එළැඹෙන 2026 වසර ඔබට කොහොම වෙයිද? ලග්න අනුව පලාපල විස්තරය ඉරිදා ලංකාදීප පුවත්පත මගින් පළ කර තිබුනේ මෙසේය.
ආර්ථිකයේ දියුණුවක් මේෂ ලග්නය
මේෂ ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරය අනුව ග්‍රහ බලය නව වසරෙහි ශුභදායි අයුරින් ක්‍රියාත්මක වන නිසා උදාවන්නා වූ අලුත් අවුරුද්ද ශුභඵලදායී අයුරින් ගත වන්නේය.
එසේම මෙය ඔබේ ආර්ථිකය, රැකියා විවාහ ආදී කාර්යයන්හි වැඩි දියුණුවට කටයුතු පිළියෙළ වේ. මැයි මාසය තෙක් ගුරු ග්‍රහයා පීඩාකාරී ව ගමන් කරන නිසා ශරීර සෞඛ්‍යයට යහපත් නොවේ. අසනීපයක් තිබුණේ නම් එය වැඩි වේ. රැකියා ස්ථාන හෝ පදිංචිය වෙනස් වීමක් ද පෙන්වයි. නැතහොත් මෙම කාලසීමාවෙහි ගම අත්හැර දැමීමට සිතෙයි. පසුගිය කාලයේ මිල මුදල් හෝ වෙනත් බාහිර ප්‍රශ්න හේතුවෙන් අතහැර දමා තිබූ වැඩ නැවත ඇරඹීමට අවශ්‍ය කටයුතු පිළියෙළි වේ.
අධ්‍යාපනය, ආර්ථික හා රැකියාවේ තත්ත්වය:- මෙම වසරෙහි ඉගෙනීම් කටයුතු වලට දැඩි අවහිර බාධා මතු නොකළත් ඉගෙනීම් කටයුතු උනන්දුවෙන් උද්යෝගයෙන් යුතුව කරගෙන යා යුතුයි. විශේෂයෙන් ඔබට මෙම වසරේ මුල් මාස 6 තුළ අධ්‍යාපනික කටයුතු කරගෙන යාමට සිදු වන්නේ විවිධ අවහිර හා බාධා මධ්‍යයේය.
එමෙන්ම උනන්දුව අඩු වී උදාසීන බවක්ද එහිදී මතු වේ. අවසන් මාස 6 මෙම ස්වභාවය පහ වී ගොස් පැහැදිලි මනසින් ඉගෙනීම් කටයුතු වල නිරත වීමටත් හැකි වේ. පොතපතෙහි කටයුතු ක්‍රමවත් භාවයට පත් වේ.
ආර්ථිකයේ වැඩි දියුණුවට කටයුතු සිදු වේ. ලාභ අපේක්ෂාවෙන් කරන ඉපැයීම් හා ගනු දෙනුවලින් වාසි ප්‍රයෝජන අත්පත් වන්නේ අවශ්‍යතා මග හැරී ගිය පසුවය. ධන හානියක් ඇතිවන නිසා කෙසේ නමුත් අවිශ්වාස අය සමග ගනු දෙනු නොකරන්න. තම ආදායම් අඩුවන බැවින් ඇතැම් අවස්ථාවල ණය ගනුදෙනුවලට සම්බන්ධ වීමටත් සිදු වේ. තීන්දුවකට බැසීමට නොහැකි කරුණු ඇති වේ. වියදම් අධික වෙයි. සමහර විට ස්ථාන වල හෝ කරගෙන ආ කටයුතු වල වෙනසක් ද ඇති කළ හැකිය.
නොතේරුම්කමින් හෝ තමා නොදැනම හෝ වැරදි සිදු වේ.
දැන උගත්කමට, හැකියාවට හා කුසලතාවට සරිලන පරිදි නව රැකියා අවස්ථාවක් ඔබට මෙම වසරෙහි හිමි වුවත් ඒ සඳහා දැඩි වෙහෙසක් දරන්ට සිදු වේ. රැකියා ව්‍යාපාරයන්ට සම්බන්ධ කරන කියන සියලුම කටයුතු වලින් කරදරද පාඩුද කරන්ට යන කටයුතු වලට බාධා ද ප්‍රමාද වීමද ඇතිවන නිසා සැලසුම් සහගතව නිවැරදි ලෙස කරන්න. රාජකාරි ස්ථාන හැර යාමට සිතෙයි. ආයතන කෙරෙන් චෝදනා අපවාද ලැබෙන කාලයක් බැවින් ප්‍රවේසම් විය යුතුය.
ආදරය සහ විවාහය:- විසරෙහි ඔබව පහසුවෙන් විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණයට ලක්වුවත් ප්‍රේම සබඳතා හා විවාහ දිවිය කෙරෙන් හටගන්නා ගැටලු නිරාකරණය කර ගැනීමටත් කාලය මිඩංගු කිරීමට සිදුවනු ඇත. මේවා කෙරෙන් බලපා තිබූ යම් යම් අවුල් සහගත තත්ත්වයන් තව තවත් පැනනගී. සාර්ථක විවාහ තීන්දු ගැනීමට ඉඩකඩ යෙදුණත් දූරදර්ශී නොවුනොත් මේවාට නිසි පරිදි අවස්ථාව නොයෙදේ.
අධික වියදම් වෘෂභ ලග්නය
නව වසරේ ග්‍රහ ගමන ඔබේ අධ්‍යාපන, ආර්ථික හා රැකියා මෙන්ම විවාහ ආදී කාර්යයන්ට බලපාන අයුරු පහත සඳහන් වේ.
වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයට අනුව ග්‍රහ බලය ශුභා ශුභ මිශ්‍ර අයුරින් ක්‍රියාත්මක වන නිසා උදාවන නවවසර ශුභ ඵල මෙන්ම අශුභ ඵල ද මිශ්‍රව ගෙන දෙන්නේය.
එනමුදු පොදුවේ සැලසුම් සහගතව දුරදිග බලා කරන අරඹන කටයුතු අසාර්ථක නොව වේ.
අධික වියදම් ඇති වේ. අලුත් වැඩකට නව ආයෝජනයක් කිරීමට අමතර මුදලක් ණය වීමට ද සිදු වේ. දුරදිග නොබලා කරන කතා හා අරඹන වැඩ නිසා බලාපොරොත්තු රහිත අවුල් මතුවේ. නිෂ්ඵල ගමන් නිතරම ඇති වේ.
ප්‍රයෝජන නොලැබෙන දෙයට මහන්සි වෙන කාලයකි. තමාට වන ඇතැම් දේ ගැන කරදරද සිත්තැවුල් ද ඇති කරයි. පවුලේ අයගෙන් ද හොඳක් නොලැබේ. නමුත් පවුලේ අයට තමාගෙන් උපකාර ඇති වේ.
අධ්‍යාපනය - ආර්ථික හා රැකියාවේ තත්ත්වය:- මෙම වසර පුරාම පොත පතට ඇති උනන්දුව යොමුවීම අඩු වී විනෝදයට බර වන බැවින් එවැනි දෙයට නතු නොවී සිය අධ්‍යාපනික කටයුතු වලට ප්රමුඛත්වයක් දී ක්‍රියා කරන්න.
අධ්‍යාපනික ආයතන කෙරෙන් ද කලකිරීම සහගත දෑ ඇති කරයි. ඔබ වැඩි වශයෙන් ඉගෙනීමට යොමුවන ඊට කැමැත්ත ඇති යහළු යෙහෙළියන් ආශ්‍රය කරන්නට උනන්දු වන්න.
ඔබට මෙම වසරේ අපේක්ෂිත මිල මුදල් ලාභ ලැබුණත් වියදම් ද ඒ අයුරින්ම ගෙන දේ.
කල්පනාවෙන් සැලසුම් නගනව ඉපැයීම් මාර්ග වල නිරත වන්න. පොදුවේ ලැබෙන මුදල් ඉතිරිකර ගැනිමට අපහසු වන වසරකි.
විශේෂයෙන් ඔබට යම් යම් පැතිකඩ මගින් යම් යම් වාසිසහගත දේවල් මෙන්ම ලාභ ප්‍රයෝජනය ද සැලසෙනු ඇත.
රැකී රක්ෂා, වෙළෙඳ ව්‍යාපාරාදී කටයුතු වල උනන්දුවෙන් නිරිත වීමට වාතාවරණය සැකසෙන අතර රුකියා හා ව්‍යාපාරික කටයුතු කෙරෙන් විවිධ ප්රශ්නකාරී දෑ මතු නොවන ලෙසට කටයුතු කරන්න. රාජකාරියේදී තමන්ට ලැබුණු පහසුකම් තරමක් අඩු වීමට කරුණු මතු වේ. රැකී රක්ෂා ව්‍යාපාරික කටයුතු සම්බන්ධ යම් යම් කරදරකාරි ස්වභාවයන් ගෙනදීමේ ඉඩක් පවතින බැවින් සැලකිලිමත් වන්න.
ආදරය සහ විවාහය:- ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් ශුභාශුභ මිශ්‍ර ඵල ඇති කරයි. අනවශ්‍ය හා ප්රයෝගකාරී කතා හේතුවෙන් ගොඩ නැඟී තිබූ සබඳතා බිඳී යාමටත් ඉඩ පවතින බැවින් ඉන් ආරක්ෂා වන්න. මෙම මස තුළ ඔබගේ හැසිරීම යහපත් අයුරින් පවත්වා ගැනීමට හැකි වුවහොත් නව සබඳතා ගැනීමටත් හැකි වන්නේය. තමා ඇසුරු කරන විරුද්ධ ලිංගිකයා හෝ සහකරු සහකාරිය සමග
අන්‍යෝන්‍ය විශ්වාසය, හොඳ හිත පළුදු වන අන්දමේ හේතු පෙන්නුම් කරන නිසා නිතරම අන්‍යෝන්‍ය බැඳීමෙන් සහයෝගයෙන් කටයුතු කිරීම වැදගත් වනු ඇත.
අභියෝග වලින් ජය ලැබෙයි මිටුන ලග්නය
මිථුන ලග්නය හිමි ඔබට මෙම ලබන්නා වූ අලුත් අවුරු අද්ද ශුභදායි අයුරින් ක්‍රියාත්මක වන නිසා සැලසුම් කරන වැඩ කටයුතු අපේක්ෂිත අයුරින් සාර්ථක කර ගැනීමේ හැකියාව ලැබේ. එසේම මෙය ඔබ ප්‍රයෝජනවත් වැඩවල වැඩි වශයෙන් වසරකි. උත්සාහයන්හි ප්‍රතිඵල නිරතවෙන ලැබෙන අතර අභියෝග ජයගැනීමේ හැකියාව පවතී. ප්‍රීතියක් සැනසීමත් ලැබෙන වසරකි. ශරීර සනීපයද ඇති වේ. වටිනා දේ මිලදී ගැනීමට ඉඩ ලැබේ. ඒ එසේ නමුදු වචන පාවිච්චියේදී හිතවතුන් සමග මත ගැටුම් ඇති නොකර ගන්න. ඒවා මුල් කොට හිතවතුන් සමග අමනාප නොමනාප ඇති කරයි.
අධ්‍යාපනය, ආර්ථික හා රැකියාවේ තත්ත්වය:- මෙම විසර්ග්හි ඔබගේ අධ්‍යාපනික කටයුතු වල සාර්ථකත්වය බලා සතුටු විය හැකි වන අතර උසස් අධ්‍යාපන කාර්යයකට ද සිත යොමුවන්නේය. උද්යෝගය හා කැපවීම කැපී පෙනෙන වසරකි. අනෙක් සිසු සිසුවියන් අතර විවිධ දක්ෂතා, කුසලතා පෙන්වාලයි. තරග විභාග වලින් ජය ලැබේ. අධ්‍යාපනික නේවාසික පහසුකම් පිළිබඳ යම් යම් ප්රශ්නකාරි දෑ මෙම වසරෙහි ඇති නොවෙයි.
තම ආර්ථික කටයුතු වැඩිදියුණු කර ගැනීම උදෙසා ඔබ මෙම වසරෙහි බෙහෙවින් ඇප කැපවී කටයුතු කරන ස්වභාවයක් පෙන්නුම් කරයි. පොදුවේ ඔබට මෙම වසරේ ආර්ථික හා දේපළ ලාභ 100 ගැනීමට හැකියාව ලැබේ. එබැවින් නම් ආදායම් මාර්ග ගොඩනැඟී ආර්ථිකයේ ප්‍රගතියක් මෙම වසරේදී සිදුවන්නේය. බලපෑ ආර්ථික ගැටලු බොහොමයකින් නිදහස් වීමට හැකිවනු ඇත.
උරුම හිමිකම් ප්‍රශ්න නිරාකරණය වී මීට අදාළ යම් යම් ලාභ ප්රයෝජනයද සැලසෙන්නේය.
තැන්පත් ධනයට යමක් එකතු වේ.
ඔබගේ රැකියා 21 ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් ගත වූ වසරට වඩා යහපත් වෙනසක් මෙම වසරේ දී පෙන්නුම් කරයි.
නියුතු රැකියාවේ, ස්වයං රැකියා හෝ හවුල් ව්‍යාපාරාදියේ ඉදිරි ගමනක් ඇති වේ.
රාජකාරියට බලපා තිබූ බාධාවක් ඉවත්ව යනු ඇත. විශේෂයෙන් රැකී රක්ෂා ව්‍යාපාර කටයුතු වල නව වෙනසක් සිදු වනු ඇත. රුකියා උසස් වීම්වලට පසුබිම සැකසෙන අතර, විදෙස් රැකියා අපේක්ෂාවක් ද ඉටුවී සිතෙහි සහනයෙන් සතුටින් රාජකාරියේ නිරත වීමට හැකි වේ.
එසේම මෙය උගත් කමට හැකියා කුසලතාවට නිසි තැන ලැබෙන වසරකි.
ආදරය සහ විවාහය:-
ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙහි පැවති බලාපොරොත්තු ඉටුකර ගත කලක් අතහැර දමා තිබූ සබඳතාවක් නැවතත් ඇරඹෙන වාතාවරණය සැකසේ. කල්යල් ඇද ඇද පැවති විවාහ යෝජනා ගිවිසුම් ආදිය ස්ථීර තහවුරු වෙයි. බොහෝ විට විරුද්ධ ලිංගිකයන් වැඩිපුර මුණගැසෙන, ඔවුන් සමග හිතවත්කම් ඇතිවන වසරක්ද වේ.
තැන්පත් ධනය වියදම් වෙයි කටක ලග්නය
කටක ලග්නයෙන් උපන් ඔබට උදාවන නව වසර සමස්තයක් වශයෙන් ශුභ ඵල මෙන්ම අශුභ ඵල ද එක සේ ගෙන දෙන්නේය.
එසේම ඔබගේ කුසලතා යටපත් වීමට නොදී ක්රියාශූරත්වයෙන්ම කටයුතු කරන්න. ඔබ ඒ දිනයන්හි කරන කටයුතු අවහිර බාධා ප්‍රමාද වීමකින් තොරව සාර්ථකව කරගෙන යාමට වගකීම් සහගතවම ක්‍රියා කරන්න. ඒ නිසා සැම දෙයක්ම සැලකිල්ලෙන් විමසිල්ලෙන් කිරීම වඩාත් යෙහෙකි. රත්පිත් රක්ත දෝෂ හා උදරාබාධ වැනි අසනීපයන්ටද ඉඩ පවතී.
අධ්‍යාපනය ආර්ථික හා රැකියාවේ තත්ත්වය විද්‍යාස්ථානාධිපති පිහිටීම මත බලන කල වසරෙහි අධ්‍යාපනික කටයුතු ක්‍රමවත්ව කරගෙන යාමට හැකි වන්නේ අමතර කාර්යයන් හා අනවශ්‍ය ක්‍රියාවල නිරත නොවුණ හොත් පමණි. එනිසා ඒ කෙරේ අවධානයෙන් ක්‍රියා කරන්න. කෙසේ නමුත් ඉගෙනීම් කටයුතු වලටම සිත නොයොදන මාසයක් ද වන නිසා ඉන් මිදී කටයුතු කරන්න.
ධන අය භාවාධිපතීන් අශුභදායක ලෙස ගමන් කිරීම කරන බැවින් ඉපැයීම් මාර්ග කෙරෙන් යහපත් නොවන තැන්පත් ධනය වියදම් වන දෑ සිදුවීම හා ඔබගේ ආදායම් වියදම් සම තත් ත්ත්වයෙන් පවත්වාගෙන සාමට අසීරු වීමෙන් යම් යම් ආර්ථික දුෂ්කරතාවන්ට ද පත්විය හැක. ගතවූ වසරට වඩා අතිරේක ආදායම් මාර්ග පිළිබඳව සැලකිල්ල ද අඩු වී යයි. නිෂ්ප්රයෝජන වියදම් හා ගමන් බිමන්ද බහුල වන හෙයින් ඉපැයීම් මාර්ග ශක්තිමත් කර ගැනීමට වැඩි වශයෙන් යොමු වන්න. උත්‍රපල් - හත - සිත නැකැත්වලින් උපන් කටක ලග්න හිමියන්ගේ ආර්ථිකය ශක්තිමත් වන, වැඩි දියුණු වන මාර්ග සැකසේ.
රාජකාරියට සම්බන්ධ දැනුම වැඩිකර ගැනීමටත්, රැකී රක්ෂා වෙළෙඳ ව්‍යාපාරාදියට අදාළ සැලසුම් අපේක්ෂා ඉටුකර ගැනීමටත් අවස්ථාව උදාවුවත් පොදුවේ ඔබට මෙම වසරේ රාජකාරිය තෘප්තිමත්ව කරගෙන යාමට ඉඩ නොලැබේ. රැකියා හෝ ව්‍යාපාරික ස්ථානයන්ට ආදාළ ස්ථාන වෙනස් වීම් වලට ඉඩ ඇත.
එනමුදු ඔබ මෙම වසරේ ආර්ථික හා රැකියා ව්‍යාපාරාදියේ ප්‍රගතිය උදෙසා සිත කය දෙකම එක සේ වෙහෙසා ක්‍රියා කරන්න. මෙම වසරේ මුල් මාස 6 න් පසු රැකී රක්ෂා කෙරෙන් මතුව තිබූ කිසියම් අතෘප්ති කර වාතාවරණය ක්‍රමයෙන් පහව යයි.
ආදරය සහ විවාහය ඔබගේ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් ශුභා ශුභ මිශ්‍ර බවක් ඇතිවන්නේය.
නව ආදර සබඳතාවකට හෝ විවාහ ගිවිසුමකට පසුබිම සැකසුණත්, බාහිර කරදර බාධා මතු වීමෙන් මෙවැනි දෙයට අදාළ සැලසුම් යෝජනා වෙනස් වීමකට වුව ඉඩ යෙදේ. යුග දිවිය සාමාන්‍ය පරිදි ගත වේ. ගමන් බිමන් විනෝද චාරිකාවක් මගින් හදිසි දැන හැඳුනුම් ඇතිවන වසරකි. එහෙත් ඒවාට යම් විරුද්ධවාදිකම් ද ඇති වේ.
රැකියා ව්‍යාපාරවලට බාධා සිංහ ලග්නය
ඔබට මෙම උදාවන නව වසර ශුභ ඵල මෙන්ම අශුභ ඵල ද මිශ්‍රව ගෙනදෙනු ඇත. මෙම වසරේ මැයි මාසයෙන් පසු කාලයෙහි ඔබේ කටයුතු නිසියාකාරව කර ගැනීමේ ඥාන ශක්තිය පහළ නොවෙයි. මුල් මාස හය සතුරු කරදර පහව ගොස් සුබදායි වෙනස්කම් රැසක්ද සිදුවේ. ධෛර්යයෙන් හා ක්‍රියාශූර බවින් කටයුතු කොට වසරේ සැලසුම් ක්‍රියාදාමයන් කෙසේ හෝ සාර්ථක කර ගැනීමට උපක්‍රමශීලී වන්න. තම අරමුණු සැලසුම් සාර්ථක කර ගැනීමට වඩාත් කැපවන්න. අවශ්‍ය වේලාවට අවශ්‍ය වැඩය කිරීමට උනන්දු වන්න. අධ්‍යාපනය - ආර්ථික හා රැකියාවේ තත්ත්වය:- ඔබට මෙම වසරේ මුල් මාස හය තුළ ඉගෙනීම් කටයුතුවල ප්‍රගතියක්, ඉදිරියට යාමක් පෙන්නුම් කරයි. එසේම තරග විභාගාදියෙනුත් ජයග්‍රහණ අත්කර ගැනීමේ පුළුවන්කම ලැබේ. වසරේ අවසන් මාස හය තුළ පොතට පතට ඇති උනන්දුව අඩු යන නිසා උනන්දුවෙන් කටයුතු කරන්න.
පසුගිය කාලයේ පසුබැස හා අඩපණව තිබූ ධනෝපායන මාර්ගයන්හි ක්‍රමවත් වර්ධනයක් මෙම වසර ගත වීමට පෙර ගොඩනැගේ. යම් යම් මුදල් හා ද්‍රව්‍ය ලාභයන් ද මෙහිදී හිමිවන තැනට කටයුතු පිළියෙළ වේ. කෙසේ නමුත් ජීවනෝපාය මාර්ග ස්ථානයන්හි කරදර ඇති විය හැකි අතර ආර්ථිකයේ පසු බැස්මකට ද හේතු යෙදේ. නොමනා පුද්ගලයන් ඇසුරු කරන්නට යෑමෙන්, නුසුදුසු සබඳතා පවත්වන්නට යෑමෙන් අනපේක්ෂිත ප්‍රශ්න ගැටලු ඇති කරයි.
පොදුවේ මෙම වසර තුළ ඔබගේ වෘත්තීය හා වෙළෙඳ ව්‍යාපාරාදී කටයුතුවලට විවිධ බාධක අවහිර පැන නැඟුණත් තම ආත්ම ශක්තියේ බලය හේතු කොට ගෙන ඒවා මැඩගෙන ඉදිරියට යා හැක. උත්සාහය අත් නොහැර ක්‍රියාශීලීභාවයෙන් කටයුතු වල නිරත වුවහොත් නව රැකියා අවස්ථා හා රැකියා ව්‍යාපාරාදියේ වැඩිදියුණුව ද සලසා ගැනීමට පුළුවන. හවුල් ව්‍යාපාරවල වැඩිදියුණුවක් සලසයි. විශේෂයෙන් රැකියා ව්‍යාපාරාදී කටයුතු ඔබට 2026 ජුනිවලින් පසු කරගෙන යාමට සිදු වන්නේ බාධා ප්‍රමාදතා හා විරුද්ධවාදීකම් මධ්‍යයේය. එහිදී ඒ කෙරෙහි සැලකිල්ලෙන් විමසිල්ලෙන් කටයුතු කරන්න.
ආදරය සහ විවාහය:- ආදර සබඳතාවන්ට හා විවාහ යෝජනාදියට ශුභදායී වාතාවරණයක් ගොඩ නැගුණත්, තමා ඇසුරු කරන විරුද්ධ ලිංගිකයාට සම්බන්ධව සැක සංකා මතු වීමෙන් සමගිය සමාදානයට අහිතකර දෑ සිදුවේ. කෙසේ නමුදු මෙම වසරේදී
අවිවාහක ඔබට විවාහ යෝජනා ගෙන එනු ලැබේ. සමස්තයක් වශයෙන් බලන කල මෙම වසර පුරාම මෙන් මේවායේ කටයුතු වලට සුළු සුළු අවහිර බාධා මතු කරයි.
හැම දේකින්ම ලාබ ප්‍රයෝජන කන්‍ය ලග්නය
උදාවන නව වසර ඔබට ශුභ ඵල ගෙන දෙන අතර වැදගත් ක්‍රියාමාර්ගයක් සාර්ථක මගකට යොමුකර ගැනීමට හැකි වේ. එහිදී ඔබගේ ආර්ථික, රැකියා, විවාහ ආදී කාර්යයන්හි වැඩි දියුණුවට කටයුතු පිළියෙළ වේ.
තමාගේ අත්‍යාවශ්‍ය කාර්යයන් කැපවීමෙන් කිරීමට සිතෙහි ධෛර්ය ඇති වේ. නැති වූ වස්තුව හෝ නැතිව ගිය රැකී රක්ෂා, තනතුරු නැවත ලැබේ. සෑම දෙයින්ම ලාභ ප්‍රයෝජන ලැබෙන වසරකි. හිතවත් මිත්‍රයන් මිතුරියන් ලැබේ. ඒ මිත්‍රයන්ගෙන් කාලයක් යනතුරුම් ප්‍රයෝජන ගැනීමට ඉඩ ලැබේ. දේපළ ඉඩකඩම් වලින් ආදායම් ලැබේ. අලුත් තත්ත්වයකට හෝ අලුත් තැනකට පත් වේ.
අධ්‍යාපනය - ආර්ථික හා රුකියාවවේ තත්ත්වය:- ඔබගේ අධ්‍යාපනික කටයුතු වලට නව වසර බෙහෙවින් ශුභ ඵලදායි වේ. අපේක්ෂිත අධ්‍යාපනික ඉලක්ක සපුරා ගැනීමේ හැකියාවද ලැබේ. සිය අධ්‍යාපනික කටයුතු වලට අවශ්‍ය මූල්‍ය සම්පත් හා ද්‍රව්‍යමය සම්පත් අඩුවකින් තොෆ්ට් ලැබෙන නිසා සිතේ සතුරින් සහනයෙන් ඉගෙනීම් කටයුතු වල නිරත වීමේ හැකියාව ලැබෙනු ඇත.
ඉපැයීම් කටයුතු වල ක්‍රමවත් භාවයක් ඇති කරයි. විටෙක වැඩි මහන්සියක් නැතිව යම් යම් මුදල් ලාභ හිමිවන අතර අතමිට වැඩිපුර මුදල් ගැවසෙන වසරක් ද වේ. විකිණීම්, මිලයට ගැනීම් ආදියකින් කිසියම් ලාභයක් ද ලැබෙනු ඇත. උරුම හිමිකම් ප්‍රශ්නයක් විසඳේ. මුල් මාස හය නිෂ්ප්රයෝජන කාර්යයන් මෙන්ම විනෝදයට බරව කටයුතු කරන්නට යෑමෙන් නිෂ්ප්රයෝජන හා අධික වියදම් ද යෙදෙන අවස්ථා ගොඩනැගේ. ඒවා මඟ හැර ගන්න.
අවසන් මාස හය ආර්ථිකයේ සැලකිය යුතු වර්ධනයක් ගොඩ නැගේ.
මෙය ඔබේ රැකී රක්ෂා වෙළෙඳ ව්‍යාපාරාදී කටයුතු වල කාර්යක්ෂමතාව සිදුවන වසරකි.
පොදුවේ ඔබට මෙම වසරෙහි ස්වයං හා හවුල් ව්‍යාපාරාදී කටයුතුවල දියුණුවද ඇති වේ. නව ආයෝජනයන්ට ද කටයුතු පිළියෙළ වෙයි.
දෙස් විදෙස් රැකියා අපේක්ෂා ඉටු වී සතුටින් දිවිය ගත කිරීමේ අවස්ථාව සැලසේ. අවසන් මාස හය තුළ රැකී රක්ෂා වලින් උසස් වේ.
රක්ෂාවක් සොය සොයා සිටින කෙනෙකුට නම් මේ කාලයේදී එය ලැබෙන්ට හේතුයි.
නිලතල බලාපොරොත්තු වන අයට එයද ඉෂ්ට වේ. අමුතු ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මෙය හොඳම කාලයයි. අලුතෙන් කරන්නට වැඩ වලින්ද කරගෙන එන වැඩ වලින් ද අතරමග නැවතී තිබුණ වැඩ වලින් ද ලාභ සහ දියුණුව ඇති කරන බැවින් ඒවා දිගටම උනන්දුවෙන් කරගෙන යා යුතුයි. මුල් මාස හය තුළ මේවාට සුළු සුළු බාධක අවහිර පැන නගී.
ආදරය සහ විවාහය:- ඔටි මෙම වසර තුළ ආදර සබඳතා හා විවාහ කටයුතු අයහපතක් නොවුණත් හොඳින් සොයා බලා තීරණ ගන්න. මෙම වසරේ අවසන් මාස හය තුළ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් බලපෑ බාධක ඉවත්ව ගොස් මීට අදාළ බලාපොරොත්තු ඉටුකර ගැනීමටත් පසුබිම සැකසේ. යුග දිවිය සාමාන්‍ය පරිදි ගත වේ.
ගමන් බිමන් විනෝද චාරිකාවක් මගින් හදිසි දැන හැඳිනුම් ඇතිවන වසරකි.
ජූනියෙන් පසු ආර්ථික සහන තුලා ලග්නය
තුලා ලග්නයෙන් උපන් ඔබට නව වසරේ අවසන් මාස 6 සුබදායි අයුරින් ගත වේ. එබැවින් ජුනි මාසය තෙක් ඔබේ වැඩ කටයුතු වලට යම් යම් අයගේ සහ යෝගය, උදව් උපකාර ලැබුණත් තිර අධිෂ්ඨානයෙන් කටයුතු කිරීම වඩාත් යෙහෙකි. කෙසේ නමුත් මෙම වසරේදී ඔබ සැලසුම් කරන වැඩ කටයුතු අපේක්ෂිත අයුරින් සාර්ථක කර ගැනීමේ හැකියාව ලැබේ.
අනපේක්ෂිත හා බලාපොරොත්තු රහිතව යම් යම් ඵල ප්රයෝජනයන් සැකසෙන්නේය. එනමුදු ක්රියාශූරත්වයෙන් කටයුතු කළ යුතු වසරකි.
හදිසියට කලබලයට තීන්දු නොගන්න. මෙම වසරේ මුල් මාස හයට වඩා අවසන් මාස 6 සැනසිලිදායක බව ඇති වේ. යහපතට කටයුතු පිළියෙළ වේ.
අධ්‍යාපනය - ආර්ථික හා රැකියාවේ තත්ත්වය:- මෙම වසරේ අවසන් මාස හය තුළ ඉගෙනීම් කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකි වුවත් මුල් මුල් මාස පහම ශුභඵල හීනය.
එම නිසා පොදුවේ ඔබ මෙම වසර තුළ උදාසීන හා අකර්මන්‍ය ස්වභාවයෙන් මිදී පොතපත කටයුතු වල නියුතු වන්න. ගුරු දෙගුරුන්ගේ දෝෂ දර්ශනයට ලක්වන ක්‍රියාවන්හි නිරත නොවී අපේක්ෂිත අධ්‍යාපනික ඉලක්ක සපුරා ගැනීමට උනන්දුවෙන් ක්‍රියා කරන්න. අලුත් පාඨමාලාවන්ට හා අධ්‍යාපනික ආයතනයන්ට සම්බන්ධ වීමටත් මෙම වසරේදී අවස්ථාව උදාවේ. 2026 පසු ජුනි වලින් බලාපොරොත්තුවෙන් වියදම් කරන දෙයින් ලාභ ලැබේ. එහිදී බලාපොරොත්තු වන ආර්ථික සහන ඔබට හිමිවනු ඇත. විටෙක මුල් මාස 5 තුළ අන්‍යයන්ගෙන්ද තමා කලින් කිසිවක් නොදැනසිටි මාර්ග වලින්ද මුදල් ලැබීමට හේතුයි. එහෙත් ඒ මුදල් නොදැනීම වාගේ නාස්ති වී යාමටත් ඉඩ තිබෙන නිසා ඒ කෙරේද අවධානයෙන් සැලකිල්ලෙන් කටයුතු කරන්න.
මෙහිදී ශරීර සනීපය රැක ගැනීම සඳහා අමතර මිල මුදල් වියදම් කරන්නට සිදුවේ. පොදු වේ මෙම වසර ආර්ථිකය වර්ධනය වන මංපෙත් විවර වේ.
ඔබේ රැකි රක්ෂා රාජකාරියට මහා පරිමාන පිඩාකාරී තත්ත්වයක් මෙම වසර තුළ ඇති නොවුණත් ආයතනය තුළ අනවශ්‍ය අය සමග කටයුතු නොකිරීමට සැලකිලිමත් වන්න.
තමාගේ හැකියාවට දක්ෂතාවට මැනවින් තැන ලැබේ. උසස් අයගේ සහයෝගයෙන් තනතුරු ලාභයන්ට මග පෑදේ. පසුගිය කාලයේ රැකී රක්ෂා කෙරෙන් මතුව තිබූ කිසියම් අතෘප්ති කර වාතාවරණය නම් එතරම් දුරට පහව නොයයි.
රාජකාරියට සම්බන්ධ දැනුම වැඩිකර ගැනීමටත්, රැකී රක්ෂා වෙළෙඳ ව්‍යාපාරාදියට අදාළ සැලසුම් අපේක්ෂා ඉටුකර ගැනීමටත් අවස්ථාව උදාවේ.
ආදරය සහ විවාහය:- මෙම නව වසරේ මුල් මාස හයට වඩා අවසන් මාස හයේදී විවාහය මෙන්ම ප්‍රේම දිවියේ කටයුතු කෙරෙන් බලපා තිබූ අසහන, සිත් තැවුල් පහව යන පසුබිමක් ගොඩ නැගේ. ආදර සබඳතා තහවුරු කර ගැනීමට බාධාවක්ව පැවති යමක් ඉවත් වේ. විශේෂයෙන් ඔබට විරුද්ධ ලිංගිකයන් වැඩිපුර ඇසුරු කිරීමටත් මෙහිදී හැකි වන්නේය.
පොදුවේ බැලීමේදී අවිවාහක ඔබට තම අනාගත සහකරු සහකාරිය මෙම කාලයෙහි ලැබෙනු ඇත. මුල් මාස හය ප්‍රේම දිවිය හා යුග දිවිය කල්පනාකාරීව සැලකිල්ලෙන් ඉවසිල්ලෙන් ගත කළ යුතුයි. යුගදිවියේ අසමගිකම් ඇතිවීමට ඉඩ තිබේ. පෙම් සබඳකම් වැනි ප්‍රශ්න වලදී ද ඉතාමත් සැලකිලිමත් වන්න. යම් යම් අයගේ උපදෙස් හා මැදිහත් වීම් හේතුවෙන් මේවායේ අනවශ්‍ය ප්‍රශ්න හා අවුල් ද හට ගැනීමටත් ඉඩ පවතින බැවින් දෙදෙනාට දෙදෙනා පමණක් අන්‍යෝන්‍ය අවබෝධයෙන් ක්‍රියා කරන්න.
කාලයට ඉඩදී වැඩ කරන්න වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති කුජ හා යෝගකාරක ග්‍රහයන් මෙම වසරේ දුෂ්ටස්ථාන ගතව හැසිරීම මුල් කොට ඔබගේ අත්‍ය වශ්‍ය කාර්යය කටයුතු 200 වැඩ කොටස් වලටද ශුභා ශුභ මිශ්‍ර බවක් ගෙන දෙන්නේය. කාලයට ඉඩ දී කටයුතු කළ යුතු වසරකි. ඔබ සැලසුම් කරන වැඩ කටයුතු අපේක්ෂිත අයුරින් සාර්ථක කර ගැනීමට අසීරුය. විශේෂයෙන් පූර්ව සුදා නමකින් විමසිලි වන්තව කටයුතු කළහොත් අතපසු වූ වැඩ කොටස් රැසක් කර ගැනීමට අවස්ථාවක් සැලසේ.
අධ්‍යාපනය - ආර්ථික හා රුකියාවේ තත්ත්වය :- නව අවුරුදු උදාවවේ අවසන් මාස අධ්‍යාපන ක්ෂේත්රයේ කැපී පෙනෙන ජයග්‍රහණ පෙන්නුම් කරන අතර පොත පතට උනන්දුව යොමු වීමද ඇතිව වේ. ඉගෙනීමට පතට වැඩි උනන්දුවකින් කටයුතු කරයි.
අධ්‍යාපනයට සම්බන්ධ අපේක්ෂිත ජයග්‍රහණ අත්පත් වන්නේය. පාසල් හා වෘත්තීය අධ්‍යාපන කටයුතු වල සාර්ථකත්වයට හා දැනුම වැඩි දියුණු කර ගැනීමටත් යම් යම් අයගේ ආධාර මෙන්ම උගතුන්ගේ සහාය ලැබේ.
ඔබට යම් යම් ආර්ථිකමය ලාභ ප්‍රයෝජන ගෙන දුන්නත් ඉපැයීම් මාර්ග ශක්තිමත් කර ගැනීමට යමක් සැලසුණත් වියදම් පසද ඒ හා සමානවම ගෙනදෙනු ඇත. ඔබ උපන් නැකත උත්ර පල් හත - සිත යන නැකතකට හසුවේ නම් ඔබට මෙම වසරේ මුල්‍ය ක්ෂේත්රයේ වැඩි දියුණුවක් කැපී පෙනෙන ලෙස ගෙන දෙන්නේය. එනමුදු හවුල් කරුවන් කොටස් කරුවන් සමඟ කටයුතු කිරීමේදී ගැටලු මතු නොවන ලෙසට කටයුතු කරන්න.
ඔබේ. රැකීරක්ෂා වෙළෙඳ ව්‍යාපාරාදී කටයුතු වලට විවිධ අවහිර බාධා මතු කළත් එම සියලු අවහිර බාධා අභියෝග මැඩ ගෙන අපේක්ෂිත ඉලක්ක කරා ගමන් කිරීමටත් වාතාවරණය සැකසෙන්නේය. විශේෂයෙන් මෙම වසරේ මුල් මාස හයෙන් පසු පවතින තත්ත්වයට වඩා රැකියාවේ 205 ව්‍යාපාරික කටයුතු කෙරෙන් ප්‍රගතියක් සැලසෙන්නේය.
සමස්තයක් වශයෙන් ගත් කල විරුද්ධකාරයන් නිසා හරියාකාර වැඩකටයුතු රාජකාරි කළ නොහැක. මහන්සි වී වැඩ කළත් මහන්සියේ තරමට උසස් වන්නේ ද නැත. ඒවා කෙරේ උපේක්ෂාවෙන් කටයුතු කරන්න උත්සාහය අත්නොහරින්න.
ආදරය සහ විවාහය:- ඔබට මෙම වසරේ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් අයහපත්ම නොවුණත් මීට අදාළ කටයුතු වලදී හොඳින් සොයාබලා තීරණ ගන්න. කෙසේ නමුත් මෙම වසරේ මුල් මාස පහ තුළ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් සිත් තැවුල් මතු වන දැ වුවත් සිදුවේ. එම නිසා යම් යම් අය ඇසුරු කිරීම්වලදී කල්පනාකාරී වන්න. විශේෂයෙන් තමා ඇසුරු කරන විරුද්ධ ලිංගිකයාගේ අවශ්‍යතා සපුරාලීමට නිබඳවම සැලකිලිමත් වන්න. ඔබගේ ප්‍රේමවන්තයා. ප්‍රේමවන්තිය මෙන්ම සැමියා බිරිඳ අතර සැකයේ බීජය හටගැනීම නිසා දෙදෙනා අතර අමනාපකම් ඇති වීමේ ප්‍රවණතාවක් ද ඇත. ඒවා කෙරෙහිත් අවධානයෙන්ම කටයුතු කරන්න.
උසස් අයගේ ඇසුර වැඩිවෙයි ධනු ලග්නය
මේ වසරේ ඔබ සැලසුම් කරන බොහෝ දෑ ඒ අයුරින්ම ඉටුවන පසුබිම සැකසේ. කෙසේ වෙතත් මෙම වසරේ ජුනි වලින් පසු ඔබේ වැඩ කටයුතු වලට යම් යම් බාධාකාරී සිදුවීම් ද ඇති වෙයි. එතෙක් කාලය පැහැදිලි අයුරින් ශුභ ඵල ගෙන දෙයි - උත්සාහයන්හි ප්‍රතිඵල අත්කර ගත හැකි වෙයි. තම නම් ප්‍රචලිත වන කාර්යයන් රැසක් ගොඩනැගේ. උසස් අයගේ ඇසුර වැඩි වේ. ඔබගේ විවිධ පුද්ගලයන් ඇසුරට අවස්ථාව සැකසී ප්‍රමාද වූ වැඩ කටයුතු රැසක් සිතැගි පරිදි සාර්ථක වේ.
අධ්‍යාපනය -ආර්ථිකය- රැකියා හා ව්‍යාපාර :- වසරේ අධ්‍යාපනික කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකිවෙයි.
සහාය ලැබිය යුත්තන්ගේ සහාය ද මැනැවින් ලැබෙනු ඇත. මේවාට අවශ්‍ය මූල්‍ය හා ද්‍රව්‍යමය ලාභ ද ලැබේ. අධ්‍යාපන ක්ෂේත්රයෙන් විවිධ දක්ෂතා පෙන්වීමට මෙම වසරේ අවස්ථාව සැලසේ. ඉගෙනීම් කටයුතු බාධාවකින් තොරව කරගෙන යන අතර අධ්‍යාපන කටයුතු වලට යහපත්ය.
මෙම වසරේදී ඔබට ඉපැයීමේ දක්ෂතා ඇති කළත් යම් යම් මුදල් ලාභ හිමිවන අවස්ථා යෙදුණත්, අනවශ්‍ය දෙයට වියදම් කිරීම හේතුවෙන් මිල මුදල් ලැබුණත්, අවසානයේ දී මුදල් නොලැබුණා සේ දැනේ. එ නිසා ඔබ මනා කළමනා කරණයකින් යුතුව මුදල් පරිහරණයේ යෙදෙන්න. බල පෑ උරුම හිමිකමි ප්‍රශ්න විසඳෙන වසරකි. විශේෂයෙන් ඔබට මෙම වසරේ ප්‍රසිද්ධ වශයෙන් මිල මුදල් ලැබීමට හා හානි වීමට අවකාශ පවතින බැවින් මුදල් කළමනා කරණය ක්‍රමවත්ව කරන්න. විනෝදාස්වාදය වෙනුවෙන් අනවශ්‍ය ලෙස වියදම් නොකරන්න.
වසරේ ඔන්ගේ රැකියා ව්‍යාපාරික කටයුතු වලට අදාළ කාර්යයන්හි කැපී පෙනෙන වෙනස්කම් රාශියක් අනාගත ශුභ සිද්ධිය උදෙසා ජුනි වලට පෙර සැකසෙනු ඇත. ස්වයං රැකියා ව්‍යාපාරයන්හි නිරත වන ධනු ලග්න හිමියන්ට ඒ කෙරෙන් තෘප්තිමත් විය හැකි විශේෂිත වැඩ කොටසක් ද මෙහි දී පිළියෙළ වේ. ධනු ලග්නයේ බොහෝ පිරිසකට මෙම වසර විදෙස් රැකියා අපේක්ෂා ඉටුවන වසරකි.
ජීවනෝපාය මාර්ග වලට සම්බන්ධිත දෑ පිළිබඳ දියුණුවක් ඉදිරියට යෑමක් ඇති කරලීමේ පෙර නිමිති පහළ වන්නේයහ රැකියා අපේක්ෂා ඉටුවේ. රාජකාරිය ද ක්‍රමවත් භාවයට පත් වේ.
ප්‍රේම දිවිය සහ විවාහ දිවිය:- ඔබට මෙම වසරේ මුල් හය මාසයේ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් පැවති බලාපොරොත්තු ඉටුකර ගත හැක. කලක් අතහැර දමා තිබූ සබඳතාවක් නැවතත් ඇරඹෙන වාතාවරණය සැකසේ. එසේම මෙය විරුද්ධ ලිංගිකයන් වැඩිපුර මුණගැසෙන, ඔවුන් සමග හිතවත්කම් ඇතිවන වසරක් ද වේ.
සමාජීය ඇසුර, විවිධ ගමන් බිමන් මුල්කොට විරුද්ධ ලිංගික සබඳකම් ගොඩ නැගේ. මේවාට බලපා තිබූ ගැටලු සහගත තැන්, ප්රශ්නකාරී ස්වභාවයෙන් පහව යයි. පොදුවේ මෙය ඔබට විරුද්ධ ලිංගික ඇසුර වැඩි වශයෙන් ලැබෙන වසරකි.
මුදල් දුෂ්කරතා පහව යයි මකර ලග්නය
මකර ලග්නයෙන් උපන් ඔබගේ ග්‍රහ ගමන 2026 ජුනි පසුවන තෙක් බලවත් නොවන හෙයින් එතෙක් කාලය ඔබගේ වැඩ කටයුතු අරමුණු සැලසුම් ඉටු වන්නේ අවහිර බාධා මධ්‍යයේය. සියලු දේ බාගෙට සිදුවන වසරක් දවනු ඇත. මෙම වසරේ මැද භාගයෙන් පසු ප්‍රයෝජනවත් වැඩ කටයුතු රුසක් ඔබට සිදුවනු ඇත. එහෙත් ඔබගේ වැඩකටයුතු වලට බල පෑ අවහිරතා දුෂ්කරතා ආදිය පහව යයි. අන්‍යයන් අතර සමාජ පිළිගැනීමකට ද ඔබ ලක්වන වසරක් බවට පත්ව වේ. විශේෂයෙන් අලුත් දේ ඇරඹීමටත් අරමුණු සැලසුම් ක්‍රියාවට නැංවීමටත් මෙය උචිත අවුරුද්දක් ද වනු ඇත.
අධ්‍යාපනය - ආර්ථික හා රැකියාවේ තත්ත්වය:- ඔබට මෙම වසර පුරාම සියලුම අධ්‍යාපනික කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට යොමු හැකි වන්නේ විනෝදයට එතරම් නොවුණොත් පමණි. විශේෂයෙන් මෙය ඔබගේ අධ්‍යාපන ක්ෂේත්රයේ දියුණුවට අමතර වැඩ කොටසක් සැකසෙන වසරකි.
සමස්තයක් වශයෙන් බලන කල විශේෂ ධන භාවයේ යෙදී ඇති ග්‍රහබලය මුල්කොට ආර්ථික හා දේපළමය වශයෙන් සැලකිය යුතු දියුණුවක් අත්කර ගැනීමට ඉඩ ප්රස්ථා සැලසේ. බලපෑ මූල්‍ය දුෂ්කරතා පහව යයි. එසේම මෙම වසරේ ඔබට කිසියම් සාර්ථක ධනෝපායන මාර්ගයක් එළි පෙහෙළි වේ. දේපළ ලාභ මෙන්ම මේවාට සම්බන්ධව බලපෑ ගැටලු ද නිරාකරණය වනු ඇත.
පොදුව වේ. මෙම වසරේ ඔබගේ රැකියා ව්‍යාපාරික කටයුතු වලට අදාළ කාර්යයන්හි කැපී පෙනෙන වෙනස්කම් රාශියක් අනාගත ශුභ සිද්ධිය උදෙසා සැකසෙනු ඇත. හවුල් රැකියා ව්‍යාපාරයන්හි නිරත වන මකර ලග්න හිමියන්ට ඒ කෙරෙන් තෘප්තිමත් විය හැකි විශේෂිත වැඩ කොටසක් ද පිළියෙළ වේ.
ස්වයං කටයුතු ව්‍යාපාරයන්ට ප්රශ්නකාරී දෑ මතු වුවත් අවබෝධයෙන් කටයුතු කළහොත් අභියෝග ජයගත හැක. කෙසේ නමුත් අවසන් මාස හයේදී ආයතනය තුළ නිලතල හා අමතර වගකීමද ඔබ වෙත පැවරෙන යමක් සිදුවේ.
ආදරය සහ විවාහය:- ජීවිතයට ඔබගේ ප්‍රේම දිවියේ හා විවාහ දිවියේ කටයුතු දැඩි ප්‍රශ්න බාධාවලින් තොරව ගතවුණත් යුග දිවියේ හා ප්‍රේම දිවියේ කටයුතු යහපත් තත්ත්වයට පත් කර ගැනිමට දැඩි උත්සහයෙන් ක්‍රියා කිරීමට සිදුවේ. පොදුවේ 2026 මැයි වලින් පසු තමා ඇසුරු කරන විරුද්ධලිංගිකයාගෙන්, බිරිඳගෙන්, ස්වාමියාගෙන් නම මෙතෙක් නොලැබුණු සහයෝගය නැවත ක්‍රමානුකූලව හිමිවනු ඇත. ඔබගේ ආදර සබඳතා මෙන්ම විවාහයට අදාළ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට පසුබිම සැකසෙන්නේය. ආදර කටයුත්තක් සම්බන්ධව හදිසි තීරණවලට එළඹිය හැක. විවාහ යෝජනා ප්‍රේම සබඳතා සැකසෙන්නේය.
ගනුදෙනු වලින් වාසි ප්‍රයෝජන කුම්භ ලග්නය
කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරය අනුව ග්‍රහ බලය ශුභදායි අයුරින් ක්‍රියාත්මක වන නිසා උදාවන අලුත් අවුරුද්ද වැඩි වශයෙන් සුභ ඵලදායි වන්නේය. එබැවින් ඔබට සිතැඟි පරිදි කාර්යයන් ඉටු වී තනතුරු නිලතල වරප්‍රසාද හිමි වී, ජයග්රාහි පසුබිමක් ජීවන ගමන කෙරෙන් සැකසෙනු ඇත. පොදුවේ මෙම වසර ඔබට වැඩි වශයෙන් යහපතට කටයුතු සිදුවන්නේය.
අඩපණ තත්ත්වයේ පැවති වැඩ කොටස් ස්ථාවරභාවයට පත්වේ. උනන්දුවෙන් කටයුතු කළහොත් අරමුණු සැලසුම් සිතැගි පරිදි ඉටුකර ගැනිමටත් හැකිවේ.
අධ්‍යාපනය, ආර්ථිකය, රැකියා හා ව්‍යාපාර:- සිතේ සහනයෙන් ක්‍රියාශීලීත්වයෙන් පොතේ පතේ කටයුතු කරගෙන යාමට මෙම වසරෙහි ඔබට හැකිවනු ඇත. කරගෙන යන අධ්‍යාපන කටයුතුවලට බාධා, අවහිරකම් හෝ සිත අධෛර්ය වීම ද මෙම වසරේ සිදු නොවේ.
සිතේ සහනයෙන් ක්‍රියාශීලීත්වයෙන් පත පොතේ කටයුතු කරගෙන යාමටත් එමෙන්ම හැකිවන්නේය. අහිමි වූ නේවාසික පහසුකම් වැනි දෑ නැවත ලැබේ.
ගත වූ වසරට සාපේක්ෂව ආර්ථිකයේ වැඩි දියුණුවට කටයුතු සිදු වේ. ලාභ අපේක්ෂාවෙන් කරන ඉපැයීම් හා ගනු දෙනුවලින් වාසි ප්‍රයෝජන අත්පත් වන්නේය. ආදායමෙහි වැඩි දියුණුවක් සැලසෙන අතර අයකර ගැනීමට ඇති මිල මුදල් ලැබෙනු ඇත. එබැවින් ඔබගේ ඉපැයීම් කටයුතු වලට මෙම වසර යහපත් වන අතර ආදායම් තත්ත්වයේ ක්‍රමවත් ප්‍රගතියක්ද පෙන්නුම් කරයි. එමෙන්ම මෙහිදි දේපළ ප්‍රශ්න, ගනුදෙනු ප්‍රශ්න රැසක්ද විසඳා ගැනීමටද හැකිවන්නේය. අවශ්‍යතා සපුරා ගත හැකි ලෙසට මිල මුදල් ලාභ ලැබේ.
ඔබේ රැකීරක්ෂා වෙළෙඳ ව්‍යාපාරාදී කටයුතුවලට යම් යම් අවහිර බාධා මතු කළත් එම සියලු අවහිර බාධා අභියෝග මැඩගෙන අපේක්ෂිත ඉලක්ක කරා ගමන් කිරීමටත් වාතාවරණය සැකසෙනු ඇත. තම රැකී රක්ෂා රාජකාරියේ මෙන්ම තම ස්වයං හා හවුල් ව්‍යාපාරික කටයුතුවල ප්‍රගතියක්ද සැලසේ. අමතර රැකියා බලාපොරොත්තුද සාර්ථක කරගත හැකි වසරකි. වෘත්තීය අධ්‍යාපනික ආයතනවලින් වුව තාවකාලික රැකියා අවස්ථාවක් සැකසේ. මෙය උසස් නිලධාරීන් තමා සමඟ වැඩිපුර කුළුපග වන වසරක්ද වනු ඇත.
ප්‍රේම දිවිය සහ විවාහ දිවිය:- ඔබගේ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් යහපත් මෙන්ම සිතට සතුට දනවන අවස්ථා ද ගෙනදෙනු ඇත. පසුගිය මාසවල යුගදිවිය හා ප්‍රේම දිවිය කෙරෙත් හටගෙන තිබූ අවිනිශ්චිතතා පහව යයි. විවාහ අපේක්ෂිත තරුණ තරුණියන් හට විවාහ යෝජනා ගොඩනැගෙන අතර ප්‍රේමවන්තයන් මෙන්ම විවාහක අඹු සැමියන් අතරද හොඳ හිත තහවුරු වීම සිදුවේ.
නිලතල ලැබීම් සහ උසස්වීම් මීන ලග්නය
මීන ලග්නයෙන් උපන් ඔබට උදාවන නව වසර වැඩි වශයෙන් යහපතට කටයුතු පිළියෙළ වන අතර සැලසුම් කරන බොහෝ දෑ ඒ අයුරින්ම ඒ
ඉටුවන පසුබිම ද සැකසේ. විශේෂයෙන් මෙම වසරේ ආරම්භ කරනු ලබන බොහෝ කටයුතු වලින් අනාගතයේ යහපත් ප්‍රතිඵල ලැබීමට හැකි වන්නේය. ප්‍රයෝජනවත් වැඩවල වැඩිවශයෙන් නිරත වෙන වසරකි. ශුභඵලදායි වේ. අන්‍යයන් තමන්ට ගරු කරන ස්වභාවයක් මෙම වර්ෂය පුරාම අත් විදින්නට ලැබේ.
අධ්‍යාපනය - ආර්ථික හා රැකියාවේ තත්ත්වය:- ගත වූ වසරට වඩා මෙම වසර ඉගෙනීම් කටයුතු වලට යහපත් වන්නේය. අනවශ්‍ය ලෙස කාලය නාස්ති නොකර ගනිමින් සිය අධ්‍යාපනික කටයුතු කර ගනී. අධ්‍යාපනික කටයුතුවල ප්‍රගතියට පසුබිම සැකසේ. ඉගෙනීමට යහපත් අවුරුද්දක් වන අතර, දැනුම, කුසලතාව වැඩිදියුණු කර ගැනීමට හැකි වන්නේය. පොත පතට උනන්දුව යොමුවීම වැඩි වශයෙන් මෙම වසරේ ජුනි මස සිට ඇති වන්නේය.
ඔබට මෙම වසරේ මුල් මාස පහට වඩා අවසන් මාස හත සැලසුම් කළ පරිදි මූල්‍ය කටයුතු සාර්ථක කරගත හැකි වන්නේය. මුල්මාස පහ තුළ උරුම හිමිකම් සම්බන්ධ ගැටලු මතු කළත් ඉන්පසු කාලයේ ඉපැයීම් මාර්ග ශක්තිමත් කරගත හැක. අලෙවිකර ගැනීමට අපහසු දෙයක් අලෙවියට මග පෑදේ. රැකියාවෙන් හිමි වීමට තිබූ මූල්‍යමය වරප්‍රසාදයක් හදිසියේ හිමිවීම නිසා තැන්පත් ධනයට යමක් එකතු කර ගැනීමට හැකිවේ.
මෙම වසරෙහි ඔබගේ රැකියා ව්‍යාපාර කටයුතු බාධාවකින් තොරව කෙරෙනු ඇත. රැකියා ආයතනයෙහි තමා අගය කරන යමක් සිදුවන අතර අමතර වගකීම් ද පිරිනැමේ. තනතුරු නිලතල උසස්වීම් බලාපොරොත්තු අයගේ අදහස් සඵල වේ. වෙළෙඳ ප්රචාරක හෝ ප්‍රවාහන, සංචාරක වැනි ව්‍යාපාරයන්හි නිරත වන්නන්ට වැඩි දියුණුව සැලසෙන්නේය. රැකී රක්ෂා තනතුරු වලට පත්වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට එම අදහස් ඉෂ්ට කර ගැනීමට හැකි වුවත් එහිදි බලපාන විරුද්ධවාදි කමකටද මුහුණ පාන්නට සිදුවේ. තමාගේ අනාගත සුබසිද්ධිය උදෙසා කරන වැඩවලින් පල ප්‍රයෝජන ලැබේ.
ආදරය සහ විවාහය:- පොදුවේ මෙම වසර තුළ ඔබගේ ආදර සබඳතා හා විවාහ කටයුතුවලට මතුව තිබූ ප්රශ්නකාරී ගති හා බාධා පහව ගොස් සාමය සතුට ගොඩනැගේ.
සාර්ථක විවාහ යෝජනා හා ප්‍රේම සම්බන්ධතා දැන හැඳුනුම් වැනි දෑ වුවත් ඇතිවේ. ඔබට මෙහිදී තැන්පත්, කලබල නැති කෙනෙක් සමඟ විවාහ වීමට අවස්ථාව සැලසේ. මෙය ඔබට වැඩි වශයෙන් විරුද්ධ ලිංගික ඇසුර ලැබෙන වසරකි. ගෙදර දොර පවුලට සම්බන්ධ මෙන්ම තම දෛනික කාර්යයන්ට සම්බන්ධ කටයුතු හොඳින් ඉටුකර ගැනීමටත් හැකි වන්නේය. ක්‍රියා ශූරත්වයෙන් යුතුව දෛනික කටයුතු වල නිරත වීමටත් හැකි වන්නේය.
(ජ්‍යොතිෂ්‍යවේදී බෙන්තොට හේමන්ත වීරසිංහ)