help-us-turn-off-solar-panels-ceb-asks

 වහලය මත සවිකර ඇති සූර්ය පැනල පද්ධති (Rooftop Solar) භාවිත කරන පාරිභෝගිකයින්ගෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ ඉල්ලීමක් සිදු කර තිබේ. ඒ අනුව අද දින පස්වරු 3.00 වන විට එම සූර්ය පැනල පද්ධති ස්වෙච්ඡාවෙන් ක්‍රියාවිරහිත කිරීමට පියවර ගන්නා ලෙස එම මණ්ඩලය අදාළ පාරිභෝගිකයින්ට දැනුම් දී ඇත.






පවතින ආපදා තත්ත්වය හමුවේ මේ වන විට දිවයින පුරා විදුලි ඉල්ලුම සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පෙන්වා දෙයි. මේ හේතුවෙන් ජාතික විදුලි පද්ධතියේ ස්ථායීතාව සහ විශ්වසනීයත්වය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා මෙලෙස සූර්ය පැනල තාවකාලිකව අක්‍රිය කිරීම අත්‍යවශ්‍ය වී ඇති බව විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් අවධාරණය කරයි.