ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රබලයකු මෙන්ම එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ජීවන් තොණ්ඩමන් මහතාගේ විවාහ උත්සවයේ නුවරඑළිය කොටගල පැවැත්වීමට නියමිතව තිබූ සාදය, ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කල් දමා තිබේ. නුවරඑළිය සහ ඒ අවට ප්‍රදේශවලට පවතින වර්ෂා සහිත කාලගුණය සැලකිල්ලට ගනිමින් අද (30) දින පැවැත්වීමට තිබූ මෙම උත්සවය කල් දැමූ බව මන්ත්‍රීවරයා නිවේදනය කර ඇත.
පසුගිය සතියේ චෙන්නායි නුවරදී විවාහ දිවියට එළැඹුණු තොණ්ඩමන් මහතා, සිය ආරාධිතයින්ට සහ පාක්ෂිකයින්ට විශේෂ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, අවිනිශ්චිත කාලගුණික තත්ත්වය හමුවේ ගමන් බිමන් යාමේදී ඔවුන්ට ඇතිවිය හැකි අපහසුතාවයන් මගහරවා ගැනීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.
කෙසේ වෙතත්, මීට සමගාමීව කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී සිකුරාදා රාත්‍රියේ සංවිධානය කර තිබූ විවාහ මංගල සාදය දහසකට ආසන්න අමුත්තන් පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
මෙම අවස්ථාවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් සහභාගී වී සිටි නමුත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ රජයේ කිසිදු මන්ත්‍රීවරයකු ඊට සහභාගී නොවීම විශේෂත්වයක් විය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද මෙම අවස්ථාවට සහභාගී නොවූ අතර, සමගි ජන බලවේගයේ වත්මන් සහ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් ඊට එක්ව සිටිනු දක්නට ලැබිණි. හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් මෙම උත්සවයට සහභාගී වූ අතර ඔවුන් පැමිණ සිටි පිරිස සමග සුහද පිළිසඳරක නිරත විය.
මෙහිදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හමුවේ අපූරු කතාවක් කී අතර, ඔහු පැවසුවේ විපක්ෂය නියෝජනය කිරීම සඳහා කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවයි. එය වත්මන් සමගි ජන බලවේගයේ නායකත්වය ඉලක්ක කර ගනිමින් එල්ල කළ වක්‍ර විවේචනයක් ලෙස බොහෝ දෙනාගේ අවධානයට ලක්විය.පෙර පැවති විවාහ උත්සවයේ ඡායාරූප පහතින්
all photos click here
Comments
Post a Comment
Your comment will be visible after approval