
තම පෙම්වතියව වැලිවේරිය ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක් වෙත රැගෙන ගොස්, එහිදී ඇයට බලහත්කාරයෙන් 'අයිස්' මත්ද්‍රව්‍ය පානය කරවා සිහි විකල් කරවීමෙන් අනතුරුව, පෙම්වතා සහ ඔහුගේ මිතුරන් පස්දෙනෙකු එක්ව ඇයව සාමූහික දූෂණයකට ලක් කළ බව කියන බරපතල සිද්ධියක් වාර්තා වී තිබේ.
මෙම අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැලිවේරිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මෙන්ම අපරාධ විමර්ශන අංශය එක්ව පුළුල් විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇත.ඉකුත් 8 වැනිදා රාත්‍රී 10.00 ට පමණ මෙම විසිඑක් හැවිරිදි තරුණිය හති දමමින් වැලිවේරිය පොලිස් ස්ථානය වෙත දිවවිත් ඇති අතර, එම අවස්ථාවේදීම ඇය සිහිසුන්ව පොලිස් ස්ථානයේ බිම ඇද වැටී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. එම අවස්ථාවේදී වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරිනියන් කිහිප දෙනෙකු ඇයගේ මුහුණට ජලය ඉස ප්‍රථමාධාර ලබා දී සිහිය යථා තත්ත්වයට පත් කර ගැනීමෙන් අනතුරුව, මඳ වේලාවක් විවේකීව සිටීමට සලස්වා සිද්ධිය පිළිබඳව තොරතුරු විමසා තිබේ.
පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සමඟ තමා ප්‍රේම සම්බන්ධතාවක් පවත්වන බවත්, ඔහුගේ ඇරයුමකට අනුව වැලිවේරිය ප්‍රදේශයේ ලැගුම්හලක් වෙත පැමිණ කාමරයක් වෙන් කරවා ගත් බවත් ඇය පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත. එලෙස කාමරයේ රැඳී සිටින අතරතුර පෙම්වතා විසින් ඔහුගේ මිතුරන් පස්දෙනෙකු එම ස්ථානයට කැඳවාගෙන ඇති අතර,
පසුව ඔවුන් සියලු දෙනා එක්ව බලහත්කාරයෙන් තමාට අයිස් මත්ද්‍රව්‍ය ලබා දී මත් කරවීමෙන් පසුව තමා සිහිසුන්ව සිටියදී මෙම අපරාධය සිදු කළ බවට ඇය සිය පැමිණිල්ලේ සඳහන් කර ඇති බව පොලිසිය පවසයි.
සමූහ දූෂණයට ලක්වූ බව කියන මෙම තරුණිය මේ වන විට වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා රෝහල් ගත කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය. සිද්ධියට සම්බන්ධ බව කියන ප්‍රධාන සැකකරු වන පෙම්වතා සහ ඔහුගේ මිතුරන් පස්දෙනා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා මෙහෙයුම් දියත් කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval