dont-wait-get-the-certificates-and-leave-home-in-a-week-and-a-half-irrigation-director-reiterates

 ‍කැලණි ගග පිටාර යාමෙන් ඇතිවිය හැකි අවදානම් ගංවතුර තත්වය ගැන මාධය හමුවක් පැවැත්වීමෙන් අනතුරුව දෙරණ නාලිකාවට පැමිණි වාර්මාර්ග අධ්‍යක්ෂ ජනරාල් අජිත් ගුණසේකර මහතා  පවතින ආපදා තත්වය ගැන නැවත අනතුරු ඇඟවීම් කළ අතර ඔහු පවසන්නේ තීරණ කල්දැමීම ජිවිතයට බලපෑ හැකි බවයි.


තම අත්දැකීම අනුව මෙම අවස්ථාවේ කළ යුතු දේ ගැන ඔහු දැක්වූ අදහස් පහත පරිදිය. 

"දැන් පවතින්නේ ඉතා දැඩි වර්ෂා සහිත තත්ත්වයක්. ඒ නිසා අපි මේ වෙලාවේ ප්‍රකාශ කරන්නේ, අවිස්සාවේල්ලේ පිහිටි ජල මාපකයේ ගංවතුර මට්ටම සහ අපට තිබෙන පැරණි අත්දැකීම් එක්ක කරපු විද්‍යාත්මක විශ්ලේෂණයකට අනුවයි. එතන ජල මට්ටම මේ කියන ගාණට ආවොත්, කොළඹ ප්‍රදේශයට මෙන්න මේ විදියට බලපානවා කියන එක තමයි අපි කියන්නේ.




එතකොට සාමාන්‍යයෙන් අපි විද්‍යාත්මකව විශ්ලේෂණය කරලා ප්‍රදේශ වශයෙන් ගත්තොත්, අධ්‍යක්ෂ ජනරාල්තුමාට කියන්න පුළුවන් වෙයිද වැඩිම අවදානමක් තියෙන්නේ මොන ප්‍රදේශවලටද කියලා? ඒ වගේම 'මෙන්න මේ ප්‍රදේශවල ඉන්න අය වැඩි විමසිල්ලෙන් ඉන්න' කියලා විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන්ද?

වැඩි අවදානමක් තියෙන්නේ කැළණි ගඟේ පහත් බිම්වලට. විශේෂයෙන්ම ගඟ දෙපැත්තේ පහත් බිම්වල ඉන්න කට්ටිය, උදාහරණයක් විදියට ගත්තොත් කොහිලවත්ත, කොටිකාවත්ත, වැල්ලම්පිටිය සහ තොටළඟ වගේ ප්‍රදේශ හැමදාම වගේ මේ දැඩි අවදානමට ලක් වෙනවා.

ඉතින් මම නම් ඉල්ලා සිටින්නේ, ඔයාලගේ කුඩා දරුවෝ, වටිනා කියන වාහන සහ විශේෂයෙන්ම අධ්‍යාපන සහතික වගේ දේවල් කල් තියා ආරක්ෂිත ස්ථානවලට අරගෙන යන්න කියලා. මේවා අරගෙන යන්න යන්නේ බොහොම සුළු මහන්සියක් වුණාට, ඒවායේ තියෙන වටිනාකම ගොඩක් වැඩියි. ඒ නිසා නිකන්ම අවදානම දිහා බලාගෙන ඉන්නවට වඩා, තමන්ගේ ආරක්ෂාව සහ ඒ දේවල වටිනාකම ගැන හිතලා, මේ වෙනුවෙන් කැප වෙන එක හොඳයි කියන එක තමයි මගේ අදහස.

හිතහිත හිටියොත් බල බල හිටියොත් ප්‍රමාද වැඩි වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මගේ අත්දැකීමේ හැටියට සතියක් එකහමාරක් වත් යයි මෙම ජල ගැල්ම ඇතිවුණ ප්‍රදේශ යතා තත්වයට පත්වෙන්න"

ඔහුගේ සම්පූර්ණ කතාවේ වීඩියෝව මෙතැනින් click here




gossiplanka image 1