දේශීය ලූනු කල් තබා ගැනීමේ ගැටලුවක් පවතින බවත්, ඉන්දියාවෙන් ආනයනය කරන ලූනු මාස තුනක් පමණ කල් තබාගත හැකි වුවද දේශීය නිෂ්පාදන එතරම් කාලයක් තබාගත නොහැකි බවත් වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරයි. මේ සඳහා දේශීය ගොවීන් සමඟ සාකච්ඡා කර විසඳුම් සෙවීමට බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.
රටේ අල සහ ලූනු අවශ්‍යතාවය සහ ආනයනය සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයක් නොතිබීම මෙම අර්බුදයට හේතු වූ බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.පසුගිය වසරේ ලූනු මෙට්‍රික් ටොන් 220,000ක් ආනයනය කර ඇති අතර, දේශීය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 10,000ත් 15,000ත් අතර මට්ටමක පැවතිණි. කෙසේ වෙතත්, මේ වසරේ මේ වන විට ලූනු මෙට්‍රික් ටොන් 240,000ක් ආනයනය කර ඇති අතර, පසුගිය මාස 10 තුළ ගොවීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ලූනු සඳහා රුපියල් 50ක බද්දක් පැනවූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මාසිකව ලූනු මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් පමණ පරිභෝජනය වන බවත්, සතොස සහ සුපිරි වෙළෙඳසල් හරහා ලූනු මිලදී ගැනීමට අවස්ථාව සලසා ඇති බවත් ඔහු පැවසීය. දැනට සතොස විසින් ලූනු මෙට්‍රික් ටොන් 70,000ක් මිලදී ගෙන ඇත. මෙවර දේශීය ලූනු නිෂ්පාදනය සිව් ගුණයකින් ඉහළ ගොස් ඇති බවත්, පැනවූ ආනයන බද්ද ඉවත් නොකරන බවත් අවධාරණය කළ අමාත්‍යවරයා, ලූනු කිලෝවක් රුපියල් 165 කට අලෙවි කිරීමට පියවර ගෙන ඇති බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval