
කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා යන මහත්වරුන් අතර ඇති වූ දැඩි වචන හුවමාරුවක් හේතුවෙන් පාර්ලිමේන්තු සභා ගැබ තුළ උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය විය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නැගණිය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කරන ලද මතභේදාත්මක ප්‍රකාශයක් මෙම ගැටුමට මූලික හේතුව වී ඇත.
විපක්ෂ නායකවරයාගේ සහෝදරිය ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් බැංකුවක් වෙත රැගෙන ගිය බවට අතීතයේදී චෝදනාවක් එල්ල වී තිබූ බව නාමල් කරුණාරත්න මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ දියණිය වීම හේතුවෙන් තමන් මැදිහත් වී ඇයව එම චෝදනාවෙන් බේරා ගත් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන් සමඟ ප්‍රකාශ කළ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සභාව හමුවේ කියා සිටියේය. මෙය රටම දන්නා ප්‍රසිද්ධ කාරණයක් බව ද ඔහු එහිදී අවධාරණය කළේය.
ඊට දැඩි විරෝධය පළ කරමින් අදහස් දැක්වූ මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේ අදාළ සිද්ධිය තුළ විපක්ෂ නායකවරයාගේ නැගණිය වින්දිතයෙකු පමණක් බවයි. ඇයට වංචා කළ පුද්ගලයා නීතියට හසු වී මහාධිකරණය මගින් දඬුවම් ලැබ සිරගත කර ඇති බවත්, එම පුද්ගලයා විසින් ඇයට වන්දි මුදලක් පවා ගෙවා ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. වගකිවයුතු අමාත්‍ය ධුරයක් දරන පුද්ගලයෙකු ලෙස මෙවැනි සාවද්‍ය සහ නින්දිත ප්‍රකාශ සිදු කිරීම නුසුදුසු බව පවසමින් මන්ත්‍රීවරයා නියෝජ්‍ය අමාත්‍යවරයාගේ හැසිරීම දැඩි ලෙස දෝෂාරෝපණයට ලක් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval