එළැඹෙන 2026 වසර ඔබට කොහොම වෙයිද? ලග්න අනුව පලාපල විස්තරය සිළුමිණ පුවත්පත මගින් පළ කර තිබුනේ මෙසේය.
මේෂ - ආර්ථිකය ශක්තිමත් වේ
ගෘහ ජීවිතය - නව වර්ෂය ආරම්භයේ ඔබගේ ලග්නයේ ග්‍රහ පිහිටීම් අනුව චතුර් ග්‍රහ යෝගයක් භාග්‍යස්ථානය හෙවත් පුණ්‍යස්ථානයේ පිහිටා තිබීම ධාර්මික වූත් යහපත් වූත් ජීවන රටාවක් අනුගමනය කිරීමක් පෙන්නුම් කරයි. 4 අධිපති සඳු දෙවැන්නේ උච්ච බල ඇතිව පිහිටීමෙන් වචනයේ ප්‍රියමනාප කාරුණික බව නිසා අන්‍යයන්ගේ ප්‍රසාදය හිමිකර ගනී.
රැකියාව - රැකියා කාරක සෙනසුරු 12 වැන්නේ නිසා විදෙස් රැකියා සඳහා ඇදී යාමක්ද, මව්බිමේ සිටම විදෙස් සබඳතා ඇතිව කරන රැකියා ව්‍යාපාර ද ඒවා බොහෝ දුරට තාක්ෂණය උපයෝගී කරගෙන යන බවද දක්නට ඇත. සෞඛ්‍ය ක්ෂේත්‍රය, කෘෂි කර්මාන්තය වැනි අංශ මෙරටෙහි දියුණුවේ. කෙසේ හෝ ආර්ථිකය ශක්තිමත් කරගනී.
අධ්‍යාපනය - මෙතෙක් අධ්‍යාපනයට තිබූ බාධක ඉවත් වී සියලු දරුවනට යහපතක්ම සැලසේ. විශේෂයෙන් උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට ජයග්‍රහණ ලබා ගැනීමට මාර්ග සැලසේ.
ලග්න ඒරාෂ්ටක තත්ත්වයකට මුහුණදී සිටින බැවින් ඔබගේ කරන කියන කටයුතු අතර සෙනසුරු ග්‍රහයා වෙනුවෙන් ආබාධිත අයට දානමාන දෙන්න. උපකාර කරන්න. බලු කපුටු දාන දෙන්න. නිල් මල් සහිත බෝධි පූජා සෙනසුරාදා දිනවල තබන්න.
වෘෂභ - මංගල යෝග
ගෘහ ජීවිතය - ලග්නාධිපති 5 අධිපති සමඟ යෝගව ගුරුගේ රාශියක තැන්පත් වීම අයහපත් නොවේ. 4 වැන්න දැකීම අනුව ගෘහ ජීවිතය සතුටුදායක වන අතර ධෛර්ය සම්පන්න වේ. දේපළ නිවාස ගැටලු විසඳේ. අවිවාහක තරුණ තරුණියන්ට මංගල යෝග උදාවන ගෙදර දොර නවීකරණයක් පෙන්වන යාන වාහන හිමිවන වර්ෂයකි.
රැකියා - රැකියා කාරක මෙන්ම 10 වැන්නේ අධිපති ද වූ ලග්නයට යෝගකාරක සෙනසුරු ග්‍රහයා අයස්ථානයේ ගෝචර වීම සුබදායකය. නව රැකියා බලාපොරොත්තුවෙන් සිටින ඔබට භාග්‍ය උදවෙයි. හෝටල් ක්ෂේත්‍රයේ රැකියා ලාභ හිමිවේ. කෘෂි කර්මාන්තය වුවද දියුණු කරගත හැකිය.
අධ්‍යාපනය - පෙර පාසල් වයසේ සිටින දරුවන්ගේ සිට උසස් අධ්‍යාපනය දක්වා සියලු දරුවන්ගේ ඉගෙනුම වර්ධනය වෙයි. නැතිවූ සියලු පාසැල් උපකරණ පරිත්‍යාගශීලීන්ගෙන්, රජයෙන් ලැබීමේ භාග්‍ය පිහිටයි.
ඔබ රැකියාවෙන් උපයන මුදලින් වැටකෙයා මලක් බෝධියට පූජා කරන්න. විෂ්ණු දෙවිඳුන්ට පින් දෙන්න. සිකුරාදා දිනවල බෝධි පූජා 21ක් තැබීමෙන් සහ විචිත්‍ර වර්ණවත් ඇඳුම් පැලඳුම් අසරණ අයට පරිත්‍යාග කිරීමෙන් අපල අවම වේ.
මිථුන - විදෙස් රැකියාවලට ඉඩකඩ
ගෘහ ජීවිතය - යෝගකාරක සිකුරු කුජ සහ රවි ග්‍රහයින්ගෙන් තැන්පත් වීම අනුව ගෘහ ජීවිතය යුග දිවිය යහපත් අයුරින් ගත කරන්නට හැකියාව ලැබේ. විදෙස්ගත වී සිටින මවගෙන් හෝ ස්ත්‍රී පක්ෂයේ අයගෙන් උදවු උපකාර ලැබේ. යාන වාහන, දේපළ උරුම වීමට ඇති හැකියාව ද පෙන්වයි. ජූනි මාසයේ සිට ගුරු දෙවැන්නට යාම ඔබගේ තැන්පත් ධනයක් පවත්වාගෙන යාමේ අරමුණු සපල වෙයි.
රැකියාව - සෙනසුරු 10 වැන්නේ ගුරුගේ රාශියක තැන්පත්ව ඇති අතර බුධගේ දෘෂ්ටිය ද ලබයි. ගෞරවනීය රැකියාවන්වලට උරුමකම් ඇත. විදෙස් රැකියාවලට ද ඉඩ ඇත. ගුරු වෘත්තියට බොහෝ විට ළංවෙයි.
අධ්‍යාපනය - ගුරු ලග්නගතව සිට 5 වැන්න දැකීමෙන් විද්‍යාස්ථාන යළි නඟා සිටුවීමත් දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය ඇති වීමත් විභාග ජයග්‍රහණය කිරීමට පිටිවහලක් වෙයි. වාණිජමය විෂයයන් තෝරා ගැනීමට දරුවන් උනන්දුවක් දක්වයි. ව්‍යාපාරික අංශවලට පෙලඹීම සඳහා උපාධි, ඩිප්ලෝමා පාඨමාලා හදාරන්නට යොමුවෙයි.
බදාදා දිනවල නිල් මල් සහිත බෝධි පූජා තැබීමත්, රතන සූත්‍රය සජ්ඣායනා කිරීමත්, විෂ්ණු කතරගම දෙවිවරුන්ට පින් දීමත්, කොහොඹ පැළයක් සිටුවා සත්කාර කිරීමත් අපල දුරු වීමට හේතු වෙයි.
කටක - අරමුණු සපල වන වසරකි
ගෘහ ජීවිතය - 6 වැන්නේ චතුර් ග්‍රහ යෝගය නිසා ඔබගේ වැඩ කටයුතු කරගෙන යද්දී එන බාධක මඟ හරවයි.
රාහු 8 වැන්නේ ගෝචර වී සිටීම නිසා කලබල ගති අඩුකර ඉවසීම පවත්වා ගැනීමට හැකි නම් ඔබ බුද්ධිමතෙකි. වසරේ මැද භාගයෙන් පසුව ගුරු ලග්නයට පැමිණීම ඔබගේ වාසනාව උදා කරයි. සෞභාග්‍යමත් ජීවිතයක් උදෙසා ඔබගේ වැඩපිළිවෙළ ගොඩනැඟෙයි.
රැකියාව - සෙනසුරු භාග්‍යස්ථානය මෙන්ම පුණ්‍යස්ථානයේ ගෝචරව ඇත. සෞඛ්‍ය ක්ෂේත්රවල, පිරිවෙන්වල, සුබ සාධක ආයතනවල මෙන්ම පාසල්වලද රැකියා ලැබීමේ ප්‍රවණතාව වැඩිය. වර්ෂය ආරම්භයේම සඳු ග්‍රහයා අයස්ථානයේ ගෝචර වීමෙන් මවු පාර්ශ්වයේ උදව් උපකාර ද ලැබේ.
අධ්‍යාපනය - විද්‍යාස්ථාන අධිපති 6 වැන්නේ ගුරුගේ රාශියක වීම මෙන්ම වසර ආරම්භයේදීම අයස්ථානයේ සිටින සඳුගේ දෘෂ්ටිය ලැබීම දරුවන්ගේ ඉගෙනුම සාර්ථක කරගැනීමට පිටිවහලකි. විද්‍යා, ගණිත අංශවලට කටක ලග්න දරුවන් වැඩිපුර යොමුවේ. ධර්ම කරුණු පිළිබඳ පොතපත කියවීමට තරුණ වයසේ දරුවන් ද උනන්දු වේ.
නිවසෙහි තුන්වරු පිරිතක් කියා ස්වාමීන් වහන්සේට හීල් දානය පිළිගැන්වීමත්, අටපිරිකරක් පූජා කිරීමත්, උපාසක අයට සිල් රෙදි පූජා කිරීමත්, පත්තිනි දේවියට පුද පූජා පැවැත්වීමත්, පින් දීමත් අපල අඩු කිරීමට හේතු වේ.
සිංහ - දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය
ගෘහ ජීවිතය - පූර්ව පුණ්‍යස්ථානයේ චතුර් ග්‍රහ යෝගය 2026 වසර සුබපල අත්පත් කර දෙයි. ලග්නාධිපති රවි සහ 4, 9, 10 අධිපතියන්ගේ එකතුව බලවත්ය. ගෘහ ජීවිතය රැකියා ආගමික ප්රබෝධය යන සියලු අංශ දියුණුවෙන් දියුණුවට පත්වේ. දරුවන්ගේ යහපත් අරමුණු සුබවාදී අයුරින් විසඳේ. ලග්නයේ කේතු පොතපත දැනුම ලබාදෙයි.
රැකියාව - විදෙස් සබඳතා හෝ මෙරටේ වුවත් තැපැල් මඟින් හෝ වෙනත් මාර්ගවලින් බෙදාහරින බඩු භාණ්ඩවලින් ලාභ ලබයි. එවන් රැකියාවල තත්ත්වය උසස් වෙයි. හෝටල් ක්ෂේත්‍රයේ මෙන්ම දියර හා කිරි නිෂ්පාදනවලට ඉල්ලුම වැඩිවීම නිසා ඒවායින් ලාභ ප්‍රයෝජන අත්කර දෙයි.
අධ්‍යාපනය - අධ්‍යාපනය ලබන සියලු දරුවන්ට සුබපල හිමිවේ. සියලු අංශවල දක්ෂතා මතු කරයි. දැනුම ආකල්ප වර්ධනය වේ. ලියන කියන දේ කලාත්මක කටයුතු පමණක් නොව ක්‍රීඩා අංශවලින් ද ජයග්‍රහණ ලැබ දෙයි.
අෂ්ටම ඒරාෂ්ටකයක් ද පවතින හෙයින් කරන කියන කටයුතුවලදී ප්‍රවේශම් වන්න. දානමාන පින්කම්, ආබාධිත අසරණ අයට උදව් උපකාර කිරීම, කපුටන්ට කිරිබත් එලඟිතෙල් මිශ්‍රකොට දීම සෙනසුරාදා නිර්මාංශ වීම බෝධි පූජා තැබීම විෂ්ණු දෙවියන්ට පින්දීම ආදිය කිරීමෙන් අපල අඩුවේ.
කන්‍යා - ගෘහ ජීවිතයේ දියුණුව
ගෘහ ජීවිතය - 2026 වර්ෂයට අවතීර්ණ වනවිට ඔබගේ කේන්දරයේ සිව්වැන්න තුළ චතුර් ග්රයෝගයක් නිර්මාණය වී තිබීම මවට වඩාත් සමීප වන ගේදොර, ඉඩකඩම්, යාන වාහන හිමි වන සෞභාග්‍යමත් වසරක් බවට ඉඟියක් දෙයි. ඔබ විදෙස්ගතව සිටීනම් කරන කියන කටයුතු සාර්ථක වේ.
රැකියාව - රාජ්‍ය අංශවල රැකී රක්ෂා ලැබීමේ ප්‍රවණතාව වැඩිය. ලිපි ලේඛන සම්බන්ධ සහ ගෞරවනීය තනතුරු ලාභ ඇත. ව්‍යාපාර අංශ ද දියුණු වේ. මහන්සි වී වැඩ කරන්නට සිදුවේ. විදෙස් ධනය ලබන්නට ද ඒ හා සම්බන්ධ තාක්ෂණය මෙහෙයවා කටයුතු කරන්නට ද ඉඩකඩ සැලසේ.
අධ්‍යාපනය - ලග්නාධිපති බුධ යෝගකාරක සිකුරු සමඟ සිව්වෙනි භාවයේ වික්‍රමස්ථාන අධිපති සමඟ ගෝචර වීමත් 5 අධිපති ශනි 7 වැන්නේ වීමත් අනුව අධ්‍යාපනය සාර්ථක කරයි. තාක්ෂණය වැනි විෂයන්ට වැඩියෙන් කැමැත්තක් දක්වනු ඇත.
ඒරාෂ්ටක අපල ප්‍රධාන වශයෙන් නොමැති වුවත් දශානුගත අපල හෝ තිබෙන්නට පුළුවන. ඔබ කුඩා දරුවනට පාසල් උපකරණ වැනි දේ ලබාදීමත් ඔවුන්ට දැනුම බුද්ධිය ලබාදීමත් බදාදා දිනයේ බෝධි පූජා තැබීමත් තුළින් අපල අවම කරගැනීමට හැකියාව ඇත.
තුලා - පලදායී වසරක්
ගෘහ ජීවිතය - වික්‍රමස්ථානය බලවත්ව චතුර් ග්‍රහ යෝගයක් පිහිටා තිබීම ඔබගේ ආත්ම විශ්වාසය මෙන්ම අභිමානයෙන් ජීවත්වීම ද පෙන්නුම් කරයි. එළඹෙන වසරේ ඔබට බිය නැතිව ඕනෑම සුබ කටයුත්තකට අත තැබීමට හැකියාව ඇත. එය අතිශය සාර්ථක වනු ඇත. සැඟවුණු සහජ දක්ෂතා මතු කරන වසරකි.
රැකියාව - විපරීත යෝගයකින් සඳු බලවත්ව අටවැන්නේ සිටීම විදෙස්ගත රැකියා ඉල්ලුම් කර තිබෙන අයට සතුටුදායක පණිවිඩයක් දෙනු ඇත. මෙරටේ වුවද සංචාරක ක්ෂේත්‍රය, අධ්‍යාපනික සමාජ සේවා යන අංශවල රැකියා තුලා ලග්න හිමියනට සහන රැසක් ගෙන දෙයි.
අධ්‍යාපනය - අධ්‍යාපනය ගැන විමසීමේදී තුලා ලග්න හිමි ඔබගේ විද්‍යාස්ථානය වූ 5 වැන්නේ රාහුගේ ගෝචර වීම බාධා සහිත සහ අවධානය වෙනත් බාහිර දේට යොමු කිරීමත් පෙන්වයි. පොතපත කියවීම අඩුය. උත්සාහයෙන් යුතුව ප්‍රාථමික සහ සා.පෙළ ලියන දරුවන් වැඩ කළ යුතුය. සෙත් ශාන්තිවලට යොමුවීම වැදගත්ය.
සිකුරාදා දිනවල හැකි පමණ බෝධි පූජා තැබීමත් ශක්‍ර දේවේන්ද්‍රයා ඇතුළු සියලු දෙවියන්ට පින් අනුමෝදන් කිරීමත් නිවෙස ඉදිරියේ කරඳ පැළයක් සිටුවා එයට සත්කාර කිරීමත් අපල අවම කරයි.

ධනු - පෞරුෂත්වය වර්ධනය වේ
ගෘහ ජීවිතය - ලග්නයේම ගෝචර වී ඇති චතුර් ග්‍රහයන් නිසා ප්‍රාණවත් හා නීරෝගි බව යහපත් මානසික සුවතාවය ඔබට ලැබ දෙයි. ගමන් බිමන්වලින් ප්‍රතිඵලදායක ජයග්‍රහණ අත්වේ. කුසලතා වර්ධනය කෙරෙන මේ වසර ස්වයං රැකියාවක් හෝ ලාභ උපයන ව්‍යාපාරයක් ආරම්භයට සුදුසුය. ගෘහ ජීවිතය අර්ථවත් ලෙස ගත කරන්නට හැකිවේ.
රැකියාව - ඔබට වෛද්‍ය වෘත්තිය, තාක්ෂණය, ඉංජිනේරු වැනි අංශවල රැකියාවන් සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව පවතින අතර දැනටමත් මෙවැනි වෘත්තියක නියැළී සිටීනම් උසස්වීම්, වැටුප් වර්ධක හා පිළිගැනීම්වලට භාජනය වනු ඇත.
අධ්‍යාපනය - ඔබ දැනටමත් වෛද්‍යවරයෙකු හෝ වරියක වීමට ඉගෙනීමෙහි යෙදේ නම් අනිවාර්යයෙන්ම එය ඉටුවේ. ඉංජිනේරු තාක්ෂණ අංශවල දරු දැරියන්ට ද දැනුම ශක්තිය වර්ධනය වේ. යහපත් ගුරුවරු ලැබේ.
නිතර කහ පාට මල් පූජා කිරීම, බෝමළුව අමදීම, පැන් කළයක් දැමීම, බෝ පත්‍ර අතින් අහුලා දැමීම, අටපිරිකර පූජා කිරීම, බෙලි මල් රණවරා ආදිය ගිලන්පස පූජා කිරීම, කතරගම දෙවියන්ට පින් දීම සහ වැඩහිටියනට සැලකීම ඔබේ අපල අවම කරයි.
මකර - රැකියාවේ උසස්වීම්
ගෘහ ජීවිතය - ඔබගේ ලග්නාධිපති සෙනසුරු වික්‍රමස්ථානයේ යෙදී ඇත. හැකියාවෙන් පල ලබයි. කිසිවකුටත් නොදෙවැනි චරිතයක් වේ. 9 වැන්නේ සිට 11 වැන්න දක්වා අධිපති ග්‍රහයන් 12 වැන්නේය. විදෙස් ගමන්, විදෙස් රැකියා, විදෙස් අධ්‍යාපනය ආදියට යොමුවේ. මේ රටේ වුවද දුර බැහැර ගමන් යෙදේ. කරන කියන වෘත්තියෙන් නිසි පල ප්‍රයෝජන ලබයි.
රැකියාව - බොහෝවිට දුර බැහැර රැකියා ලබන්නට ඉඩ ඇත. වැඩි වැටුප්, උසස්වීම් සහ නව රැකියා උත්පාදනය සිදුවන නිසා පලදායී අර්ථවත් රැකියාවක නියැළීමට ඔබට හැකියාව ඇත. කය වෙහෙසා වැඩ කිරීමේ ශක්තිය නිසා ඔබ සමහරවිට ජීවිතය ගැනවත් නොසිතයි.
අධ්‍යාපනය - විද්‍යාස්ථානය වූ 5 වැන්නේ සඳු බලවත්ව ඇති නිසා අධ්‍යාපනය සාර්ථක කරගැනීමේ වැඩපිළිවෙළ ඔබට සකස් වනු ඇත.
දුර බැහැර පාසල්වලට යාමට හැකි ඉඩකඩ වැඩිය. තම මවට සමාන ආදරණීය ගුරුවරු මුණගැසේ. කලා අංශවල විෂයයන් වැඩියෙන් තෝරාගනී.
මකර ලග්න ඔබ වැඩිපුර වචන යහපත් අන්දමින් හසුරුවන්න. වැඩ කටයුතුවලදී හදිසි නොවන්න. අනතුරු සිදුවිය හැකියි. සෙනසුරාදා දිනවල බෝධි පූජා තබන්න. වැටකෙයියා මල් හා නිල් මල් පූජා කරන්න. ශක්‍ර, විෂ්ණු දෙවිවරුනට පින් දෙන්න. බලු කපුටු දාන දී වතුර තියන්න.
කුම්භ - ලැබීම් සහිත වසරකි
ගෘහ ජීවිතය - පළමුවම කිව යුත්තේ ඔබට මෙම වසර ඉතා යහපත් බවය. ලැබීම් අතින් ද භාග්‍යවන්ත වේ. තවම ඒරාෂ්ටක තත්ත්වය පවතින බැවින් අසනීප අපල උපද්‍රව ද පෙන්වයි. රාහු ලග්නගතව සිටීම නිසා රැවටිලි ආදියට හසු නොවීමට බුද්ධිමත් වන්න. ගනුදෙනුවලදී ද ප්‍රවේශම් වන්න.
රැකියාව - රැකියා ස්ථානය වූ 10 අධිපති 11 වැන්නේ චතුර් ග්‍රහ යෝගයක් නිර්මාණය කර ඇත. ලැබීම් සහිත ලාභදායී වෘත්තිමය කටයුත්තක නියැළෙයි. එක රැකියාවක් නොව රැකියා කීපයකින් ආදායම් ලබන්නට ඔබට හැකි වන වසරක් බැවින් උනන්දුවෙන් කටයුතු කරන්න.
අධ්‍යාපනය - මෙතෙක් අධ්‍යාපනයට බාධක තිබුණේ නම් ඉවත් වී සුබපල ළඟා කර දෙයි. 5 වැන්න ගුරුට හොඳ තැනක් බැවින් විද්‍යාස්ථානවලින් පවා දක්ෂ දරුවන් බිහිවේ. විභාග ජයග්‍රහණය පිණිස ගුරුවරුන් කැපවීම් කරයි. අමතකවීම් සිදුවිය හැකි බැවින් ඒවාට සෙත් ශාන්ති කිරීමෙන් අපල අඩු කර ගන්න.
සෙනසුරාදා දිනවල බෝධි පූජා හැකි පමණ තබන්න. බලු කපුටු දාන අසරණ අයට රෝගීන්ට සත්කාර කරන්න. ධර්මය පිළිපදින්න; අසන්න. සමාජයේ පොදුවැඩවලට සහභාගී වන්න. ඔබගේ අපල අවම වනු ඇත. රතන සූත්‍රය කියන්න, අසන්න.

(ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ - සිළුමිණ)