high-risk-flood-red-advisory-issued-for-2-rivers-and-3-streams

 වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය මගින් අද (27) දින රාත්‍රියේ නිකුත් කරන ලද නිවේදනයකට අනුව, දිවයිනේ ප්‍රධාන ගංගා සහ ඔයවල් කිහිපයක් ආශ්‍රිතව අති උග්‍ර ගංවතුර තත්ත්වයක් නිර්මාණය වී ඇති බවට රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ ජල පෝෂක ප්‍රදේශවලට අඛණ්ඩව ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ජල මාපකවල ජල මට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, මෙම අනතුරු ඇඟවීම 2025 නොවැම්බර් මස 29 වන දින රාත්‍රී 11.30 දක්වා වලංගු බව දන්වා ඇත.




මෙම හදිසි ගංවතුර අවදානම ප්‍රධාන වශයෙන් මහවැලි ගඟ, දැදුරු ඔය, මහා ඔය, කලා ඔය, මැණික් ගඟ සහ මල්වතු ඔය යන ගංගා ද්‍රෝණි ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට බලපානු ඇත. දැනටමත් මෙම ගංගා පිටාර ගැලීමෙන් අදාළ ප්‍රදේශවල මහා ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති අතර, ඉදිරි කාලය තුළ ජල මට්ටම් තවදුරටත් ඉහළ යාමේ දැඩි ප්‍රවණතාවයක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මෙම අවදානම් සහගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් අදාළ ගංගා ද්‍රෝණි අවට සහ පහත් බිම්වල පදිංචි මහජනතාව මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ගංගා දෙපස පහත් බිම්වල වෙසෙන ජනතාව හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වීමට පියවර ගන්නා ලෙසත් වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. පවතින තත්ත්වය හමුවේ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ ආපදා කළමනාකරණ අංශ වෙත ද උපදෙස් ලබා දී ඇත. 
නිවේදනය පහතින්



gossiplanka image 1