ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එමඟින් අත්‍යවශ්‍ය සේවා බවට පත්කර ඇති සේවා අතරට විදුලිය,ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් ඇතුළුව ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අයත් වන අතර රෝහල්, ජල සැපයුම, පොදු ගමනාගමන සේවා, ආහාර හා අත්‍යවශය ද්‍රව්‍ය සැපයීම,ගිලන් රථ සේවා, මහා බැංකුව සහ සියලුම රාජ්‍ය බැංකු, රක්ෂණ සේවා, වාරිමාර්ග සම්බන්ධ සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කර ඇත. එම 15 පහත පරිදිය.
1.විදුලි බලය සැපයීම සම්බන්ධව සියලු සේවාවන්
2.ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් ඇතුළුව ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම
3. රෝහල්වල සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතන වල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්කරයක සියලු සේවා, වැඩ හෝ ශ්‍රමය
4. මගින් හෝ බඩු ප්‍රවාහනය සඳහා වූ පොදු ගමනාගමන සේවා
5.මංමාවත්, පාලම්, බෝක්කු, ගුවන් තොටුපළවල්, වරාය සහ දුම්රිය මාර්ග ඇතුළුව, මංමාවත්, දුම්රිය මාර්ග හෝ ගුවන් මගින් ගමනාගමන සේවා, සංචාරක සේවා සඳහා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යාම
6.ජලය සැපයීම සහ ජලාපවහනය සම්බන්ධ සියලු සේවාවන්
7.ආහාර හා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීම, ආරක්ෂා කිරීම සහ බෙදාහැරීම සම්බන්ධ සියලු සේවාවන්
8.සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, කෘෂි පර්යේෂණ සහකාර, ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරීන්, කලින් ශ්‍රී ලංකා කේන්ද්‍රිය කණ්ඩායම් නිලධාරීන් ඇතුළු සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යර්යාලයන්හි ක්ෂේත්‍ර මට්ටමේ නිලධාරීන් විසින් ඉටු කළ යුතු වන්නා වු හෝ ඉටු කිරීමට අවශ්‍ය වන්නා වූ කවර වුව ස්වභාවයේ සියලුම සේවාවන්, වැඩ හෝ ශ්‍රම දායකත්වය.
9.ගිලන් රථ සේවාවන්
10. ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළුව සියලුම රාජ්‍ය බැංකු හා රක්ෂණ සේවා කටයුතු.
11. ජලය සැපයීම, විදුලි බලය, ජලාපවහනය සහ කසළ කාණු ක්‍රමය, ගිනි නිවීමේ හා ගිලන් රථ සේවය, (අසුචි ගෙන යාම හා බැහැර කිරීම ඇතුළුව) කසළ ශෝධනය සහ කුණු ඉවත් කිරීම සඳහා යම් පළාත් පාලන ආයතනයක් මගින් කර ගෙන යනු ලබන යම් කාර්යභාරයක් සහ පළාත් පාලන ආයතන මගින් සිදු කරන සියලුම සේවාවන්
12. වාරිමාර්ග සම්බන්ධ සියලු සේවාවන්
13. දුරකථන, විදුලි සංදේශ සහ මාධ්‍ය සම්බන්ධ සියලු සේවාවන්
14. පහත් බිම් ගොඩ කිරීම සහ සංවර්ධනය කිරීම සම්බන්ධ සියලුම සේවාවන්
15. කෘෂි සහ කෘෂි රක්ෂණ සේවා සම්බන්ධ සියලු සේවාවන්
Comments
Post a Comment
Your comment will be visible after approval