මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කු රථයක් පෙරළීමෙන් සිදුවූ මාරක අනතුර හේතුවෙන් බරපතළ තුවාල ලබා සිටි උණපානේ චන්දුසිරි හිමියන් ඊයේ (10) අපවත් වී තිබේ. උන්වහන්සේ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටියහ.
උණපානේ චන්ද්‍රසිරි හිමියන්ගේ අපවත්වීමත් සමග, සැප්තැම්බර් 29 වැනිදා රාත්‍රියේ සිදු වූ මෙම ඛේදජනක අනතුරෙන් ජීවිතක්ෂයට පත් මුළු හිමිවරුන්ගේ සංඛ්‍යාව නවය (09) දක්වා ඉහළ ගොස් ඇත. එම අනතුර සිදු වූ අවස්ථාවේදීම ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩ විසූ දේශීය හා විදේශීය හිමිවරුන් අට දෙනමක් අපවත් වූහ.
අනතුරෙන් බරපතළ තුවාල ලැබූ චන්ද්‍රසිරි හිමියන් ප්‍රථමයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර, පසුව උන්වහන්සේගේ පවුලේ ඥාතීන් විසින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහල වෙත මාරු කර යවා තිබිණි.
මීට පෙර මෙම අනතුරෙන් අපවත් වූ හිමිවරුන් අතර රුසියානු ජාතික ධම්මරක්ඛිත, රුමේනියානු ජාතික ධම්මරංසි සහ ඉන්දීය ජාතික ධම්මගවේෂී යන විදේශික හිමිවරුන් තිදෙනෙකු ද වෙති. ඊට අමතරව, උඩවලව සත්තසුමන, නාවලපිටියේ උත්තරානන්ද, නුගේගොඩ විපස්සී, මල්වානේගම සමිද්ධි සහ පන්නිපිටියේ ඉන්දෝහාස යන ශ්‍රී ලාංකික හිමිවරු ද අපවත් වූ පිරිසට අයත් වෙති. ඉන් පන්නිපිටියේ ඉන්දෝහාස හිමියන් අපවත් වී තිබුණේ අනතුර සිදුවී දින දෙකකට පසුවය.
Comments
Post a Comment
Your comment will be visible after approval