කොටහේන, ගල්වල ප්‍රදේශයේ අද රාත්‍රී 8.30ට පමණ වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වී තිබේ. ගල්වල 16 වන පටුමග ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් ඇත.
වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා වහාම කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කිරීමට පියවර ගැනුණි. කෙසේ වෙතත්, දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද රාත්‍රී 9.10ට පමණ ඔහු ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් වෛද්‍යවරුන් තහවුරු කර ඇත. මියගිය පුද්ගලයා වයස අවුරුදු 40ක් පමණ වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.