four-opposition-mps-to-investigate-container-323

 රේගු පරීක්‍ෂාවකින් තොරව නිදහස් කළ බව කියන බහාලුම් 323ක් පිළිබඳ සිද්ධිය විමර්ශනය කිරීමට පත් කෙරෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සඳහා විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු නම් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, මුජිබර් රහුමාන්, දයාසිරි ජයසේකර සහ ෂානක්කියන්

රාසමාණික්කම් යන මහත්වරුන් එලෙස එම කාරක සභාව සඳහා නම් කර ඇති බව විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා තහවුරු කළේය.




අදාළ මන්ත්‍රීවරුන් සිව් දෙනාගේ නම් ඇතුළත් ලිපිය විපක්ෂ නායක කාර්යාලය විසින් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත ඊයේ (11) දින ලිඛිතව යොමු කළ බවද කරුණාතිලක මහතා පැවසීය. මෙම බහාලුම් නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට අදාළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව කඩිනමින් පත් කර, එහි කටයුතු ද කඩිනමින් ආරම්භ වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සඳහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් සාමාජිකයින් අට දෙනෙකු නම් කිරීමට නියමිත බවටද තොරතුරු වාර්තා වේ.