ඇල්ල පොලිස් වසමට අයත් 03 කණුව ප්‍රදේශයේ පිහිටි පුංචි ශ්‍රීපාද කන්ද නැරඹීමට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් අද (18) පස්වරුවේ අඩි 100ක් පමණ උස ප්‍රපාතයකට ඇද වැටී ඇත.
අනතුරට ලක්වූ මෙම විදෙස් කාන්තාව ප්‍රදේශයේ හෝටලයක සහයෝගය ඇතිව පිහිටුවන ලද ගලවා ගැනීමේ කණ්ඩායමක් විසින් අසීරුවෙන් බේරා ගැනීමට කටයුතු කර තිබේ.
ප්‍රපාතයෙන් ඉහළට ගත් ඇය වහාම 1990 ගිලන් රථ සේවාව මගින් බදුල්ල මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
Video Click here