හඟුරන්කෙත ප්‍රදේශයේ සිදුවූ නායයෑමකින් පූර්ණ ලෙස විනාශ වී ගිය නිවසක සුන්බුන් ඉවත් කිරීමේ කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලංකා යුධ හමුදා භට පිරිසක් විසින්, පස් කඳු අතර තිබී ඉතා වටිනා රන් ආභරණ සහ මුදල් තොගයක් සොයා ගැනීමට සමත් වී තිබේ.
හඟුරන්කෙත ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති 642 පාබල හමුදා බලඇණියට අයත් කණ්ඩායමක් විසින් ආපදාවට ලක්වූ නිවසේ සුන්බුන් ඉවත් කරමින් සිටියදී මෙම දේපළ හමු වී ඇත.මෙලෙස සොයා ගන්නා ලද දේපළවල මුළු වටිනාකම රුපියල් ලක්ෂ 50කට අධික රන් ආභරණ සහ රුපියල් ලක්ෂ 3කට ආසන්න මුදල් බව තහවුරු කරගෙන තිබේ. මහ පොළොවට යටවී තිබූ මෙම වටිනා සම්පත් යළි ගොඩගැනීමෙන් අනතුරුව, රාජ්‍ය නිලධාරිනියකගේ සාක්ෂිය සහ අධීක්ෂණය යටතේ එහි නියමිත අයිතිකරුවන් වෙත සුරක්ෂිතව භාර දීමට යුධ හමුදා නිලධාරීන් ඊයේ (16) පියවර ගෙන ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval