sms-to-colombo-residents-asking-them-to-leave-if-they-are-in-the-low-lying-areas-of-the-kelani-river

 ඉදිරි පැය 24ක කාලය තුළ කැලණි ගංඟා නිම්නයේ පහත් බිම් ප්‍රදේශවලට මෑත ඉතිහාසයේ ඇති නොවන මට්ටමේ අධි අවදානම් ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙන අතර



එම තත්ත්වය හමුවේ ජීවිත ආරක්‍ෂා කර ගැනීම සඳහා දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස අවස්ථා කිහිපයකම අද දින අවවාද කර තිබේ. 
එහි දිගුවක් ලෙස සන්ධ්‍යා කාලයේ කොළඹ ජනතාවට DMC (ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය) මගින් SMS මගින් අවවාදාත්මක පණිවිඩයක්ද යොමු කර තිබේ. එහි ​සදහන් වන්නේ

ප්‍රධාන ගංවතුර අනතුරු ඇඟවීම -  කැළණි ගඟ දෙපස පහත් බිම් ප්‍රදේශවල ජීවත් වන පදිංචිකරුවන්ට ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස දැඩි ලෙස උපදෙස් දෙනු ලැබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය




gossiplanka image 1