ශ්‍රී ලංකාවේ පුරෝගාමී වැඩසටහන්ගත හෙවත් ප්‍රෝග්‍රැමැටික් (programmatic) වෙළඳ ප්‍රචාරණ වේදිකාව වන Adstudio.Cloud, නවීන තාක්‍ෂණය මුසුකර ගනිමින් දේශීය වෙබ් අඩවි ප්‍රකාශකයන් සහ වෙළඳ නාම සවිබල ගැන්වීමට සුවිශාල දායකත්වයක් ලබා දෙමින් සිටී. වෙබ් අඩවි නිර්මාණකරණයට සහ ප්‍රචාරණයට අද්විතීය වටිනාකමක් එකතු කරමින් ජාතියේ ඩිජිටල් මාධ්‍ය භූමිකාව ප්‍රතිනිර්මාණය කරන මෙම ආයතනය,
මේ වන විට තමන් හා සම්බන්ධ වූ වෙබ් අඩවි සංඛ්‍යාව සියය ඉක්මවා යාමේ සුවිශේෂී කඩඉම ද පසුකර තිබීම කැපී පෙනෙන කරුණකි. ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රමුඛතම දේශීය ඩිජිටල් පද්ධතිය නියෝජනය කරන Adstudio.Cloud, වෙළඳ ප්‍රචාරකයන් වෙත ඉතා සාර්ථක වර්ධනයක් ළඟා කර දීමට සමත්ව ඇත්තේ එම කඩිනම් වර්ධනයත් සමඟය.පසුගිය වසර හතරක කාලය දෙස බැලීමේදී Adstudio.Cloud ආයතනය FMCG, මූල්‍ය, ඊ-වාණිජ්‍යය, සිල්ලර වෙළඳාම සහ විදුලි සංදේශන වැනි විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ප්‍රචාරණ ව්‍යාපාර සවිබල ගන්වමින් මෙරට වෙබ් අඩවි වෙළඳ ප්‍රචාරණය තුළ පෙරමුණ ගෙන කටයුතු කර ඇත. ස්වයංක්‍රීය සහ දත්ත මත පදනම් වූ දැන්වීම් මිල දී ගැනීම් සක්‍රීය කිරීම හරහා ගෝලීය Retail Media ජාලයන්හි කාර්යක්ෂමතාව ඉහළ නංවමින් ශ්‍රී ලාංකික අලෙවිකරුවන්ට ශක්තියක් වීමට ඔවුන්ට හැකි වී තිබේ. මෙම ක්‍රියාවලිය මගින් දැන්වීම්කරුවන්ට විශ්වාසනීය දේශීය ඩිජිටල් අවකාශයන් හරහා නිවැරදිම අවස්ථාවේදී නිවැරදිම පාරිභෝගික කණ්ඩායම් වෙත ළඟා වීමේ අවස්ථාව හිමි වේ.
ගෝලීය තලයේ දැවැන්තයින් වන Amazon, Walmart සහ Carrefour වැනි සමාගම් අනුගමනය කරන දත්ත මත පදනම් වූ ඉලක්කගත ක්‍රමවේදයන්ට සමාන්තරව යමින්, ප්‍රචාරණ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත් ප්‍රකාශකයන් සඳහා නව ආදායම් මාර්ග පාදා දීමටත් Adstudio.Cloud පුරෝගාමී වී සිටී. ඉහළ Fill Rates සහ CPM අගයන් ලබා දෙමින් දේශීය ප්‍රකාශකයන්ගේ මාසික ආදායම වර්ධනය කිරීමට දායක වීම හරහා ඔවුන් මෙම ක්ෂේත්‍රය තුළ විප්ලවීය වෙනසක් ඇති කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කරයි. වැඩසටහන්ගත වෙළඳ ප්‍රචාරණය (programmatic advertising) නව මානයකට ඔසවා තැබීම ඔවුන්ගේ මෙම ක්‍රියාන්විතයේ මූලික අරමුණ වී ඇත.
මේ පිළිබඳව අදහස් දක්වන Adstudio.Cloud හි ප්‍රධාන වර්ධන නිලධාරී නරේෂ් සතාසිවම් මහතා පවසන්නේ තම ආයතනයේ අරමුණ සැමවිටම දේශීය ඩිජිටල් පරිසර පද්ධතියේ වටිනාකම ඉහළ නැංවීම බවයි. සෑම ශ්‍රී ලාංකික ප්‍රකාශකයෙකුටම ජාත්‍යන්තර මට්ටමේ තාක්‍ෂණික වාසි අත්විඳීමට අවස්ථාව තිබිය යුතු බව ඔහු විශ්වාස කරයි. Adstudio.Cloud වැඩසටහන්ගත වේදිකාව හරහා දැන්වීම්කරුවන්ට අවශ්‍ය නිරවද්‍යතාවය සහ වගවීම තහවුරු කරන අතරම, ඔවුන්ට නව ආදායම් මාර්ග විවෘත කර දීමට ද තම ආයතනය කැපවී සිටින බව හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval