හසලක, මිනිපේ පමුණුපුර ප්‍රදේශයේ සිදුවූ හදිසි නායයෑමක් හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් 12 දෙනෙකුට අධික පිරිසක් අතුරුදන්ව ඇති බව වාර්තා වේ.
මෙම ආපදා තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ප්‍රකාශ කර සිටියේ අතුරුදන් වූ පුද්ගලයින් සොයා මේ වන විට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි.ඇතැම් සිරුරු වගුරුවලින් හමුවී ඇති බවද වාර්තා විය.
මේ අතර බුලත්කොහුපිටිය, දේදුගල ප්‍රදේශයේ පිහිටි නිවාස පෙළක් ද නායයෑමකට හසුව ඇති බවට තොරතුරු ලැබී ඇත. දිස්ත්‍රික් ලේකම් ජේ.එම්. හේරත් මහතා සඳහන් කළේ මෙම අනතුරින් නිවාස පහක් පමණ පස් කඳු අතරට යටවී ඇති බවට වාර්තා වන බවයි.
අදාළ නිවාසවල සිටි පිරිස ද මෙම නායයෑමත් සමඟ අතුරුදන්ව ඇති බවත්, පවතින අයහපත් කාළගුණ තත්ත්වය සහ භූමියේ පිහිටීම හේතුවෙන් විපතට පත් වූවන් මුදාගැනීම සඳහා එම ස්ථානයට ළඟාවීම මේ වන විට දැඩි දුෂ්කර කාර්යයක් වී ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval