a-question-for-the-student-who-filmed-the-elephant-burning

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, මිහින්තලේ පොලිස් වසමට අයත් සීප්පුකුලම අඹගහවෙල ප්‍රදේශයේ සිදුවූ වන අලි හිංසන සිද්ධියක් හෙළිදරව් කිරීම සඳහා එය වීඩියෝගත කළ විශ්වවිද්‍යාල සිසුවකු මේ වන විට දැඩි අසාධාරණයකට ලක්ව ඇති බවට අනාවරණ වී ඇත.




එම සිසුවාගේ අධ්‍යාපන කටයුතු පවා දැඩි අවදානමකට ලක්ව ඇති බවට ඔහුගේ ඥාතීන් චෝදනා කරයි. සිද්ධිය වීඩියෝගත කිරීමට ඔහු භාවිත කළ ජංගම දුරකතනය වනජීවී නිලධාරීන් භාරයට ගෙන ඇති අතර, එය මෙතෙක් ඔහුට නැවත ලබා දී නොමැත.

ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත විශ්වවිද්‍යාල විභාග සඳහා අත්‍යවශ්‍ය විෂයය සටහන්, අධ්‍යයන දත්ත සහ පෞද්ගලික ලේඛන රැසක් එම ජංගම දුරකතනයෙහි අන්තර්ගත බව සිසුවා වනජීවී නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇත. එහෙත් දුරකතනය නැවත නොලැබීම හේතුවෙන් ඔහු දැඩි මානසික කම්පනයකට ලක්ව ඇති බවද වාර්තා වේ.




මෙම සමස්ත සිද්ධියට පසුබිම් වී ඇත්තේ, සීප්පුකුලම අඹගහවෙල ප්‍රදේශයේදී කිසියම් පිරිසක් වන අලියකුට පන්දම්වලින් පහර දී පුළුස්සා දමමින් අමානුෂික ලෙස හිංසා කළ ඛේදවාචකයයි.

news-2025-12-22-142413