ග්‍රාමීය පාලම් වැඩසටහනට අදාළව දිවයින පුරා පාලම් 326ක කොන්ත්‍රාත්තුව රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව වෙත ලබා දීම සඳහා 2021 වසරේ පෙබරවාරි 08 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී. කෙසේ වෙතත්, 2022 වසරේදී ගත් තීරණයකට අනුව, එකී ව්‍යාපෘතිය යටතේ වැඩ ආරම්භ කර නොතිබූ පාලම් 184ක ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවන ලදී.
ඉදිකිරීම් සඳහා අනුමත වූ මුල් පාලම් සංඛ්‍යාවෙන් ඉතිරි වූ පාලම් 142න් 45ක වැඩ කටයුතු මේ වන විට සාර්ථකව නිම කර ඇති අතර, තවත් පාලම් 23ක ඉදිකිරීම් වගකීම මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පවරා දී තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ තවත් ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව ඇති පාලම් 74හි වැඩ කටයුතු අඩපණ වීම හේතුවෙන් අදාළ ප්‍රදේශවල මහජනතාව මුහුණ දෙන ගමනාගමන දුෂ්කරතා අවම කිරීමේ අරමුණින්, එම පාලම් 74හි වැඩ කටයුතු රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව මගින්ම කඩිනමින් යළි ආරම්භ කර අවසන් කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval