මැල්සිරිපුර, කඳුමල්ල ප්‍රදේශයේ ඊයේ (29) උදෑසන සිදුවූ හදිසි කන්දක් නායයෑමේ සිද්ධියක් හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉතා ශෝකජනක කරුණක් වන්නේ මෙම අනතුරෙන් මියගිය පිරිස අතර මාස තුනක් වයසැති කුඩා බිලිඳියක් ද සිටින බව තහවුරු වී තිබීමයි.
මෙම ස්වභාවික ආපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් නව දෙනෙකු මේ වන විට අතුරුදන් වී ඇති බව ප්‍රදේශයේ වාර්තාකරුවන් සඳහන් කරයි. ඊයේ දින සවස් භාගය වන විටත් අදාළ ප්‍රදේශයේ තවත් ස්ථාන කිහිපයක් නායයෑමේ අවදානමට සහ නායයෑම්වලට ලක්ව ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.
ප්‍රදේශය පුරා පවතින අධික වර්ෂාව සහ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මුදාගැනීමේ කටයුතු සහ සහන සේවා සැපයීම සහන කණ්ඩායම් වෙත දැඩි අභියෝගයක් වී තිබේ. අඛණ්ඩව පවතින කාලගුණ බාධා මධ්‍යයේ වුවද විපතට පත්වූවන් බේරා ගැනීමේ කටයුතු අසීරුවෙන් සිදු කෙරෙමින් පවතී.
Comments
Post a Comment
Your comment will be visible after approval