5-arrested-for-protesting-over-land-issue-in-front-of-jaffna-tissa-temple

 යාපනය, කන්කසන්තුරේ පිහිටි තිස්ස රාජමහා විහාරය ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුර හටගත් උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් පස් දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබේ.



අදාළ විහාරස්ථානය සතු ඉඩම් සිවිල් ජනතාව වෙත නැවත ලබා දෙන ලෙස බල කරමින් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා ඇතුළු පිරිසක් විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබූ අතර,
gossiplanka image 1
එහිදී විරෝධතාකරුවන් බලහත්කාරයෙන් විහාරස්ථාන භූමියට ඇතුළු වීමට උත්සාහ දැරීමේදී පොලිසිය සහ පිරිස අතර මෙම ගැටුම්කාරී තත්ත්වය හටගෙන ඇත.

විරෝධතාව පැවැත්වීමට සැලසුම් කර ඇති බවට ලැබුණු තොරතුරු මත පලාලි පොලිසිය විසින් පුද්ගලයින් 29 දෙනෙකුට එරෙහිව විරෝධතා පැවැත්වීම වළක්වාලමින් පූර්ව අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබුණද, පිරිස එම නියෝග නොතකා හරිමින් කටයුතු කර ඇති බව පොලිසිය පවසයි.

පොලිස් රාජකාරියට බාධා වන අයුරින් ප්‍රචණ්ඩව හැසිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පිරිස අතර ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් මෙන්ම වේලන් ස්වාමි නමැති හින්දු පූජකවරයකු ද සිටින බව පොලිස් මාධ්‍ය අංශය තහවුරු කළේය.

සැකකරුවන් යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප මත මුදා හැර ඇති අතර, මීට පෙර අවස්ථා කිහිපයකදී ද විහාරස්ථානයේ ඉදිකිරීම් නතර කරන ලෙසත්, පුද්ගලික ඉඩම් නිදහස් කරන ලෙසත් ඉල්ලමින් මෙම ස්ථානයේ විරෝධතා වැඩසටහන් පවත්වා ඇති බව වාර්තා වේ.

gossiplanka image 1
gossiplanka image 2



gossiplanka image 3
gossiplanka image 4


gossiplanka image 5
gossiplanka image 6