හික්කඩුව, වෑවල මුහුදු තීරයේ දිය නාමින් සිටි 54 හැවිරිදි බෙලරූස් ජාතිකයෙකු දියවැලකට හසුවීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.
පොලීසිය පවසන පරිදි, දියවැල්යකට හසුව දියඹට ඇදී ගිය මෙම විදේශිකයා යළි ගොඩට ගසාගෙනවිත් තිබේ. පසුව 1990 ගිලන්රථ සේවය මගින් බලපිටිය රෝහලට ඇතුළත් කෙරුණු අතර, එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගිය බව වාර්තා වේ.
මේ අතර, ඊයේ (19) පස්වරුවේ හික්කඩුව වෙරළ තීරයේ මුහුදේ දිය නාමින් සිටි 44 හැවිරිදි රුසියානු ජාතික කාන්තාවක් ද දියවැලකට හසුවී අනතුරට පත්ව තිබේ. කෙසේවෙතත්, පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ කඩිනම් ක්‍රියාමාර්ග හේතුවෙන් ඇය බේරා ගැනීමට හැකි වී ඇත.