පොලිස් පරිපාලන අංශය භාර වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයේ කටයුතු කළ ලලිත් පතිනායක මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පියවර ගෙන තිබේ. විනය ක්‍රියාමාර්ගයකට යටත්ව මෙම ඉවත් කිරීම සිදු කර ඇති බව වාර්තා වන අතර, කෙසේ වෙතත් ලලිත් පතිනායක මහතා තවදුරටත් මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සිය රාජකාරි කටයුතු සිදු කරනු ලබයි.
මෙම හදිසි ඉවත් කිරීමත් සමඟ පුරප්පාඩු වූ පොලිස් පරිපාලන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා පත් කිරීමට ජාතික පොලිස් කොමිසම විසින් අනුමැතිය ලබා දී ඇත.
වර්තමාන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මේ දිනවල විදෙස් සංචාරයක නිරතව සිටින බැවින්, සංජීව ධර්මරත්න මහතා මේ වන විට වැඩ බලන පොලිස්පතිවරයා ලෙස ද කටයුතු කරමින් සිටින බව සඳහන් වේ.
මීට අමතරව, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සහ පොලිසිය සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ සිද්ධියක් මුල් කරගෙන පොලිස්පතිවරයා සහ ලලිත් පතිනායක මහතා අතර යම් මතගැටුමක් හටගෙන ඇති බව ද වාර්තා වේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත විශේෂ පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණි.
තමන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම මෙන්ම, පොලිසියේ අතිශය රහසිගත අභ්‍යන්තර ලිපිගොනු බාහිර පාර්ශ්වයන් වෙත ලබා දී ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව පොලිස්පතිවරයා සිය පැමිණිල්ල මගින් පෙන්වා දී තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval