7-middle-eastern-gangsters-willing-to-surrender

 මැදපෙරදිග රටවලට පළාගොස් සැඟවී සිටින ප්‍රධාන පෙළේ ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හත් දෙනෙකු දිවයිනට පැමිණ ආරක්ෂක අංශ වෙත භාර වීමට සිය කැමැත්ත පළ කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අනාවරණය කළේය.



විෂ මත්ද්‍රව්‍ය මෙරටින් මුලිනුපුටා දැමීමේ අරමුණින් ක්‍රියාත්මක 'රටම එකට' ජාතික වැඩසටහනට සමගාමීව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මෙහෙයුම් වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.




එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රජයට භාර වී මෙම නීති විරෝධී ජාවාරම්වලින් ඉවත් වීමට සූදානම් බවට කියා සමාව ඉල්ලා ඇති බවයි. 
මේ අයගේ නම් ඇමතිවරයා සඳහන් කරේ නැත.
රජය සතු ඉලක්ක සපුරා ගැනීම සඳහා තමන් සූදානම් බවද හෙතෙම එහිදී අවධාරණය කර සිටියේය.