ramith-raises-the-middle-finger-at-the-media-video

 නීතිවිරෝධී ලෙස ධනය ඉපැයීමේ චෝදනාවකට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත්, රමිත් රඹුක්වැල්ල, අධිකරණ භූමියෙන් පිටව යෑමේදී එහි සිටි ජනමාධ්‍යවේදීන් වෙත සිය මැදඟිල්ල දිගු කරමින් අශෝභන ලෙස හැසිරී තිබේ. මෙම සිදුවීමට අදාළ දර්ශන සහ ඡායාරූප ඇතැම් මාධ්‍ය ආයතන විසින් වාර්තා කර තිබුණි. ඔහු අධිකරණයට පැමිණියේ දූෂණ විමර්ශන කොමිසම (CIABOC) විසින් ගොනු කරන ලද නඩුවකට අදාළව ඊයේ (නොවැම්බර් 11) චෝදනා පත්‍රයක් භාරදීම සඳහාය.
කෙහෙළිය පුත්‍රයා සිය විනය සම්බන්ධ ගැටලුවලට මීට ඉහතත් ලක්වූ අයෙකි. රුසියානු සුරූපිනියන් කාමරයට ගෙන්වා ගැනීම නිසා

ඔහුට ක්‍රිකට් තරග තහනමක්ද පැනවිණි. බීමත්ව ගුවන් යානයක දොරක් අරින්ට උත්සාහ දැරීම බීමත්ව රිය පදවා ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ තාප්පයක හා ගසක වැදී අලාභ කිරීම ඇතුළු ප්‍රකට සිදුවීම් ගණනාවක ඔහුගේ විනය ගැන රටම කතාවිය.



පුදුමයට කරුණ නම් ඔහු නීතිය හමුවේ දඩුවම් විඳින අතරේත් විනය සකසාගෙන නොමැතිවීමය.
රමිත් රඹුක්වැල්ල සිය පියාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ 2022 ජනවාරි 01 සිට 2023 නොවැම්බර් 14 දක්වා කාලය තුළ, රුපියල් මිලියන 296 ඉක්මවූ වත්කම් සහ දේපළ උපයාගත් ආකාරය පැහැදිලි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් දූෂණ විරෝධී පනත යටතේ මෙලෙස චෝදනා ගොනු කර ඇත. කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් හමුවේ නඩුව කැඳවූ අතර, විත්තිකරු රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කෙරිණි. තවද, ඔහුගේ ඇඟිලි සලකුණු වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝගයක් නිකුත් විය.

රමිත් රඹුක්වැල්ලගේ පියා වන කෙහෙළිය රඹුක්වැල්ල, දීර්ඝ කාලයක් තිස්සේ කැබිනට් සහ කැබිනට් නොවන අමාත්‍ය ධුර අටක් පමණ හොබවමින් දේශපාලනයේ නිරත වූවෙකි. ඔහු කලක් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධුරයද දැරීය. කෙසේ වෙතත්, එම පාලන කාලයන් තුළ ඔහුට එල්ල වූ දූෂණ චෝදනා සම්බන්ධයෙන් සමාජය හෝ විධිමත් නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාණවත් මට්ටමකින් සිදු නොවූ බවට විවේචන පවතී. වර්තමානයේ ඔහු නීතියේ රැහැනට හසුවී සිටින්නේ එදා එම චෝදනා සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගැනීමේ සහ ඊට සහයෝගය දැක්වීමේ සමස්ත ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස බව සමාජ කතිකාවතකි.




කෙහෙළිය රඹුක්වැල්ල දැරූ එම අමාත්‍ය ධුර අට සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු වූයේ නම් තවත් බොහෝ තොරතුරු අනාවරණය වීමට ඉඩ තිබූ බවට මතයක් පවතී. වසර ගණනාවක් පුරා සිදු වූ බව කියන දූෂණ ක්‍රියා ප්‍රශ්න කිරීමකින් තොරව සිදුවීමට ඉඩ හැර, ඒවාට එරෙහිව හඬ නොනැගූ ජනමාධ්‍යයට සහ මහජනතාවට, ඔහුගේ පුත්‍රයා අධිකරණ භූමියේදී මැදඟිල්ල දිගු කිරීම පුදුමයට කරුණක් නොවන බවටද අදහස් පළ වේ. මෙම සිදුවීම් හරහා හෝ ජනමාධ්‍ය සහ මහජනතාව පාඩම් ඉගෙන ගත යුතු බව එම අදහස් තවදුරටත් පෙන්වා දෙයි.

යමෙකු දෙසට මැද ඇඟිල්ල දිගු කිරීම, ලොව පුරා බහුලව හඳුනාගත් අතිශය අශෝභන සහ නින්දාසහගත හස්ත සංඥාවක් ලෙස සැලකේ. මෙය සාමාන්‍යයෙන් වෙනත් පුද්ගලයෙකු කෙරෙහි ඇති දැඩි කෝපය, පිළිකුල හෝ විරෝධය ප්‍රකාශ කිරීම සඳහා යොදාගනු ලබන අභිනයකි.

මෙම සංඥාව ඉතා අගෞරවනීය සහ ප්‍රකෝපකාරී ක්‍රියාවක් ලෙස පොදුවේ අර්ථ දැක්වෙන අතර, එය යමෙකුට ප්‍රසිද්ධියේ පරුෂ වචනයෙන් බැන වැදීමකට සමාන ලෙස සැලකේ. මෙහි ඇති අපහාසාත්මක ස්වභාවය හේතුවෙන්, බොහෝ පොදු සහ වෘත්තීය ස්ථානවලදී මෙය සම්පූර්ණයෙන්ම අනුචිත ක්‍රියාවක් ලෙස දකින අතර, රැකියා ස්ථාන, පාසල් සහ වෙනත් ආයතනවල අභ්‍යන්තර ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමක් ද විය හැකිය.විශේෂයෙන් මාර්ග ආරවුල් වැනි අවස්ථාවලදී, මෙවැනි ක්‍රියා නීතිමය ප්‍රතිවිපාකවලට පවා මඟ පෑදිය හැකිය. 

ආන්දෝලනය ඇති කළ කෙහෙලිය පුතුගෙ වීඩියෝව මෙතැනින් click here

gossiplanka image 1