gossiplanka image 1

අද (8) ආරම්භ වූ අයවැය විවාදයේදී විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කළ කතාව පහත පරිදිය.

"දැන් පොලී අනුපාතය 8ට අඩු වී තිබුණා.
රුපියල් 370ට ඉහළ ගිය ඩොලරය රුපියල් 294ට අඩු වී තිබුණා.


හැබැයි ඊයේ ජනාධිපතිතුමා උත්සාහ කළේ අවුරුද්දකින් සිදු වූ දෙයක් කියලා ඒකේ ගෞරවය (credit) ලබා ගන්නයි.
ඒක එහෙම නෙවෙයි, ඒ දේ කළ පුද්ගලයන්ට, ඒ වෙනුවෙන් කැපවුණු අයට සහ ජනතාවට අපි ඒ ගෞරවය ලබා දෙමු.
ඒ සියලුම ඉලක්ක සපුරා ගන්න මූලික වුණු එක ප්‍රධාන කාරණයක් තියෙනවා.
ඒ තමයි, බලාපොරොත්තු නොවූ ආකාරයට වාහන ආනයනය සිදු වුණා.
ඔව්, ඔබතුමන්ලා අපිට හිනා වුණා. ඔබතුමන්ලා ඇත්ත වශයෙන්ම බලාපොරොත්තු වුණෙත් නැහැ, මේ ආකාරයට, මෙච්චර වාහන ප්‍රමාණයක් ලංකාවට ආනයනය කරයි කියලා.
අපි හිතුවෙත් නැහැ.
ඒක අපිට වැරදුණා.
ඉතින් කවුරුත් නොසිතූ විදිහට රජයට බදු ආදායමක් ලැබුණා.



IMF වැඩපිළිවෙළ හරහා දැවැන්ත බදු ප්‍රමාණයක් ලබා ගනිද්දී, අපි දන්න ඉතිහාසයේ පළමු වතාවට භාණ්ඩාගාරය උතුරලා ගිහින් තියෙනවා.
හැම වෙලාවෙම ආණ්ඩුවට, භාණ්ඩාගාරයට තිබුණේ ඕඩී (OD) එකක්.
හැබැයි මේ පාර රුපියල් ට්‍රිලියනයක් වැඩිපුර මුදල් තියෙනවා පීපල්ස් බෑන්ක් එකෙයි, ලංකා බැංකුවෙයි.
එතකොට ඊයේ වැට් (VAT) බද්ද නිදහස් කරනවා වෙනුවට මොකක්ද කළේ?
වැට් බද්ද අය විය යුතු කණ්ඩායම තවදුරටත් පුළුල් කළා.
දවසකට රුපියල් ලක්ෂයක ව්‍යාපාරයක් තියෙනවා නම්, ඒ පුද්ගලයාට වැට් බද්ද පනවන්නට සිදු වෙනවා.
එතකොට ඒකෙන් මොකද වෙන්නේ?
කුඩා ව්‍යාපාරිකයාට වැට් බද්ද ගෙවන්නට සිදු වෙනවා.
ඔහු ඒක තමන්ගේ ලාභයෙන් (profit) අඩු කර ගන්නේ නැහැ.
ඒක කෙලින්ම පාරිභෝගිකයාට යනවා.
ඒ හරහා ජීවන වියදම වැඩි වෙන එක තමයි වෙන්නේ.



එතකොට අර ස්ථාවර කතා පැත්තකින් තියලා, අර ඇඟ ඇතුළේ හිටපු සතා මතුවෙලා පටන් ගත්තා, "මේකට ආණ්ඩුවට ක්‍රෙඩිට් දෙන්න බැහැ, අරක මේක" කියලා කියන්න.
මම දන්නවා වෙච්ච වැඩේ මොකක්ද කියලා.
ඊයේ එළියට බැහැලා 'වොයිස් කට්' (voice cut) එක දුන්නානේ. ඒ වොයිස් කට් එකට ලැබුණු 'කොමෙන්ට්ස්' (comments) බැලුවහම ඔබතුමා ඒවා කියවනවානේ.
ඒ කොමෙන්ට්ස්වල තනිකරම තිබුණේ, මේ අයවැය විවේචනය කිරීම ගැන එතුමාට බැනලා.
ඒ කොමෙන්ට්ස් ටික දැක්කහම තමයි අද උදේ කතාව පටන් ගන්නකොට හිතාගෙන ආවේ, "අපේ ආණ්ඩුව ආර්ථිකය ස්ථාවර කළා" කියලා කියන්න.
එතනින් තමයි ඒක පටන් ගත්තේ.
හරිද?
හැබැයි ටිකක් දුර යනකොට අර ඇතුළේ ඉන්න කෙනා එළියට ආවා."