
ඊසිකෑෂ් ක්‍රමය භාවිත කරමින් නුවරඑළිය, වැලිමඩ, බණ්ඩාරවෙළ සහ කැප්පෙටිපොළ යන ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කාන්තාවක් නුවරඑළිය කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වයස අවුරුදු 50ක් වන මෙම සැකකාර කාන්තාව ‘මහරගම අක්කා’ යන අන්වර්ථ නාමයෙන් ප්‍රචලිතව සිට ඇති බව පොලිසිය පවසයි.
ඇයගෙන් මත්ද්‍රව්‍ය මිලදී ගත් පුද්ගලයින්ගේ දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව සිදුකළ මෙහෙයුමකදී හංවැල්ල ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවසක රැඳී සිටියදී සැකකාරිය අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
සැකකාරියව (06) වන දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබා ගත් නියෝග මත ඇය රඳවා සිටි නිවස වැඩිදුර පරීක්ෂා කර තිබේ. එහිදී එම නිවසේ තිබී හෙරොයින් ග්‍රෑම් 32ක් සහ මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් 1,41,000ක මුදලක් විමර්ශන නිලධාරීන් විසින් සොයා ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval