three-of-sampaths-vehicles-seized

 අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගන්නා රසායනික ද්‍රව්‍ය බහාලුම් දෙකක් සහ අවි ආයුධ ජාවාරම් සම්බන්ධයෙන් රඳවාගෙන ප්‍රශ්න කරන විජේවික්‍රම මනම්පේගේ සම්පත් ප්‍රීති විරාජ් නම් සැකකරුට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න වටිනාකමකින් යුත් වාහන තුනක් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය

විසින් සිය භාරයට ගෙන තිබේ. මෙම වාහන අතර මෝටර් රථයක්, කැබ් රථයක් සහ මිද්දෙණිය - කොළඹ මාර්ගයේ ධාවනයට යොදවා තිබූ ලේලන්ඩ් වර්ගයේ බස් රථයක් ද වේ.


මෝටර් රථය සැකකරුගේ බිරිඳගේ නමින් ලියාපදිංචි කර ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.

බස් රථය සහ කැබ් රථය කාරියමඩිත්ත ප්‍රදේශයෙන් ද, සැකකරු පලා යාමේදී අතහැර දමා ගිය සුඛෝපභෝගී මෝටර් රථය ඇඹිලිපිටිය පොලිසිය භාරයේ තිබියදී ද සොයාගෙන තිබේ. කැබ් රථය සහ මෝටර් රථය මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගෙන ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇත. මෙම දේපළ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත භාරදීමට නියමිතය.