දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත විභාග කටයුතු සඳහා නිවසේ පාඩම් කරමින් සිටියදී අලුයම් කාලයේ නාන කාමරය තුළ ඇද වැටී බරපතළ තුවාල ලැබූ විශ්වවිද්‍යාල සිසුවියක් මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලැබූ සිසුවියකි.හෙද සහ පවුල් සෞඛ්‍ය උපාධි පාඨමාලාව හදාරමින් සිටි ඇය මහනුවර හන්දෙස්ස ප්‍රදේශයේ පදිංචි එච්.එම්.එල්.ඩී ජයතිලක නැමැත්තියකි.
විශ්වවිද්‍යාලයේ සිට නිවසට පැමිණ සිටි මෙම සිසුවිය පසුගිය 06 වැනිදා අලුයම 2.00 පමණ වන තෙක් විභාගය සඳහා පාඩම් කර ඇති අතර, එම අවස්ථාවේදී නාන කාමරය වෙත ගොස් සිටියදී ලිස්සා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
ඇද වැටීමෙන් හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් ඇය මහනුවර ජාතික රෝහලේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දී තිබේ. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය ඊයේ (08) දින මියගොස් ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගලහ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval