හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අද (27) පෙරවරුවේ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර තිබේ. හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු තහවුරු කළ පරිදි, මෙම රෝහල්ගත කිරීම හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් සිදුවූවක් නොවන අතර වෛද්‍යවරුන් විසින් මීට පෙර නිර්දේශ කරන ලද
පරීක්ෂණ කිහිපයක් සිදු කිරීම සඳහා පමණක් ඔහු මෙලෙස රෝහල්ගත කර ඇත. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයේ කිසිදු විශේෂ දුර්වලතාවක් නොමැති බවද වාර්තා වේ.මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද (27) සවස නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් ඔහුට බරපතල රෝගාබාධයක් නොමැති බවත්ය. වයස්ගත වීමත් සමඟ ඇති වන සාමාන්‍ය ස්වභාවය හැරුණු විට පියාට වෙනත් විශේෂ අසනීප තත්ත්වයක් නොමැති බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
තවද හිටපු ජනාධිපතිවරයා මේ වන විටත් සුවෙන් පසුවන බව පැවසූ නාමල් රාජපක්ෂ මහතා, ඔහුගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම පක්ෂයේ ඉදිරි කටයුතු සඳහා ලැබෙන බවද මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval