gossiplanka image 2

 කොටහේන 16 වැනි පටුමගේදී ඊයේ (07) රාත්‍රී කාලයේ සිදුවූ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා තහවුරු කළේය.



මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 13, 17 වන පටුමගේ පදිංචිව සිටි 41 හැවිරිදි එල්. ඩබ්ලිව්. ඒ. බුද්ධික ප්‍රනාන්දු නැමැත්තෙකි.

සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් අදාළ පුද්ගලයා පසුපස හඹා විත් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පලනි රිමෝෂන්ගේ පාර්ශවය විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇති අතර, මීට පෙර සිදුවූ ඝාතනයක් සඳහා යතුරුපැදියක් ලබාදීම සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත මෙම අපරාධය සිදුකරන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.
‍මෙම පුද්ගලයා අතුරු පාරක ගමන් කරද්දී පසුපස එන ඝාතකයා පිටුපසින් හිසට පිස්තෝලය තබා වෙඩි තබන අතර ඔහු වෙඩි වැදී බිම  වැටුණ පසු ටිකකින් ඝාතකයා පළායන මෝටර් රථයෙන්ද මෙම පුද්ගලයා යටකරගෙන යන අයුරු බිහිසුණු සීසීටීවී දර්ශන මගින් පෙන්නුම් කරයි. CCTV වීඩියෝව මෙතැනින් click here

gossiplanka image 1