mavil-aru-embankment-breaks-in-13-places-people-are-advised-to-evacuate-immediately

මහවැලි ගඟේ ජල ප්‍රමාණය දරාගත නොහැකි තරමට ඉහළ ගොස්  තිබීම හේතුවෙන්, මාවිල්ආරු සොරොව්ව සහ මාවිල්ආරු ජලාශයේ බැම්ම අද (30) උදෑසන 9.30 ට පමණ ස්ථාන 13 කින් පමණ බිඳී ගොස් ඇති බව වාර්තා පළවිය නමුත් පසුව දිස්ත්‍රික් ලේකම් වරයා දන්වා ඇත්තේ බිඳීයාමේ අවදානමක් ඇති නමුත් තවම බිඳී ගොස් නැති බවයි. නමුත් අවදානම පහව ගොස් නැතැයි ඔහු දන්වා ඇත.

ඒ අනුව

අවට පහළ සිටින ජනතාවට ඉවත්වෙන්න යයි දන්වා ඇති අතර සේරුවිල මංගලමහ විහාරය ආරක්ෂිත ස්තානයක් ලෙස නම් කර ඒ වෙත ජනතාව යොමු කරන්නට කටයුතු කර ඇත.




ඊයේ වනවිටත් අවදානම් තත්ත්වයක පැවති බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් අජිත් ගුණසේකර පවසා තිබිණි.
මාවිල්ආරු සොරොව්ව සහ මාවිල්ආරු ජලාශයේ බැම්ම ඇත්ත වශයෙන්ම අවදානම් තත්ත්වයක පවතින බවත්, කෙසේවෙතත් සොරොව්ව හෝ බැම්ම බිඳී යනු ඇතැයි අපේක්ෂා නොකරන බවත් ඔහු ඒ අවස්ථාවේදී පවසා තිබුණි.
නමුත් ඒ සමගම ඔහු පැවසුවේ නමුත්, මහවැලි ගඟේ ජලය අධික වේගයකින් ගලා යාම, මෙන්ම එම ප්‍රදේශයට ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් මාවිල්ආරු ජලාශය හා අවට ප්‍රදේශය එකම ජලාශයක් ලෙස දිස්වන බවත්, මේ නිසා සොරොව්ව හෝ වේල්ල කැඩී යාමේ අවදානමක් පවතින බවකි.