ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණි විදේශීය තරුණියක් අනපේක්ෂිත අවාසනාවන්ත සිදුවීමකට මුහුණ පෑ පුවතක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දැඩි කතාබහට ලක්ව තිබේ. අදාළ සිදුවීම දැක්වෙන වීඩියෝ දර්ශන ද අන්තර්ජාලය පුරා හුවමාරු වෙමින් පවතින අතර, එමගින් සංචාරක ක්ෂේත්‍රය කෙරෙහි එල්ල විය හැකි බලපෑම පිළිබඳව ද බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අගතියට පත් විදේශීය තරුණිය විසින් පසුගිය දා සංචාරක පොලිස් කොට්ඨාසය වෙත විද්‍යුත් තැපෑල මාර්ගයෙන් නිල පැමිණිල්ලක් සිදු කර තිබේ. ඇය විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලට අනුව, පසුගිය ඔක්තෝබර් මස 25 වන දින ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කරමින් සිටියදී මෙම සිද්ධිය සිදුව ඇත. එහිදී තමා අසලට පැමිණි නාඳුනන තරුණයෙකු සිය රහස් ප්‍රදේශය ප්‍රදර්ශනය කරමින් අශෝභන ලෙස හැසිරුණු බව ඇය එම පැමිණිල්ලේ සඳහන් කර ඇත.
මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා සඳහන් කළේ අදාළ සිදුවීමට සම්බන්ධ සැකකරු මේ වන විට හඳුනාගෙන ඇති බවයි. එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය විමර්ශන කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති අතර, ඔහුට එරෙහිව කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් තහවුරු කළේය. සිදුවීමට අදාළ වීඩියෝව මෙතැනින් click here


Comments
Post a Comment
Your comment will be visible after approval