දිවයිනේ හටගෙන තිබෙන ස්වභාවික ව්‍යසන තත්වය ගැන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.එය පහත පරිදිය.
"මේ වන විට සමස්ත දිවයිනම මෙම කාලගුණික විපර්යාසයට මුහුණ දෙමින් සිටිනවා. ඒ වගේම, අවතැන් වූ හෝ යම් යම් ස්ථානවල කොටු වී සිටින ජනතාවට අවශ්‍ය සේවය ලබා දීම සඳහා, අද දිනයේ සෑම පොලිස් ස්ථානයකම විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා.
එමෙන්ම, මෙම හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි, එළඹෙන 30 වැනිදා දක්වා සියලුම තරාතිරම්වල පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවේක අප විසින් අවලංගු කර තිබෙනවා. තවද, විශේෂයෙන් දුම්රිය හෝ පොදු ප්‍රවාහන සේවාවන් බාධාවට ලක්වීම නිසා තම රාජකාරි ස්ථාන වෙත යාමට නොහැකි නිලධාරීන් සිටී නම්, ඔවුන් තමන් පදිංචි ලිපිනයට ආසන්නතම පොලිස් ස්ථාන වෙත ගොස් තම සේවය ලබා දීම සඳහා සියලුම පොලිස් නිලධාරීන් මේ වන විට සූදානමින් සිටිනවා.
ඔබ දන්නා හදිසි ඇමතුම් අංක පිළිබඳව නැවත මතක් කිරීමක් කළ යුතුයි. විශේෂයෙන් 117 ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ඔබට ඉතාමත්ම හුරුපුරුදු 119 පොලිස් හදිසි ඇමතුම් අංකය, ඒ වගේම 1990 සුවසැරිය ගිලන් රථ සේවය, 110 ගිනි නිවන හමුදාව, 113 යුද හමුදා මූලස්ථානය සහ 116 ගුවන් හමුදා මූලස්ථානය වශයෙන් නැවතත් මම මතක් කරන්නම්.
මෙම විශේෂ සහන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය යන සියලු ආයතන ඒකාබද්ධව මහජනතාව වෙනුවෙන් මේ අවස්ථාවේදී සේවය කිරීමට සූදානමින් සිටිනවා.
විශේෂයෙන් අප මහජනතාවට මතක් කළ යුතු කරුණක් තිබෙනවා. ඇතැම් පුද්ගලයින් ආපදා ස්ථාන නිරීක්ෂණයට පැමිණෙන අවස්ථා අප දැක තිබෙනවා. ඒ වගේම අප විසින් වසා දමා ඇති මාර්ගවල, එසේ වසා දමා තිබියදීත් ගමන් කිරීමට දරනු ලැබූ උත්සාහයන් අපට නිරීක්ෂණය වී ඇති අතර, අප ඒවා පාලනය කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස තමාගේ අභිමතය සහ ඕනෑකම මත ක්‍රියා කිරීමෙන් ඔබගේ වාහනයත්, එහි සිටින සෙසු පිරිසත් අනතුරට ලක්වීමේ අවදානමක් මතු වෙනවා. එනිසා අප ඉතාම ගෞරවයෙන් සහ අවධානයෙන් මතක් කර සිටිනවා, මා සඳහන් කළ එම අවදානම් තත්ත්වයන් මග හැරීමට ඔබ වගකීම් සහගතව කටයුතු කළ යුතු බව.
ඇත්තටම අප අවස්ථා කිහිපයකදී ඉල්ලීම් කිහිපයක් සිදු කළා. මේ අවස්ථාවේදී මාර්ගවල වාහන ගමනාගමනය ඉතාමත්ම අවම මට්ටමක පැවතීම ඉතා හොඳ තත්ත්වයක්. මෙවන් ආපදා අවස්ථාවක සාමාන්‍ය වාහන ගමනාගමනය අඩු නම්, අත්‍යවශ්‍ය සේවා සඳහා අපට පහසුවෙන් ප්‍රමුඛතාවය ලබා ගැනීමට හැකි වෙනවා. ඉතින් මෙම ස්වාභාවික විපත අවසන් වන තුරු ඉතාමත්ම ඉවසීමෙන් සහ සංයමයෙන් කටයුතු කරන ලෙසත්, අප ඔබ සමඟ සිටින බවත් දැනුම් දෙනවා.
තවද අපට තවත් නිරීක්ෂණයක් තිබෙනවා. සමහර තරුණියන් සහ වැඩිහිටියන් පවා ජල ක්‍රීඩාවේ යෙදීම සහ මසුන් ඇල්ලීම වැනි කටයුතු සඳහා ඉතාමත්ම වගකීම් විරහිතව ක්‍රියා කරන බව පෙනී ගොස් ඇති අතර, එවැනි අයට අවවාද කිරීමට අපට උපදෙස් ලැබී තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳවත් ඔබ අවධානය යොමු කළ යුතුයි.
ඇතැම් පුරවැසියන්ට සමහර විට මා ඉහත සඳහන් කළ දුරකථන අංක වෙත ප්‍රවේශ වීමට නොහැකි වන අවස්ථා ඇති විය හැකියි. මෙම අංක ලබා දීමේ මූලික පරමාර්ථය වන්නේ, එවැනි විටෙක තමන්ගේ මිතුරන්, ඥාතීන් හෝ හිතවතුන් මැදිහත් වී, අදාළ ප්‍රදේශවල තත්ත්වය පිළිබඳව මෙම අංක ඔස්සේ අදාළ කාර්යාල දැනුවත් කළ හැකි බව සිහිපත් කිරීමයි.
ඒ වගේම ඔබ දන්නවා පස් කඳු ආශ්‍රිතව බොහෝ අනතුරු වාර්තා වීම නිසා මේ මොහොතේ අනතුරුදායක තත්ත්වය ඉතා ඉහළ මට්ටමක පවතිනවා. එම නිසා එවැනි පස් කඳු ආශ්‍රිත ස්ථානවල ඔබට ඉතාමත්ම පැහැදිලිව අනතුරුදායක බවක් දැනේ නම්, බලධාරීන් විසින් ඔබට දැනුම් දීමට පෙර හෝ එය අනතුරුදායක යැයි ඔබට සිතේ නම්, කඩිනමින් එම ස්ථානවලින් ඉවත් වන්න. විශේෂයෙන් රජයේ අනුග්‍රහය සහිතව පාසල්, පූජනීය ස්ථාන සහ අදාළ ආරක්ෂිත ස්ථාන මේ වන විට සූදානම් කර තිබෙනවා.
ඉතින් අවදානම් බවක් ඔබට හැඟෙන විට කඩිනමින් ඉවත් වී, මෙම කටුක දින දෙක තුන තුළ ඉතාමත් පරිස්සමින් කටයුතු කරන්න. එසේ කළහොත් ඉදිරි දින කිහිපය තුළ අපට යහපත් ලෙස නැවතත් අපේ ජීවිත ආරම්භ කිරීමට හැකි වනු ඇත. වගකීම් සහිතව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු සියලුම ආයතන ඔබගේ ආරක්ෂාව සහ රැකවරණය සඳහා බැඳී සිටිනවා.
බොහොම ස්තූතියි."
Comments
Post a Comment
Your comment will be visible after approval