pilots-sister-surprised-by-unions-statement-that-chamikas-flight-attendant-is-not-ours

රසිකා සේනාධීර නම් ශ්‍රී ලන්කන් ගුවන් සේවා ඒ ශ්‍රේණියේ ගුවන් නියමුවරියකට දරුවෙක්දී මගහරින ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න සම්බන්ධ පුවත මාධ්‍ය වල පළවීමෙන් පසු ඇය 'ගුවන් සේවිකාවක්' නොවන බවත් ඇය වැනි කෙනෙකු දන්නේ නැති බවත් තම වෘත්තීය කීර්ති නාමයට හානි නොකරන ලෙසත් ඉල්ලා ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් සංගමය නිවේදනයක් නිකුත් කර තිබුණි. 


මෙම නිවේදනය මගින් 'ගුවන් සේවිකාවන්' ඇඟ බේරාගන්නට දැරූ ප්‍රයත්නය සිදුවීමට මුහුණ දී සිටින කාන්තාව A320 සහ A330 වැනි ගුවන් යානා මෙහෙයවන ජ්‍යෙෂ්ඨ පළමු පෙළ නියමුවරියක වන රසිකා සේනාධීරගේ සොයුරිය හා තවත් ගුවන් නියමුවරියක වන නදීකා සේනාධිර සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ උපහාසයෙන් ප්‍රතිචාර දක්වා තිබේ.



රසිකා සේනාධීර නම් මෙම අගතියට පත් තරුණිය ගුවන් සේවිකාවක් නොව ගුවන් නියමුවරියක් වන අතර ඇය
ගෙවුන කාන්තා දිනයේදී ගෝලීය ගුවන් සේවා සන්ධානය හරහා ගුවන් සේවිකාවන්ගෙන් කාන්තා දින පණිවුඩයක්ද නිකුත් කර තිබුණි. 
එම නිල ඉන්ස්ටග්‍රෑම් පිටුවේ ඇයගේ පණිවිඩයට අදාළ වීඩියෝවක්ද පළවිය. ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙනුවෙන් අදහස් ඉදිරිපත්  ගුවන් නියමුවරිය රසිකා සේනාධීර ලෙසස එහි සටහන් විය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ කටාර් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් ලෙස කලක් කටයුතු කර ඇති රසිකාගේ සොයුරිය නදීකා සේනාධීර සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සඳහන් කර ඇත්තේ, බ්‍රිතාන්‍යයේ ස්ටැෆර්ඩ්ෂයර් (Staffordshire) විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ නීති ශිෂ්‍යාවක්ද වන තමා,  මෙරට අධිකරණ පද්ධතිය පිළිබඳව විශාල විශ්වාසයක් තබා ඇති බවයි.
එමෙන්ම සිද්ධියට අදාළව පවතින නීතිමය ක්‍රියාදාමයක් පිළිබඳව මේ අවස්ථාවේදී අදහස් දැක්වීමට තමන්ට අවසර නොමැති බව ඇය සඳහන් කර තිබේ.
“මගේ දේශීය අධිකරණ සංචාරවලදී, අපේ විනිසුරුවරුන්ගේ නිරවද්‍යභාවය, ස්වාධීනත්වය සහ අධිකරණ විචාර බුද්ධිය මම මුලින්ම දුටුවා. ඒ නිසා ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය කෙරෙහි මට විශාල විශ්වාසයක් තිබෙනවා.”
 ඇය පවසා ඇත.




එසේම ෆේස් බුක් ගිණුමෙන් ඇය ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් සංගමය මින් ඉහත  2017 වාර්තාවූ රන් සොරකම ගැන හා තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් මුණිවත රැක්ක ආකාරය උපහාසයෙන් පෙන්වාදී තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න සම්බන්ධ බිළි‍‍ඳාගේ භාරකාරත්වය පිළිබඳ නඩුවකට මැදිව සිටින සිය සමීප කන්ඩායමේ කාන්තාව නොසලකා හරිමින් සමස්ත වෘත්තියේම කීර්තිනාමයට දැඩි කැළලක් ඇතිවන බව සඳහන් කර මාධ්‍ය නිවේදනය නිකුත් කළ සංගමය එසේ කරන්නට ඇත්තේ
මුලින් ගුවන් සේවිකාවක ලෙස වාර්තා වු අවස්ථාවේ 'ගුවන් සේවිකාවන්ගේ හැටි ' මෙහෙම තමා යයි පෙන්වා දෙමින් මේ ගැන සමාජ මාධ්‍ය තුළ විශාල විවේචන විය හැකිය.

තමා සමඟ විවාහ වන ලෙස හෝ එසේ නොමැති නම් තම දරුවා වෙනුවෙන් නඩත්තු ගෙවන ලෙස ඉල්ලා ගුවන් සේවිකාවක විසින් ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට එරෙහිව නඩුව 8 වනදා යළි විභාගවේ.