුම වර්ෂයකි.
කන්‍යා ලග්නය
අය 8 වැය 5
ශුභ වර්ණය සුදු – ජය අංකය 2
ජාතන්තර සම්බන්දතා දියුණුවේ ඉහළටම
කන්‍යා ලග්නයෙන් උපන් ඔබට සුබ අසුබ පල දෙකම එකසේ බුක්තිවිදීමට සිදුවන කාලයකි. අධ්‍යාපන හෝ ව්‍යාපාරවලට සුබවන අතර ශරීර සෞඛ්‍ය සම්පන්න බවට ගැටළු ඇතිකරවයි. නිකරුනේ මුදල් වැය වීමට හේතු සාදක ඇති බැවින් ප්‍රවේශමෙන් කටයුතු කල යුතුයි. අධිෂ්ඨාන පුර්වකව කටයුතු කළ යුතුයි. කලක් පැවතී රෝග පීඩා වලින් සුව වීමක් හා පිළියම් සිදු කිරීමට නිවැරදි ඖෂධ හමුවේ. එසේ නොමැති නම් නිවැරදි වෛද්‍යවරුන් මුණගැසේ. පින පළදිමට උදාවන කාලය 2026 වර්ෂයේ ජනවාරි මාසයයි. අරමුණු ඉදිරියට කරගෙන තමන්ගේ පාඩුවේ දියුණුව කරා ගමන් කිරීමට පෙබරවාරි, මාර්තු මුල සිට ඔබට හැකියාව ලැබේ. අප්‍රේල් වන විට ජාතන්තර සම්බන්දතා මත දියුණුවේ ඉනිපේත්තටම නැග ගත හැක. මැයි වනවිට තවත් සමීපථමයකුගේ උදව්වෙන් හොද ආර්ථික ශක්තියක් ගොඩ නගාගත හැක. ජුනි වන විට විවාහ අපේක්ෂිතයින් හට විවාහ යෝග ඇතිවී, විවාහ ස්ථිර කරයි. ජුලි මාසයේදී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට බාදාවන් නොමැතිව උසස් ජයග්‍රහණ ලබයි. දරු පළවලට සුබ අවදියක් අගෝස්තු මාසයේදී ඇති වන අතර පමාවූ දරු පළ සඳහා වාසනාව කැදවන කාලයක් උදාවේ. මෙතෙක් ඉටුනොවූ කරුණු
රැසකට මනා පිළියම් ලැබෙන සැප්තැම්බර්, ඔක්තෝම්බර් කාලය ඔබේ කටයුතු සියල්ලම ජයගැනීමට මාර්ගය පෙන්නුම් කරයි. ආගම දහමට නැබුරුව කටයුතු කරන නොවැම්බර් මාසය සමාජ පිළිගැනීමක් ඇති ප්‍රබලයකු බවට ඔබව පත් කරයි. දෙසැම්බර් මාසයේදී ශරීර සෞඛ්‍ය සම්බන්දව ගැටළු ඇතිකරවන අතර කෘමි හානි වලින් සමේ ආසාදන ඇති කරවන කාලයක් වේ.
තුලා ලග්නය
අය 8 වැය 9
ශුභ වර්ණය නිල් – ජය අංකය 4
දෙපළ ඉඩකඩම් වස්තු සම්පත් උරුම වීමට ඇති කාලයක්
තුලා ලග්නයෙන් උපන් ඔබගේ 2026 වර්ෂය බාදක දුරු වී අරමුණු සපල වන සුබවාදී කාල සීමාවකට හිමිකම් කියයි. පැවතී දුෂ්කර කාලය අවසන් කර ණය තුරුස් ගෙවා දමා චීත්ත පීඩාවලින් මිදීමට ජනාවාරියේදී හැකියාව ලැබේ. නමුත් ඉවසීමෙන් කටයුතු කිරීමට සීදුවේ. පෙබරවාරි මාසයේදී දෙපළ ඉඩකඩම් වස්තු සම්පත් උරුම වීමට ඇති කාලයක් උවත් නොමනා ලෙස සහ අයුතු ලෙස ධනය ඉපයීමට ගොස් අනතුරේ වැටීමට හේතු ඇතිවේ. මාර්තු, අප්‍රේල් මාස වලදී අඹුසැමි බේද ඇතිවිය හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න. මැයි මාසයේදී විවාහ ගිවිසුම් වලට ඇරයුම් ලැබෙන අතර ප්‍රිය සම්භාෂණවලදී වැඩි පිළිගැනීමක් ඇති වේ. කලා කටයුතු වල නියැලෙන අය ජනප්‍රිය වන අතර කලක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි අවදිය ජුනි, ජුලි මාස වලදී උදාවේ. අගෝස්තු මාසයෙන් පසුව අධ්‍යාපනය කටයුතු වල කඩයිම් සාර්ථක වේ. නව නිර්මාණය තුලින් හොද අදායමක් සොයා ගැනීමට සැප්තැම්බර් වලදී හැකියාව ලැබේ. ඔක්තෝබර් මාසයේදී අසනීප තත්ව මත ඖෂධ ගැනීමට සීදුවේ. රවිගේ, කුජගේ, රාහුගේ මහාදශා, අතුරු දශා, විදශා ගෙවන අයට නොවැම්බර් මාසයේදී අපල ගෙනදේ. දෙසැම්බර් මාසයේදී බාදක දුරු වන අතර ශාස්තෘන් කෙරෙහි අප්‍රමාධව කටයුතු කරන්න.
වෘශ්චික ලග්නය
අය 10 වැය 6
ශුභ වර්ණය කහ ජය අංකය 9
ලොතරැයි ජයග්‍රහණ
වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට සිත් තැවුල් දුරුවී සමාජ පිළිගැනීමක් ඇතිවන සුබාදායක කාලයක් වේ. නව ස්ථාන මාරු, රැකියාවේ වෙනසක් සහ රැකියාවෙන් උසස් වීම් වලට ශුභදායක වේ. අනුන් නිසා වෙහෙස වීම් අවසන් කර තමන්ගේ පාඩුවේ ජිවත් වීම ආරම්භ කිරීමට ශුභ දායක කාලය 2026 ජනවාරි මාසයෙන් පසුව උදා වේ. වෙනදාට වඩා පිළිගැනීමක්, සතුරන් සෙ සිතා වැරදි වැටහීමක් තිබු අය ඔබව පිළිගනි. පෙබරවාරි මාසයක් වේ.නව නිර්මාණය තුලින් සමාජයේ කැපිපෙනෙන චරිතයක් වේ. ලොතරැයි ජයග්‍රහණය හිමි වන මාර්තු මාසයක් වේ. උඩින් නිතුරු යටින් හතුරු අවස්ථා වඩින්ගෙන් ප්‍රවේසම් වී අප්‍රේල් මාසයේදී කටයුතු කරන්න. නව චින්තන සංකල්ප, ආකල්ප වැඩිවන දිනෙන් දින දියුණුවේ ඉනිපෙත්තටම ලගාවිය හැකි අවදියක් ඔබට උදාවන මැයි මාසයකි. දුවා දරුවන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් සතුටටත් උද්දාමයටත් පත්විය හැකි ජුනි, ජුලි කාලයක් ඔබට උදා වේ. අගෝස්තු මාසයේදී ශරීර සෞඛ්‍ය පිලිබඳ සැලකිලිමත් වෙන්න. ඔක්තෝම්බර් මාසයේදී හිතට දැනෙන අයකුගේ අහිමිවීමකට නොවැම්බර් මානසික පීඩනයට පත්වීමේ අවස්ථාව වේ. නොවෙම්බර් මාසයේදී වස විස පැතිරයාමක් නිසා අසාදානයට පත්විය හැකි නිසා ප්‍රවේසම් වන්න. දෙසැම්බර් මාසයේදී ණය ගණුදෙනු වලින් පාඩු සිදුවීමට ඉඩ ඇති බැවින් ගණුදෙනු වලදී පරික්ෂාකාරී වන්න.
ධනු ලග්නය
අය 12 වැය 7
ශුභ වර්ණය කොළ – ජය අංකය 3
විදේශ ගමන්, විනෝද සංචාර
ධනු ලග්නයෙන් උපන් ඔබට පැවතී පිඩාකාරි කාලය අවසන් කර සතුට සැනසුම උදාවන වසරක් බවට පත් කරගනීමේ අවස්ථාව උදාවේ. ආදරය නව මිතුරු සබදතා වර්දනය වේ. විදේශ ගමන්, විනෝද සංචාර වලට හේතු සාහිතයි. නමුත් ආහාරපාන පිලිබඳ සැලකිලිමත් වන්න නැතහොත් අහාර නිසා ශරීර සෞඛ්‍ය පිරිහීමටත්, කායික අභ්‍යන්තර රෝගපීඩා වලට ගොදුරු වීමටත් සිදුවන කාලයක් වේ. මාර්තු අප්‍රේල් වලදී සිසුවේ. බඩේ අජීර්ණ අහාර අරුචිය ඔබව පිඩාවට පත් කරවන මැයි මාසය ශරීරය දුබල කරයි. දුර බැහැර හිතවත් අය නිසා වෙහෙස මහන්සිය නොබලා ඔවුන්ට සංග්‍රහ කිරීමට සිදුවන අවස්ථාක් ජුනි මාසයේදී ඇතිකරයි. ජුලි මාසය තුල කාව්‍ය, සංගීත නව නිර්මාණය කරන අයට වඩා සුබාදායක කාලයකි. ඉන් ජනප්‍රිය වේ. අගෝස්තු මාසයේදී ධනය උපයන මාර්ග වර්ධනය කරගැනීමේ හැකියාව උදාවේ. සැප්තැම්බර් මාසයේදී නවනිවසක හිමිකාරිත්වයක් හෝ මිලදී ගැනීමට හෝ ස්ථානය මාරුවකට අවස්ථාව වේ. ඔක්තෝම්බර් මාසයේදී ජයග්‍රහණය නිසා උද්දමයට පත්වීමේ අවස්ථාව උදා වේ. නොවැම්බර් මාසයේදී අධිෂ්ඨාන පෙරදැරිව කටයුතු කලයුතු මාසයක් වන අතර දෙසැම්බර් මාසයේදී වාහන මිලයට ගැනීම හා නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ධනු ලගනයෙන් උපන් අයට සුබාදායක වේ.
මකර ලග්නය අය 7 වැය 10
ශුභ වර්ණය රතු -ජය අංකය 6
ස්වර්ණමය යුගය සිතුම් පැතුම් සපල වන වාසනාවන්ත කාලයක්
ස්වර්ණමය යුගය සිතුම් පැතුම් සපල වන වාසනාවන්ත කාලයක් මකර ලග්නයෙන් උපන් ඔබට 2026 වර්ෂය පැවති බදා ඉවත් වන වසර ගණනාවක් පැවති ඒරාෂ්ඨක අපල කාලයේ නිමාවත් සමඟ අතපසු වු සියළුම කටයුතු, අධ්‍යාපන, රැකිරක්ෂා කටයුතු ව්‍යාපාර ඇතුළු සියලු දේ මේ වසරේදී යථාතත්වයට පත්කර ගැනීමේ හැකියාව පවතින කාලයක් ඔබට උදාවේ. සෙනසුරුගෙන් පැවති බලපෑම් දුරුව ගොස් උදා වු මේ ස්වර්ණමය යුගය සිතුම් පැතුම් සපල වන වාසනාවන්ත කාලයකට මකර ලග්න ඔබව කඩවන්නේ පෙර කල කුසලාකුසල කර්ම මුදුන්පත් කර ගැනීම උදෙසාය. එහෙත් 2026 ජනවාරි මාසයේඋදී ඔබගේ ශරීර සෞඛ්‍ය පිලිබඳ සැලකිලිමත් විය යුතුයි. නිවැරදි ඖෂධ භාවිතය අනිවාර්යෙන් කලයුතුයි. නෑදෑ සමීප සම්බන්ධතා නිසා හොද හිත වර්ධනය වේ. මාර්තු අප්‍රේල් වන විට යටපත් වු විවාහ යෝජනා ස්ථිර කර විවාහ ගිවිසුම් වලට කාලය උදා වේ. සාමකාමී පවුල් ජිවිතයකට හිමිකම් කියයි. දෙපැත්තට වු විවාහ දිවියට තිත තැබීමට කාලයයි. මැයි කාලය වන විට දුදරුවන්ගේ අධ්‍යාපන කටයුතු මැනවින් ඉෂ්ට කරගත හැකි අතර උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දුර බාහැරට හෝ විදේශ අධ්‍යාපන සඳහා පිටත් වීමට හැකියාව උදාවේ. ජුනි ජුලි වන විට බලාපොරොත්තු වු රැකියාවක් හිමි වීම සහ බලාපොරොත්තුවෙන් සිටි රජයේ රැකියාවේ ස්ථිර පත්වීම් හිමිවේ. අගෝස්තු වන විට ඉනෙන් පහල කොටසේ අපහසුතමතා සඳහා නිසි ප්‍රතිකාර ලබා ගැනීමටත් ස්නායු පද්ධතියේ රෝගපීඩා වලට ගොදුරු වීමට ඉඩ තිබේ. සැප්තැම්බර් වනවිට ස්ථිර තැන්පතුවේ මුදල් වියදම් වීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න. ඔක්තෝබර් නොවැම්බර් වනවිට තවදුරටත් ආගම දහමට ලැදිව පුණ්‍ය කටයුතුවල තව දුරටත් නිරතවීම අනිවාර්ය වේ. දෙසැම්බර් මාසය වෙද්දී බාදක දුරු වී කටයුතු සපල කරගැනීමටත් හැකියාව ලැබෙන වාසනාවන්ත කාලය උදා වේ.
කුම්භ ලග්නය
අය 6 වැය 10
ශුභ වර්ණය කහ – ජය අංකය 8
නැති වී ගිය සියළුම දේ නැවත ලැබෙයි
කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ජන්ම ඒරාෂ්ඨකය තව දුරටත් 12 වන්නේ ක්‍රියාත්මක හෙයින් කිරීමට බලාපොරොත්තු වන අවධානම් කටයුතු වලින් ඈත්ව සිටීම තවදුරටත් හොඳයි. දුරස් වු අය නැවත ලන්වේ. එය හොඳකට නොවනු ඇත. නැති වු ගෞරවය නැවත ලබාගැනීමටත් නෑ සබදතා තර කරගැනීමටත් කාලය මෙය වේ. නැවත නැඟි සිටීමට අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කළයුතුයි. අන් හිතවත් අයගෙන් උදව් උපකාර ලැබෙන කාලයක් ජනවාරි මාසයේදී උදාවේ. නුවණ යොදා කරන කටයුතු හමුවේ නින්දා අපහාස විදීමට පෙබරවාරියෙදී සීදුවේ. තම ජිවන බර තනිව ඉසිලිම සඳහා රෑ දවල් නොබලා සියලු කටයුතු කිරීමට සිදුවන කාලයක් මාර්තු මාසයෙන් පසුව උදා වේ. අප්‍රේල් මාසයේදී තම පවුලේ සාමාජිකයින් සමඟ සතුටු සාමිචියේ යෙදීමට අවස්ථාව උදාවේ. මැයි වන විට අන් අයගේ සතුට වෙනුවෙන් වියදම් කිරීමට සිදුවන මාසයකි. ජුනි, ජුලි වනවිට නුවණ අධිෂ්ඨානය මුල් කරගෙන කටයුතු කිරීමෙන් නැති වී ගිය සියළුම දේ නැවත ලබාගැනීමටත් ගොඩනගා ගැනීමටත් හැකියාව උදාවේ. අගෝස්තු මාසය වන විට විදේශ රැකියා සපල කර ගැනීමට හැකියාව ඇතිවන අතර රැකියාවේ පැවති ගැටළු පහව යයි. සැප්තැම්බර් වන විට ආර්ථිකය නැවත
ගොඩනගාගැනීම උදෙසා බලවත් කැපකිරීම් සිදුකිරීම අනිවාර්ය වේ. අතපය හිරිවැටිම, කොන්දේ වේදනාව වැඩිවීමට හේතුවන අතර මේසඳහා නිසි ප්‍රතිකාර ලබාගතයුතුයි. විශේෂයෙන් සෙනසුරු මහා දශා අතුරු දශා ගෙවන අය ප්‍රවේසම් වන්න. ඔක්තෝබර් නොවැම්බර් වෙද්දී සැලකිය යුතු ප්‍රමාණයකට ඔබගේ ගැටළු නිරකරනය වන අතර දෙසැම්බර් වන විට ඔබගේ ආර්ථික ගැටළු රෑසකට විසදුම් ලැබීමට ළඟම හිතවතෙකුගේ ආධාර උපකාර ලැබේ.
මීන ලග්නය
අය 10 වැය 9
ශුභ වර්ණය දම් -ජය අංකය 1
මානසික සහනයක් පැවතියද ධර්මයට
මීන ලග්නයෙන් උපන් ඔබට 2026 වර්ෂය තුලදී සැලකිල්ලෙන් ජීවත විය යුතුම අවදියකි නොකළ වැරදි වලට ගොදුරු වීම අනුන් කල වැරදි නිසා නීතියෙන් දඩුවම් විදීමට සිදුවීම, නොමනා ක්‍රියාවන්ට හා මත්ද්‍රව්‍ය මත් පැන් ආදියට ගොදුරු වීම, හිතවත් මිතුරු පාර්ශවයන් විරුද්ධව කටයුතු කිරීම තුලින් නීතියෙන් දැඩි සෙ දඩුවම් ලැබීම මෙම වර්ෂයේදී ඔබට සිදුවන හානි වේ. පෙබරවාරි මාර්තු වන විට මිතුරන් සතුරන් බවට පත්ව දුක් කරදර විපත් පමුනවයි. අප්‍රේල් වනවිට ශාරීරික දුබලතාවයන් සඳහා ඖෂධ ප්‍රතිකාර වලට යොමු වීම ඉතා වැදගය. මැයි වනවිට දුරබැහැර නෑයින් සමඟ විනෝද වීමටත් ඒ නිසාම කනස්සලු වීමටත් ඉඩ ඇති බැවින් ප්‍රවේසම් වීම අනිවාර්යෙන් කලයුතුයි. ජුනි ජුලි වන විට හදිසි අනතුරු, රැකියාවෙන් පහ කිරීම් වංචා දුෂණය වලට ගොදුරු වීම් පිලිබඳ සැලකිලිමත් වන්න. අගෝස්තු මාසයේදී යම් තරමක මානසික සහනයක් පැවතියද ධර්මයට වඩාත් නැබුරු වීම සහ හුදකලා වීම වැඩියෙන් සීදුවේ.
සැප්තැම්බර්, ඔක්තෝම්බර් වනවිට කෝපය, ආවේගය පාලනය කිරීම සිදුකල යුතුයි. නරක අසම්මත කටයුතු වලින් ඈත්ව කටයුතු නොකළ හොත් නින්දා අපහස මෙන්ම නීතිමය ගැටළු වලින් මිදීමට හැකි වේ. දෙසැම්බර් වෙද්දී අයහපතේ යෙදෙන අයට දරුණු විපාක ගෙනදෙන අතර මරණය පවා සිදුවීම වලක්වා ගත හැක්කේ ඔබ විසින් කරන ලද පෙර කුසලාකුශාල කර්මයන් බලවත් උවොත් පමණි.
Astrolankasri ජ්‍යෝතිර් විද්‍යා පර්යේෂණ පාසලේ විදුහල්පති ජ්‍යෝතිර් විද්‍යා, ගුප්තවිද්‍යා,වාස්තුවිද්‍යා,හස්තරේකා පාඨමාලා උපදේශක ආචාර්ය ඉනෝකා චතුරානි හපුආරච්චි 077 106 6810/ 070 720 5517 / 072 850 8824 (Divaina Newspaper)