සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කිරීම මගින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පුළුල් විමර්ශනයක් අරඹා ඇත.
මෙම සිද්ධියට අදාළව, හිටපු අමාත්‍යවරයාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතා ඊයේ (30) දින කුරුණෑගල ප්‍රදේශයේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී, සතොස ආයතනයට අයත් මෙම ලොරි රථය ඔහුට අයත් බව කියන එතනෝල් සමාගමක කටයුතු සඳහා යොදාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
නීතිපතිවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වූ පොලිසිය, මුදල් විශුද්ධීකරණය, පොදු දේපළ පනත උල්ලංඝනය කිරීම, රජයේ දේපළ අවභාවිතය සහ සාපරාධී සාවද්‍ය පරිහරණය යන චෝදනා යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අක්‍රමිකතාව හේතුවෙන් රජයට රුපියල් ලක්ෂ දෙකහමාරක (250,000) අලාභයක් සිදුවී ඇති බවද වාර්තා වේ.
හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් යොදවා මෙහෙයුම් දියත් කර ඇතත්, ඔහු මේ වන විට රැඳී සිටින ස්ථානයක් සොයා ගැනීමට පොලීසියට තවමත් හැකියාව ලැබී නොමැති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
මේ අතර, අත්අඩංගුවට ගත් ජොහාන් ප්‍රනාන්දු මහතා අද (31) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.