gossiplanka image 1

 දිට්වා සුළි කුණාටුව හේතුවෙන් තම ආදරණීයයන් අහිමි වූ ශ්‍රී ලාංකික ජනතාවට හෘදයාංග ම ශෝකය පළ කරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී පවසයි.

X සටහනක් තබමින් ඔහු මේ පිළිබඳව සඳහන් කර ඇත.



ඔහු සඳහන් කර ඇත්තේ, බලපෑමට ලක් වූ සියලු ම පවුල්වල ආරක්ෂාව, සැනසීම සහ ඉක්මන් සුවය සඳහා මම යාඥා කර බව ය.

ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට සහය වීම සඳහා සාගර් බන්ධු මෙහෙයුම (Operation Sagar Bandhu) යටතේ සහන ද්‍රව්‍ය සහ අත්‍යවශ්‍ය සහන කණ්ඩායම් කඩිනමින් යොමු කර ඇති බව ඉන්දීය අගමැතිවරයා සඳහන් කර තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ, තත්ත්වය වර්ධනය වන්නේ නම් තවත් ආධාර සහ සහන සැලසීමට සූදානම් බව ය.




‘අසල්වැසියා පළමුව’ ප්‍රතිපත්තිය සහ ‘මහාසාගර්’ දැක්ම අනුව ඉන්දියාව ශ්‍රී ලංකාව සමග අත්‍යවශ්‍ය ම මොහොතේ සමීපව කටයුතු කරන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

gossiplanka image 2