
හංවැල්ල, වලව්වත්ත ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝවක් සන්තකයේ තබාගෙන සිටි විසි දෙහැවිරිදි කරණවෑමියෙකු හංවැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වලව්වත්ත ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන මෙම තරුණයා සතුව නීතිවිරෝධී මත්ද්‍රව්‍ය පවතින බවට හංවැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රාජසිංහ මහතාට ලද විශ්වාසවන්ත තොරතුරක් මත මෙම වැටලීම දියත් කර ඇත.
එම තොරතුරට අනුව ක්‍රියාත්මක වූ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එන්. පී. එස්. සිසිර කුමාර මහතා ඇතුළු පොලිස් කණ්ඩායම සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී මෙම ගංජා තොගය සොයාගෙන තිබේ. සැකකරු හංවැල්ල නගරයේ කොණ්ඩා සහ රැවුල් කැපීමේ ආයතනයක් පවත්වාගෙන යන අයෙකු බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
ඔහු තම ව්‍යාපාරික ස්ථානය උපයෝගී කරගනිමින් මෙම ගංජා ජාවාරම සිදු කර ඇති බවට පොලිසිය සැක පහළ කරයි. අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා ඉදිරි නීතිමය කටයුතු සඳහා අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval