එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සතියේ පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන අනාගතය පිළිබඳව අදහස් පළ කළේය.
දීර්ඝ කාලයකට පසු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු මෙවැනි මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වීම හේතුවෙන්, ජනතාව තුළ පැවති ගැටලු රැසකට පිළිතුරු ලබා ගැනීමට මෙම වැඩසටහන අවස්ථාවක් විය. මාධ්‍යවේදී කේසර විසින් මෙහෙයවනු ලැබූ මෙම සාකච්ඡාවේදී, රනිල් වික්‍රමසිංහ මහතා නැවත පාර්ලිමේන්තුවට පැමිණෙන්නේද සහ ඔහු තවදුරටත් සක්‍රීය දේශපාලනයේ නිරත වන්නේද යන්න පිළිබඳව මූලික වශයෙන් අවධානය යොමු කෙරිණි.රනිල් වික්‍රමසිංහ මහතා වසර පනහක් පුරා දේශපාලනයේ නිරත වූ වෘත්තීය දේශපාලනඥයෙකු බවත්, ඔහුට වෙනත් වෘත්තියක් කළ නොහැකි බවත් අබේවර්ධන මහතා මෙහිදී පෙන්වා දුන්නේය. රටක් මෙහෙයවන ආකාරය, ජාත්‍යන්තර සබඳතා කළමනාකරණය සහ ලෝක දේශපාලන ප්‍රවාහයට අනුගතව ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යන ආකාරය පිළිබඳව වික්‍රමසිංහ මහතාට මනා අවබෝධයක් ඇති බව ඔහු සඳහන් කළේය.
වික්‍රමසිංහ මහතා විසින් සකස් කරන ලද ආර්ථික ගමන් මග වත්මන් පාලකයින් විසින් නොදැනුවත්කම මත වෙනස් කරමින් පවතින බවට හිටපු අමාත්‍යවරයා චෝදනා කළේය. ඔහු වත්මන් ආර්ථික තත්ත්වය පැහැදිලි කළේ නිවසක වැඩිහිටියෙකු විසින් සුරක්ෂිතව තබා ඇති මුදල් පොට්ටනියකට සමාන කරමිනි. රනිල් වික්‍රමසිංහ මහතා ඉතිරි කර ගිය එම මූල්‍ය ශක්තිය වියදම් කළ හැකි වුවද, එය තවදුරටත් වර්ධනය නොවන බවත්, මේ හේතුවෙන් රටේ ආර්ථිකය දිනෙන් දින පිරිහෙමින් පවතින බවත් ඔහු අවධාරණය කළේය. ජාතියේ අවශ්‍යතාව වෙනුවෙන් ඕනෑම අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මහතාගේ සේවය නැවත ලබා ගැනීම ඉතා සරල කාරණයක් බව වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval