නුගේගොඩදී විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධව පවත්වනු ලබන රැලිය කිසිවෙකු රජ කරවීම සඳහා සිදු කරන්නක් නොවන බවත්, එය හුදෙක් ජනතාව වෙනුවෙන් ආණ්ඩුව ලබා දුන් පොරොන්දු ඉටු කරවා ගැනීම අරමුණු කරගත් රැලියක් බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේය. මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
වත්මන් රජය යටතේ ශ්‍රී ලංකා පොලිසිය මුළුමනින්ම දේශපාලනීකරණය වී ඇති බවට චෝදනා කළ නාමල් රාජපක්ෂ මහතා,
රටේ ජාතික ආරක්ෂාව ද බිඳ වැටී ඇති බව අවධාරණය කළේය. එසේම රජය විසින් පනවා ඇති අධික බදු බර හේතුවෙන් මේ වන විට සාමාන්‍ය ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින ආකාරය ද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
මෙවන් පසුබිමක් තුළ තමන්ට අසාධාරණයක් සිදුව ඇති බව හැඟෙන සියලුම පාර්ශවයන්ට නොවැම්බර් 21 වන දින නුගේගොඩදී පැවැත්වීමට නියමිත මෙම රැලිය සමඟ එක්වන ලෙස තමන් විවෘතව ඉල්ලා සිටින බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval